බෙල්ජියමේ “රතු යක්ෂයින්” සහ ලෝක කුසලාන බලාපොරොත්තු

1934
@AFP PHOTO

රුසියාවට පියාසර කළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 3 වැනි ස්ථානයට හිමිකම් කියන බෙල්ජියම කණ්ඩායම තරගාවලිය තුල සිටින තවත් පෙරළිකාරී කණ්ඩායමකි. 1930 වසරේ දී පැවති පළමු ලෝක කුසලානයට සහභාගී වූ බෙල්ජියම පිළිවෙළින් ඇමරිකා එක්සත් ජනපදය සහ පැරගුවේ කණ්ඩායම් හමුවේ ගෝල 3-0ක් සහ 1-0ක් ලෙස පරාජයට පත්විය.

වසර 16 අභිමානය නැවතත් සොයා යන මෙසී සහ ආර්ජෙන්ටිනාව

ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානය හිමි කරගෙන සිටින ආර්ජෙන්ටිනා..

1986 ලෝක කුසලාන චාරිකාවේ පළමු වටයේ දී ඉරාකය ගෝල 2-1ක් ලෙසත්, මෙක්සිකෝව හමුවේ ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණ හිමි කර ගත් බෙල්ජියම, පැරගුවේ සමඟ පැවති තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වූ නමුත් මෙක්සිකෝව හමුවේ ගෝල 2-1ක් පරාජයට පත්විය.

Belgium Team at 1986 World Cup

දෙවන වටයේ දී සෝවියට් දේශයට එරෙහිව අමතර කාලයේ දී වාර්තා කළ ජයග්‍රාහී ගෝලයත් සමඟ ගෝල 4-3 ජයක් සමඟින් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට බෙල්ජියම් කණ්ඩායම සමත් විය.

එහි දී ප්‍රතිවාදි ස්පාඤ්ඤයට එරෙහිව දඬුවම් පහර 5-4ක් ලෙස ජයග්‍රහණය කරමින් අර්ධ අවසාන තරගයට සුදුසුකම් ලැබීය. නමුත් එම වසරේ ශූරයන් බවට පත් වූ ආර්ජෙන්ටිනා කණ්ඩායමට එරෙහිව ගෝල 2-0ක් ලෙස පරාජයට පත් විය. 1986 ලෝක ශූරතා සිහිනය බොඳ කර ගනිමින් නැවත සිය රට බලා පියාසර කිරීමට බෙල්ජියම් කණ්ඩායමට සිදු විය. තෙවැනි ස්ථානයේ ගෞරවය රැක ගැනීමේ තරගයෙන් ඔවුන් පරාජය වූ නමුත් 1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිව්වැනි ස්ථානය දිනා ගනිමින් සාර්ථක තරගාවලියක අවසානය සනිටුහන් කළේය.

මායාකාර හැරී කේන් එංගලන්තයට ජයගනෙද්දී ලුකාකු පැනමාව බිඳ දමයි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද (18) දිනයේ පළමු තරගය ලෙස කොරියාව..

බෙල්ජියමේ ලෝක කුසලාන ප්‍රවේශය

යූරෝ කුසලාන තරගමාලාව බෙල්ජියානු කණ්ඩායමේ ලෝක කුසලාන ප්‍රවේශය තීරණය කළ කඩඉම විය. “H” කාණ්ඩයෙන් බෙල්ජියම සමඟ Greece, Bosnia, Estonia, Cyprus සහ Gibraltar යන රටවල් තරග කළේය. එහි දී බෙල්ජියම තරග 10කට මුහුණ දෙමින් ඉන් තරග 9ක් ජයග්‍රහණ කිරීමට සමත් විය. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කර ගනිමින් “H” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වීම නිසාවෙන් 2018 ලෝක කුසලානයට පිවිසීමේ වරම ඔවුන්ට හිමි විය.

Estoniaට එරෙහිව ගෝල 9-1ක් සහ Gibraltarට එරෙහිව ගෝල 9-0ක දැවැන්ත ජයග්‍රහණ වාර්තා කිරීමට බෙල්ජියම සමත් විය. යුරෝපීය කලාපයෙන් 2018 පාපන්දු ලෝක කුසලානයට වරම් දිනූ පළමු  කණ්ඩායම බෙල්ජියම යි.

බෙල්ජියමේ පුහුණුකරු සහ තරග රටා ආකෘතිය

වසර 2016 යුරෝපීය කුසලානයේ දී බෙල්ජියම දැක්වූ අසාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් සේ සලකා එවක බෙල්ජියම හිටපු පුහුණුකරු  Marc Wikmots සිය පුහුණුකාර ධූරයෙන් නෙරපා දැමීමට එරට පාපන්දු සංගමය තීරණය කළේය. පසුව නව පුහුණුකරු ලෙස ස්පාඤ්ඤ ජාතික Roberto Martinez කැඳවනු ලැබීය.

44 හැවිරිදි Martinez හට මේ දක්වා සිය වගකීම එතරම් පහසු අභියෝගයක් වූයේ නැත. මන්ද මීට පෙර ජාතික කණ්ඩායම් පුහුණුකාර  අත්දැකීම් නොතිබුණ නිසාවෙනි. නමුත් 2013 වසරේ දී FA කුසලානයේ ශූරයින් වන Wigan Athletic F.C. කණ්ඩායමේ පුහුණුකරු ලෙස Martinez කටයුතු කර ඇත.

Roberto Martinez and Thierry Henry

බෙල්ජියම් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස හිටපු සුපිරි ක්‍රීඩක Thierry Henryගේ සේවය ලබාගෙන ඇත. Martinez සහ Henry සුසංයෝගය විසින් බෙල්ජියම් කණ්ඩායමට සුපිරි ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සමඟ ලෝක කුසලාන සිහිනය රතු යක්ෂයින් යන විරුදාවලිය ලත් බෙල්ජියම කණ්ඩායම කැඳවා ගෙන යා හැකි වනු ඇතැයි එරට ක්‍රීඩාලෝලීන් විශ්වාසය පළකර සිටියි.

බෙල්ජියම සුදුසුකම් ලැබීමේ තරගාවලිය තුළ අතිසාර්ථක ප්‍රතිඵල නෙළාගත් 4-3-2-1 තරග ආකෘතිය රුසියාවේ දී බොහෝ විට නැවත ක්‍රියාත්මක කිරීමට බොහෝ සේ ඉඩකඩ ඇත.

බෙල්ජියමේ දක්ෂතා සහ දුබලතා

මෙවර බෙල්ජියම් කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රබලතම සංචිතය කැඳවා ඇති බව අවිවාදයෙන්ම පිළිගත හැක. එංගලන්තයේ ප්‍රබල ක්‍රීඩා සමාජ කිහිපයක් වෙනුවෙන් බෙල්ජියම් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම නියෝජනය කරනු ලබයි. Chelsea ක්‍රීඩා සමාජය වෙනුවෙන් ජාතික කණ්ඩායමේ නායක ඉදිරි පෙළ ක්‍රීඩක Eden Hazard සහ ගෝල රකින ක්‍රීඩක Thibaut Courtois, Manchester City ක්‍රීඩා සමාජය වෙනුවෙන් මැදපෙළ ක්‍රීඩක Kevin De Bruyne, Manchester United සඳහා Romelu Lukakku යන ක්‍රීඩකයින් සේම Mertens සහ Carassco වැනි ක්‍රීඩකයින්ගෙන් සමන්විත රතු රාක්ෂයින් මෙම තරගාවලියේ ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාවක් ඇති කණ්ඩායමකි. දක්ෂතාවය සහ ක්‍රීඩාශීලීත්වය මෙන්ම විශිෂ්ටත්වය රැගෙන පැමිණි ක්‍රීඩකයින්ගෙන් බෙල්ජියම සමන්විත බව ප්‍රකට රහසකි.

“අපගේ හැකියාවන් පිළිබඳව නිසි වැටහීමක් තිබෙනවා. හොඳ දක්ෂ ක්‍රීඩකයින් සිටිනවා. අපි එංගලන්තය, ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවල ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ නියෝජනය කරනවා. ඒ නිසා අත්දැකීම් බහුල විශේෂිත වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විතයි. අපට දැන් ජයග්‍රහණ අවශ්‍යයි.” බෙල්ජියම් කණ්ඩායමේ නායක Eden Hazard මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.

බෙල්ජියම කණ්ඩායමේ පුහුණුකරු Roberto Martinez සතුව ලෝක කුසලාන අත්දැකීම් නොමැති කම ක්‍රීඩාලෝලීන් හට මෙන්ම කණ්ඩායමට විශාලතම අභියෝගයක් වනු ඇත. කෙසේ නමුත් සහය පුහුණුකරු වන Thierry Henryගේ ලෝක කුසලාන තරග අත්දැකීම් බෙහෙවින් ඉවහල් වනු ඇත.

බෙල්ජියම සතු ප්‍රබලතම ක්‍රීඩකයින්

Eden Hazard & Kevin De Bruyne

Eden Hazard විසින් කණ්ඩායම මෙහෙය වන අතර ඔහු සිය නායකත්ව කර්තව්‍යය මැනවින් ඉටු කරමින් සිටියි. Eden Hazard යනු අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන සුපිරි ක්‍රීඩකයෙක් වන අතර විශිෂ්ටයෙකු ලෙස හැඳින්වීමට හැකි ක්‍රීඩකයෙකි. තවද බෙල්ජියම ලෝක කුසලාන සිහිනය කරා  රැගෙන යා හැකි ක්‍රීඩකයෙකු ලෙස ඔහුව සඳහන් කළ හැක.

Kevin De Bruyne බෙල්ජියම සතු තවත් ලෝක පූජිත ක්‍රීඩකයෙකි. ඔහු MU ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර FA කුසලාන තරගාවලිය ශූරතාව දිනා ගැනීම මෙහිලා අති විශිෂ්ට සේවයක් සිදු කරන ලදි.

Thibaut Courtois යනු බෙල්ජියම කණ්ඩායමේ ගෝල රකින්නා වේ. Chelsea ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන Thibaut Courtois, MU පරාජයට පත් කරමින් FA ශූරතාවය දිනා ගත් Chelsea ක්‍රීඩා සමාජයේ, ගෝල රකින්නා බෙල්ජියම සතු තවත් තරග දිනවන්නෙකි.

Michy Batshuayi & Thomas Meunier

බෙල්ජියමේ වඩාත් අවධානය දිනා ගත හැකි තරු

Thomas Meunier සහ Michy Batshuayi යනු වැඩි අවධානයක් දිනා ගත හැකි ක්‍රීඩකයින් දෙදෙනෙකි. Thomas Meunier බෙල්ජියමේ පසුපෙළ සහ Michy Batshuayi යනු Romelu Lukakkuට පසු බෙල්ජියම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මොහොතක ක්‍රියාත්මක විය හැකි ක්‍රීඩකයින් දෙදෙනෙකි. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මෙම ලෝක කුසලානයේ දී විශිෂ්ට දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

සංචිතය

  • Goalkeepers: Koen Casteels, Thibaut Courtois, Simon Mignolet
  • Defenders: Toby Alderweireld, Dedryck Boyata, Vincent Kompany, Thomas Meunier, Thomas Vermaelen, Jan Vertonghen
  • Midfielders: Yannick Carrasco, Kevin de Bruyne, Mousa Dembele, Leander Dendoncker, Marouane Fellaini, Eden Hazard, Thorgan Hazard, Adnan Januzaj, Dries Mertens, Youri Tielemans, Axel Witsel
  • Forwards: Michy Batshuayi, Nacer Chadli, Romelu Lukaku

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<