යුධ හමුදා ක්‍රීඩිකාවෝ ජය ගනිති

290
womens-football

පසුගිය සතියේ පැවැත්වුණු කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ තරග දෙකකින් එක් තරගයක් ජය ගැනීමට යුධ හමුදා කණ්ඩායම සමත් විය. යුධ හමුදා කාන්තා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පරාජය කළ අතර අනෙක් තරගයේ දී ගුවන් හමුදා කාන්තාවන්ගේ ප්‍රතිවාදිනියන් වූ නාවික හමුදා කණ්ඩායම, තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය.

ඩයලොග් ශූරයින්ගේ කුසලානය යලිත් කොළඹට

කොළඹ තුරග තරග පිටියේ දී රිනවුන් කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල 3 -1 ක් ලෙස ලබා ගනිමින් ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානය තවදුරටත් තමන් සන්තකයේම තබා ගන්නට කොළඹ පාපන්දු සමාජය සමත් විය…

ගුවන් හමුදාවට එරෙහිව යුධ හමුදාව

කණ්ඩායම් දෙකම තරගකාරීව පිටියට පිවිසුණත්, දෙපිලෙන්ම වැරදි සිදුවීම නිසා තරගකාරී බව මඳක් පහව යන ලදි. පළමු අර්ධයේ පැහැදිලිම අවස්ථාව උදා වූයේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් හටයි. එනමුත් දැඩි පරිශ්‍රමයකින් පසු එය වළක්වාලන්නට යුධ හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

නිදහස් පහරක් සාර්ථකව ප්‍රතිවාදී ගෝලයට යැවූ ඊ.කේ. ලියනගේ, යුධ හමුදාව ගෝලයකින් පෙරමුණෙහි තැබීමට සමත් විය.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 1-0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ තරගකාරී බව උත්සන්න වෙත්ම ටී.කේ. ඇන්ජලා හට රතු කාඩ්පතක් හිමිවීමෙන් පසු ඇයට තරගයෙන් ඉවත් වීමට සිදුවිය. ඉන් අනතුරුව යුධ හමුදා ඉදිරිපෙළ ක්‍රීඩිකාවන් ගුවන් හමුදාවට දැඩි තර්ජනයක් එල්ල කළ අතර ගුවන් හමුදාවට සිදු වූයේ දිගටම ආරක්ෂණයේ යෙදීමටයි.

ලකුණු තත්වය වෙනස් නොවුනත් වැඩි ගෞරවය යුධ හමුදාවට හිමිකර දෙමින් තරගය නිමා විය.

සම්පූර්ණ කාලය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 1-0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරවරිය: ඊ.කේ. ලියනගේ (යුධ හමුදාව)

“අපි ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් ආවත් පරදින්න වීම ගැන කනගාටුයි. දෙවැනි අර්ධයේ දී ක්‍රීඩිකාවක් අහිමි වීමෙන් අපේ වැඩේ අමාරු වුණා. ඒත් අපි වැඩිදියුණු වෙලා තවත් ශක්තිමත්ව ඊළඟ තරගෙට එනවා.” ගුවන් හමුදා පුහුණුකරු ඉරෝෂන් හපුආරච්චි පැවසීය.

“මම මේ දක්ෂතා ගැන ගොඩාක්ම තෘප්තිමත්. ක්‍රීඩිකාවෝ, විශේෂයෙන්ම ඉදිරිපෙළ ක්‍රීඩිකාවෝ හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම එය ඉදිරියටත් පවත්වා ගෙන යන්න වුවමනායි.” යුධ හමුදා පුහුණුකරු එන්.ද සිල්වා එසේ පැවසීය.

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවන්

ඊ.කේ. ලියනගේ 40′.(යුධ හමුදාව)

කහ කාඩ්පත්

  • කේ.විරන්ගා 71′ (ගුවන්)
  • රතු කාඩ්පත් – ටී.කේ.ඇන්ජලා 61′ (යුධ හමුදාව)

ගුවන් හමුදාවට එරෙහිව නාවික හමුදාව

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ගුවන් හමුදාව වෙත හිමි වූ නිදහස් පහරක් නාවික ගෝලය වෙත එල්ල කළ ගුවන් හමුදා නායිකා අයි.එම්. විතානගේ, එය නාවික ආරක්ෂිකාවක් වෙත එල්ල කොට තිබුනත් ඇයට පන්දුව හරිහැටි පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා ගුවන් හමුදාව වෙත ගෝලයක් හිමි විය.

පසුව පන්දු පාලනය සියතට ගත නාවික ක්‍රීඩිකාවන් මිනිත්තු 15ක පමණ උත්සාහයකින් පසුව මධුකි පෙරේරා, පහසු ගෝලයක් වාර්තා කළාය.

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 1-1 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයට මැනවින් අවතීර්ණ වූ නාවික ක්‍රීඩිකාවන් සාර්ථක පන්දු හුවමාරු කිහිපයක්ම සිදු කරමින් ප්‍රතිවාදීන්ට අභියෝගයක් විය. ඉන් තුෂානි මධුෂිකා කැපී පෙනිණි.

දෙවන අර්ධය අවසන් වූයේ කිසිවෙකුට ගෝල ලබා නොදෙමිනි.

සම්පූර්ණ කාලය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 1-1 නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරවරිය: තුෂානි මධුෂිකා (නාවික)

“අපි හොඳින් ක්‍රීඩා කරලා අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගත්තා. සිදු නොවිය යුතුව තිබුණු අතපසුවීමකින් අපිට ජය ගන්න බැරි වුනත්, අද දවසේ හොඳම කණ්ඩායම වුනේ අපි තමයි. අවසන් භාගයේ දී ලැබුණු අවස්ථා අපට සාර්ථක කර ගන්න තිබුණා, ඒත් බැරි වුනා.” නාවික හමුදා පුහුණුකරු ධම්මික අතුකෝරාල තරගයෙන් පසුව පැවසීය.

“අපි ඔවුන්ට ලේසි ගෝලයක් දුන්නත් අපි එකමුතුව ක්‍රීඩා කළා. අවාසනාවකට එහෙම තමයි තරගය ක්‍රියාත්මක වෙන්නේ. අපි ආපු තැන ගැන අපි සතුටු වෙලා ඊළඟ තරගයට යන්න ඕනේ.”

ගෝල රැස් කළ ක්‍රීඩිකාවන්

  • නාවික හමුදාව – මධුකි පෙරේරා 21′
  • ගුවන් හමුදාව – අයි.එම්. විතානගේ 06′.

කහ කාඩ්පත්

  • රුෂානි ගුණවර්ධන 67′ (නාවික)
  • එස්. ෆ්‍රැන්සිස් 62′ (ගුවන්)
 >> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<