කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි දිනය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර 5 වන තරගය අද (8) පී සරා පිටියේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ආරම්භය විශාල පරාජයකින්

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායම, අද පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පවතී පළමු තරගයේදීම ඉන්දියාව හමුවේ ලකුණු 114කින් පරාජයට පත්විය.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත්  ශ්‍රී ලංකා කාන්තාවන් පළමුව පන්දුවට පහරදෙමින් තරගය ආරම්භ කළේය. ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කරමින් චමරි අතපත්තු සහ එෂානි ලොකුසූරිය පිටියට පැමිණියත් ආරම්භක සබඳතාව ලකුණු 24ක්ව තිබිය දී පළමු කඩුල්ල ලෙස ලොකුසූරිය ලකුණු 14කට දැවී යනවාත් සමඟම ඊලග පන්දුවාරයේදී දෙවැනි කඩුල්ල ලෙස අතපත්තු ලකුණු 6ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට ලක්විය.

තරගයේ හොඳම සබඳතාව තුන්වන කඩුල්ලට ලකුණු 72ක් එක් කල හංසිකා පෙරේරා සහ ප්‍රසාදිනී වීරක්කොඩි ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කල අතර හංසිකා පෙරේරා තුන් වෙනි කඩුල්ල ලෙස ලකුණු 30ක් රැස් කර දැවී යන්නට විය. ඉනිමේ හොඳම ලකුණුලාභියා වූ වීරක්කොඩි ලකුණු 61ක් රැස් කරන ලදී. මැදපෙළ පිතිකාරිනි ඩිලානි මනෝදරා නොදැවී රැස් කල ලකුණු 53 ශ්‍රී ලංකා ලකුණු පුරුව 200 සිමාව පසු කර ශ්‍රී ලංකා ඉණිම පන්දුවාර 50 තුලදී කඩුලු 8කට ලකුණු 239ක් වශයෙන් සටහන් කිරීමට සමත් විය. මනොදරාගේ සහයට අනෙකුත් ක්‍රීඩිකාවන් සියල්ලන්ම මනා සහයෝගයක් ලබා දෙමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් හැර අනෙකුත් සියල්ලන්ම ලකුණු 10යේ සිමාව පසු කරන ලදී. පන්දු යැවීමේදී සිසිලියා ජොයිස් කඩුලු 4ක් දවාගන්නට විය.

අයර්ලන්ත ඉණිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ මේරි වොල්ඩ්‍රන් සහ සිසිලියා ජොයිස් දෙපලයි. පළවෙනි කඩුල්ල ලකුණු 4කට සිමා කරමින් ලකුණු 4ක් ලබා සිටි ජොයිස් දැවී ගියාත් සමඟ අයර්ලන්ත ඉනිම ශක්තිමත් කරමින් තම කණ්ඩායම සඳහා ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 සිමාව පසු කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ අසීරු විය.

තනිව සටනක යෙදුනු ක්ලෙයා ශේලින්ග්ටන් පන්දු 57කදි ලකුණු 36ක් රැස් කර කණ්ඩායමේ මුළු ලකුණු 50 ඉක්මවීමට සහය විය. සුපිරි පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පන්දුවාර 36කදි ලකුණු 93කට සියල්ලන්ම දවා ගැනීමට තරම් දක්ෂ විය. ඉනෝක රණවීර සහ ශ්‍රීපාලි වීරක්කොඩි අතර කඩුලු දෙක බැගින් බෙදී ගිය අතර ඉනොෂි ප්‍රියදර්ශනී ඉනිමේ වැඩිම කඩුලුලාභියා ලෙස කඩුලු 3ක් දවා ගන්නට සමත් විය. තරගයේ ජය ලකුණු 146කින් ශ්‍රී ලංකා කාන්තාවන් සනිටුහන් කරන්නට විය. තරගයේ  විරවරිය ඉනොෂි ප්‍රියදර්ශනී.

මීළඟ තරගය සිම්බාබ්වේ කාන්තා කණ්ඩායමට එරෙහිව එළඹෙන 11 වන දින නන්ඩිස්ක්රිප්ට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.


අනෙකුත් තරග ප්‍රතිඵල  

තායිලන්ත කාන්තා කණ්ඩායම – 55 V ඉන්දියානු කාන්තා කණ්ඩායම –  59/1 (12.4/50) – ඉන්දියානු කාන්තා කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම – 142 V දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම – 143/4 (33.1/) – දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

පකිස්ථාන කාන්තා කණ්ඩායම – 227 V බංගලාදේශ කාන්තා කණ්ඩායම – 160 (49.3/50) පකිස්ථාන කාන්තා කණ්ඩායමට ලකුණු 67ක ජයක්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට