කාන්තා සුපර් ලීග් ශූරතාවයත් සමඟින් ගුවන් හමුදාව ඉගිළේ

529

මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ කාන්තා සුපිරි ලීගයේ අවසන් මහා තරගය අද (16) දා මහරගම යොවුන් කැදැල්ලේ දී පැවැත්වුණු අතර යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් වට 3-0ක් ලෙස සුපිරි ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

පසුගිය වසරේ ශූරතාවය දිනා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. අනුශූරතාව දිනා ගත්තේ යුධ හමුදා කණ්ඩායමයි.

කුරුණෑගලට නිතරග ජයක්; සියනෑතරු හමුවේ බලරැස් බල රහිත වේ

Title- ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ “ඩයලොග් ජනාධිපති රන් කුසලාන” වොලිබෝල් තරගාවලියේ විවෘත කාන්තා සහ පිරිමි අංශයන්ගේ අවසන් ….

ප්‍රධාන පෙළේ ජාතික ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම කණ්ඩායම් දෙකටම ක්‍රීඩා කිරීම නිසා ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු ලකුණ රැස් කළේ ගුවන් හමුදා කණ්ඩායමයි.

ඊට ක්ෂණික ප්‍රතිප්‍රහාරයක් ලබා දෙමින් යුධ හමුදාව ද ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ දක්ෂ ලෙස ගුවන් ප්‍රහාරය ආවරණය කරමිනි.

කණ්ඩායම් දෙකම මාරුවෙන් මාරුවට ලකුණු රැස් කරමින් ලකුණු 3-3ක්, 4-4ක් හා 5-5ක්  ලෙස ඉදිරියට ඇදුණු අතර ගුවන් හමුදාව වෙනුවෙන් දිනේෂා අනර්ඝ දිගු පන්දු ප්‍රහාරවලින් ලකුණු රැස් කළේ යුධ ක්‍රීඩිකාවන් නොමග යවමිනි.

පළමු තාක්ෂණික කෙටි විවේකය අවසන් වන විට ලකුණු 7-8ක් ලෙස පෙරමුණේ සිටියේ යුධ හමුදා ක්‍රීඩිකාවන් ය. 9-11ක්, 10-12ක් 11-14ක් ලෙස ක්‍රමයෙන් පෙරමුණ ගැනීමට යුධ හමුදා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඔවුන්ගේ විරාජි චාමරිකා ප්‍රමුඛ ඔවුන්ගේ ආවරණය ඉතා සවිමත් ලෙස ක්‍රීඩා කළේ ගුවන් ක්‍රීඩිකාවන්ට දැඩි තර්ජනයක් වෙමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ වෙතත්  තුෂාරි ප්‍රමුඛ ගුවන් ප්‍රහාරිකාවන් ලකුණු තත්වය 14-14ක් බවට පත් කිරීමට සමත් වූයේ කරට කර සටනක් පවත්වා ගනිමිනි. 18-16ක් ලෙස පෙරමුණ ලබා ගත් ගුවන් ක්‍රීඩිකාවෝ දක්ෂ ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් නොමැති ස්ථානවලට පන්දුව ස්ථානගත කරනු දක්නට ලැබුණි.

20-18ක් ලෙස පෙරමුණ ගත් ගුවන් ක්‍රීඩිකාවෝ 21-19ක්, 22-20ක්, 24-21ක් ලෙස ඉදිරියට පැමිණියත්, සටන අත් නොහල යුධ ක්‍රීඩිකාවෝ දක්ෂ ලෙස ලකුණු හඹා ආවේ ලකුණු 24-23ක් ලෙස පරතරය අඩු කර ගනිමිනි. යුධ හමුදාව එල්ල කළ අලංකාර කෙටි පන්දු ප්‍රහාරයකින් ලකුණු සම වූ අතර 25-25ක්, 25-26ක් හා 25-27ක් ලෙස ගුවන් ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය යුධ හමුදාවෙන් උදුරා ගැනීමට සමත් විය.

පළමු වටය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 25 – 27 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

උද්වේගකර ලෙස දෙවන වටය ආරම්භ කරමින් පළමු ප්‍රහාරයෙන්ම ලකුණු රැස් කිරීමට ගුවන් ක්‍රීඩිකාවෝ සමත් විය. ලකුණු 4-1ක් ලෙස පෙරමුණ ගන්නට ගුවන් ක්‍රීඩිකාවෝ සමත් වූ අතර දිනූෂි හා තුෂාරි ගේ කෙටි පන්දු ප්‍රහාරයන් ගුවන් ආවරණ මග හැර ගියේ ගුවන් ක්‍රීඩිකාවන්ට තව දුරටත් පෙරමුණ හිමි කර දෙමිනි. පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු 8-4ක් ලෙස පෙරමුණේ සිටියේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයි.

ප්‍රබල ගුවන් ප්‍රහාර වලින් බේරීම සඳහා යුධ හමුදා ක්‍රීඩිකාවන් හතරක් ආවරණය සඳහා  යොදා තිබුණු අතර අයේෂාගේ ජව සම්පන්න පහරවල් ගුවන් ආවරණයේ වැදී ඉවත ගියේ ලකුණු පරතරය තවත් අඩු කරමිනි. (11-10)

12-12ක් ලෙස පළමු වරට තරගයේ ලකුණු සම කිරීමට යුධ හමුදා ක්‍රීඩිකාවන් සමත් වූයේ විශිෂ්ට හඹා ඒමක් සමඟිනි. අනතුරුව 14 -17ක් ලෙස දෙවන වටයේ පළමු වතාවට යුධ හමුදාව තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

15-18ක්, 17-18ක්, 18-18ක් ලෙස තරගය කරට කර ඉදිරියට ඇදුණු අතර අහිමි වී ගිය පෙරමුණ ගුවන් ක්‍රීඩිකාවන් යලි දිනා ගත්තේ ලකුණු 20-18ක් ලෙසයි.

රන් කුසලානයේ 22න් පහළ ශූරතා කෑගල්ලට සහ නාත්තන්ඩියට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ “ඩයලොග් ජනාධිපති රන් කුසලාන” වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 22න් කාන්තා සහ පිරිමි අංශයන්ගේ අවසන් මහා

22-18ක්, 23-28ක් හා 24-18ක් ලෙස යුධ හමුදා ක්‍රීඩිකාවන්ගේ අතපසුවීම් වලින් ඉදිරියට ආ ගුවන් ක්‍රීඩිකාවෝ 25-18ක් ලෙස වටය ජය ගත්තේ යුධ හමුදා ක්‍රීඩිකාවන් සියල්ල නිසොල්මනේ බල හිඳිද්දී පන්දුව ඔවුන්ගේ සීමාවේ බිම පතිත වීමත සමඟයි.

දෙවන වටය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 18 – 25 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන වටය අතර මැද දී පසුපාදයට ඇද වැටුනත් දක්ෂ ලෙස හඹාවිත් තරග වටය ජය ගත් ගුවන් හමුදාව ආරම්භයේම දැඩි පීඩනයකට ලක් කිරීමට යුධ හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූයේ පළමු ලකුණු එකොළහම තමන්ගේ නමට ලියා ගනිමිනි.

විශාල ලකුණු පරතරය දිගටම පවත්වා ගෙන යාමට යුධ හමුදා ක්‍රීඩිකාවන් ප්‍රබල සටනක් ලබා දුන් අතර 16-08ක්,18-10ක්, 20-12ක්ව තිබූ ලකුණු පුවරුව 21-16ක් දක්වා ගෙන එන්නට ප්‍රබල උත්සාහයක නිරත වූ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

21-18ක් දක්වා ඔවුන් ඉදිරියට පැමිණියේ යුධ හමුදාවට ප්‍රබල අභියෝගයක් වෙමිනි. විරාජි චාමරිකාගේ ඉතා දක්ෂ කෙටි පන්දු ප්‍රහාරයන් මගින් යුධ හමුදාවට ලකුණු කිහිපයක්ම ලැබුණු නමුත් ගුවන් ක්‍රීඩිකාවෝ ලකුණු 21-22ක් දක්වා ලකුණු පරතරය අඩු කිරීමට සමත් විය.

11-00ක සිට ගුවන් ක්‍රීඩිකාවෝ ප්‍රබල සටනක නිරත වූයේ මේ වටය ද ජයගෙන තරගය ජය ගැනීමේ අරමුණිනි. 23-22ක්, 23-23ක් ලෙස ලකුණු සම කිරීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වූයේ දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වෙමිනි.

යුධ හමුදා ප්‍රහාරයක් පිටියෙන් ඉවතට යාම නිසා ලකුණු තත්වය 24-24ක් බවට පත් වූයේ තරගයට උණුසුම් අවසානයක් ලබා දෙමිනි. 25-25ක්, 25-26ක් හා 25-27ක් ලෙස නොතිබූ ජයග්‍රහණයක් හඹා ගොස් ජයග්‍රහණය කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ කාන්තා සුපර් ලීග් ශූරියන් බවට පත් වන්නට සමත් වූහ.

තෙවැනි වටය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 25 – 27 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය

  • පළමු වටය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 25-27 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • දෙවන වටය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 18-25 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • තෙවැනි වටය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 25-27 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<