අතපත්තුගේ උත්සාහය අපතේ යැවූ ගාලු ක්‍රීඩිකාවෝ

400

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙසින් තමන්ගේ සිදුවෙන යම් හෝ ප්‍රමාදයක් තරගාවලියේ තීරණාත්මක තරගයේ දී වෙනසකට හේතු වේ යැයි දැන සිටිය ද එයම අවාසියක් කර ගත් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් දඹුල්ල ක්‍රීඩිකාවෝ අද (10) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී ගාලු ක්‍රීඩිකාවන් ඉදිරියේ පරාජය වෙමින් ශූරතාව ද අහිමි කර ගත්හ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සුපිරි පළාත් සටන ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත පන්දුවාර කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය මේ…

පළමුවෙන් පන්දුවට පහර දුන් හසිනි පෙරේරාගේ නායකත්වයෙන් යුත් ගාල්ල ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 192ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුල්ල ක්‍රීඩිකාවන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 163ක් පමණි. ඔවුන්ට ප්‍රතිවාදි ඉලක්කයක හඹා යෑමට තවත් පන්දු 11ක් ඉතිරිව තිබුණ ද කඩුලු කිසිවක් ඉතිරිව නොතිබුණි. තරගයේ විසඳුමෙහි වාසිය ගාල්ල නමින් ලියැවුණේ ලකුණු 29කිනි.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ නායිකාවගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් කැපී පෙනෙන පිතිකාරිනිය බවට පත් වූයේ ප්‍රසාදිනී වීරක්කොඩි ය. ඇය පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා ය.

ඊට අමතරව මල්ෂා ෂෙහානි ද ලකුණු 40ක් ලබා ගත්තා ය. ඇය ඒ වෙනුවෙන් පන්දු 58කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් ඊට ඇතුලත් කර ගත්තා ය.

ඔවුන් මේ ඉනිම මේ ආකාරයෙන් ගොඩ නැගුවේ පළමු කඩුලු දෙකම පළමු පන්දුවාරයේ දී අහිමි කර ගනිමිනි. ඉනිමේ හොඳම ලකුණු සබඳතාව තෙවැනි කඩුල්ලට එක් කිරීමට ප්‍රසාදිනී වීරක්කොඩි සහ ශෂිකලා සිරිවර්ධන සමත් විය. ඒ ලකුණු 58ක සබඳතාවකි. එහි දී ශෂිකලා සිරිවර්ධන පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා ය.

කුසල් සහ දික්වැල්ල ලකුණු අතරට පිවිසෙමින් බලාපොරොත්තු දල්වති

පළමු ඉනිමේ අසාර්ථක වූ ශ්‍රී ලංකා සෑම පිතිකරුවෙක්ම දෙවැනි ඉනිමේ දී සාර්ථක වෙමින් එළඹෙන…

පන්දු යැවීමේ දී මද වේගපන්දු යැවූ උදේශිකා ප්‍රබෝදිනි ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා ය. ඇයට අමතරව හංසිමා කරුණාරත්න සහ කවීෂා දිල්හාරි කඩුලු දෙකක් බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩිකාවෝ ආරම්භයේ සිටම තරගය සියතට ගනිමින් කටයුතු කරනු දැක ගත හැකි විය. එහි දී නායිකා චමරි අතපත්තු අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානය තෙක් ගෙන ඒමට සමත් වූවාය.

ඇය පළමු කඩුල්ල වෙනුවෙන් රෙබේකා වැන්ඩර්ට් (15) එක්ව ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය. ඉන්පසුව නැවත තෙවැනි කඩුල්ල වෙනුවෙන් කවීෂා දිල්හාරි (13) හා එක් වෙමින් ලකුණු 43ක සබඳතාවකට දායක විය.

දඹුලු ඉනිම ලකුණු 95ක් වෙද්දී චමරි අතපත්තුගේ ඉනිම අවසන් විය. ඒ වෙද්දී ඇය පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා ය. ඇයට අමතරව ඩිලානි මනෝදරි පන්දු 49ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 27ක් ද, ජිමන්ජ්ලී විජේනායක පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා ය.

ඉහළ පහළ යමින් තිබූ දඹුලු ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ජිමන්ජලී විජේරත්න සහ ඩිලානි මනෝදරා එක්ව ලකුණු 60ක සබඳතාවක් එක් කළ ද, අවසන් කඩුලු 4 ලකුණු 13ක් තුළ නැවත ක්‍රීඩා විවේකාගාරයට යවමින් ගාලු ක්‍රීඩිකාවෝ තමන්ගේ ජයග්‍රහණය ස්ථීර කර ගත්හ.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එහි දී සත්‍යා සංදීපනී ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත් අතර සුගන්ධිකා කුමාරි ලකුණු 22කට කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක් විය.

ගාල්ල කාන්තා කණ්ඩායම; කඩුලු 9ක් දැවී 192 (50) ප්‍රසාදිනී වීරක්කොඩි 41, මල්ෂා ෂෙහානි 40, ශෂිකලා සිරිවර්ධන 26, නිලක්ෂි ද සිල්වා 25, උදේශිකා ප්‍රබෝදනී 3/29, හංසිමා කරුණාරත්න 2/42, කවිෂා දිල්හාරි 2/44

දඹුල්ල කාන්තා කණ්ඩායම; සියලුම දෙනා දැවී 163 (48.1) චමරි අතපත්තු 53, ඩිලානි මනෝදරා 27, ජිමන්ජලී විජේනායක 20, සුගන්ධිකා කුමාරි 2/22, සත්‍යා සංදීපනී 3/28

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<