ශ්‍රී ලංකා කාන්තාවන් සුපිරි 6 දෙනාගේ වටයට

322

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තෙවැනි දිනයේ (13) ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තාවන් සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තාවන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර එම තරග වටයෙන් කණ්ඩයම් 4ක් ලෝක කුසලාන තරගාවලිය සඳහා තේරීපත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තාවෝ දෙවන ජයත් වාර්තා කරති

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ හතරවැනි දිනයේ (11) පැවති තරගයකින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය. මෙම තරගය නන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩාංගණයේ දී සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම අතර පැවැත්විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ තායිලන්ත කාන්තාවන් විසිනි. මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් ඔවුන්ගේ කඩුලු දවා ගැනීම ආරම්භ කලේ ආරම්භක ලකුණු සංඛ්‍යාව ලකුණු 5ක් ව තිබියදීය.

මෙම තරගයේ දී ද පසුගිය තරගය මෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූයේ පන්දුයවන්නියන්ය. චමරි පොල්ගම්පොල සහ ඉනොෂි ප්‍රියදර්ශනී අතර කඩුලු 1 බැගින්ද, එෂානි ලොකුසුරියගේ, ඉනෝකා රණවීර සහ ශ්‍රීපාලි වීරක්කොඩි අතර කඩුලු 2 බැගින් ද බෙදී යන්න ලදි.

ලකුණු 123ක ඉලක්කයක් හඹා යන්නට ප්‍රථමයෙන්ම පිටියට පිවිසියේ චමරි අතපත්තු සහ නිපුනි හංසිකා යි. චමරි ලකුණු 16ක් ද, හංසිකා ලකුණු 38ක් ද ලබා සිටිය දී දැවී යන ලදි. එමෙන්ම අවාසනාවන්ත ලෙස ලකුණු 49ක් ලබා සිටිය දී චමරි පොල්ගම්පොල දැවී ගිය අතර හර්ශිතා මාධවී සහ දිලානි මනෝදරා නොදැවී සිටිමින් ඉලක්කය පසු කිරීමට සමත් විය. ඉනිමේදී තායිලන්ත කඩුලු රකින්නියන් අගනා පන්දු රැකීමක නිරත විය. පන්දු 72ක් ඉතිරිව තිබිය දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තාවන් සමත් විය. තරගයේ වීරවරිය චමරි පොල්ගම්පොල.

අනෙකුත් තරග ප්‍රතිඵල  

සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම – 60(28.5/50) V ඉන්දියානු කාන්තා කණ්ඩායම – 101/4(25.2/50) ඉන්දියානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම – 91(39.1/50)  V පකිස්ථාන කාන්තා කණ්ඩායම 94/4(27.1/50) පකිස්ථාන  කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

පැපුවා නිවු ගිනීයා කාන්ත කණ්ඩායම-218/7(50/50)  V  දකුණු අප්‍රිකානු කාන්ත කණ්ඩායම – 77(13.5/50) දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 46ක ජයක්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට