පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක සෙවණැලි පිළිබඳව ශ්‍රී ලංකාවට ඉඟියක්?

206

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 73ක සහභාගිත්වයෙන් 2022 වසරේ ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා එංගලන්තයේ බ්‍රිමින්හැම් හිදී පැවැත්වීමට නියමිත 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරග ඇතුලත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉල්ලීමක් කර ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසා සිටී.

ප්‍රබල තුරුම්පු කිහිපයක් නවසීලන්ත තරගාවලියට සූදානමින්

පසුගිය දා නිමා වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුර ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට විවිධ සිදුවීම්, විවිධ ආබාධවලට මුහුණ දීමට සිදු වූයේ එංගලන්ත…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව එංගලන්තයේ සත්කාරකත්වය ඇතිව 2022 වර්ෂයේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරග එකතු කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය හා එම ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව සමඟ එක්ව පවත්වනු ලබන සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධව අවසන් තීරණයකට එළඹෙන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තවද එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ඇතුළත් කිරීමට අනුමැතිය ලැබුණහොත් එම ක්‍රීඩා උළෙල ඉතිහාසයට එකතු වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කළ දෙවන අවස්ථාව ලෙසටයි.

මීට පෙර 1998 වසරේ දී ද එම ක්‍රීඩා උළෙලේ ඉසව් අතරට පිරිමි එක්දින ක්‍රිකට් තරග ඇතුළත් කර තිබුණු අතර එහි රන් පදක්කම දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ ඕස්ට්‍රේලියාව කඩුලු 4කින් පරාජයට පත් කරමිනි. එමෙන්ම එම ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් වෙනුවෙන් පැවති තරගයක දී නවසිලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 51කින් පරාජයට පත්වෙමින් සිව්වැනි ස්ථානය දිනාගෙන තිබේ.

ආසියානු නැගීඑන ක්‍රිකට් තරගාවලිය ලබන මස මූලදී

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තුන්වැනි නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2018 වසරේ දෙසැම්බර් මස 6 සිට 15 දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී…

2018 වසරේ අප්‍රේල් මස 15 වැනිදා නිමා වූ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5ක් සමඟ සමස්ත පදක්කම් 6ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණේ සමස්ත පදක්කම් සටහනේ 31 වැනි ස්ථානය දිනා ගෙනයි. අනාගතයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් යම් හෙයකින් අන්තර්ගත වුවහොත් යම් පදක්කම් බලාපොරොත්තුවක් තබා ගැනීමට ද ශ්‍රී ලංකා වාසී ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව උදා වෙනු ඇත.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතර සබඳතාවයක් ඇති කිරීම මඟින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකි වන බව  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචඩ්සන් මහතා පවසා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<