කවීෂාගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

79
Women’s Emerging Teams Asia Cup 2019

2019 ACC ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග දෙකක් අද (27) පැවැත්විය.

ඉන් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය. 

වෝනර්ගේ උපන්දින ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ නමයි!

මුල්පෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණයත්, පන්දු යවන්නන්ගේ සාමූහික දක්ෂතාත් නිසා අද (27) පැවති…..

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශයට පන්දුවාර 48.3ක දී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 127ක් පමණි. බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේ දී සොබානා මොස්ටර් ලකුණු 29ක් සහ ෆහීමා ඛාටුන් ලකුණු 21ක් රැස්කළ අතර අන් කිසිදු පිතිකාරිණියකට ලකුණු 20 සීමාව ඉක්මවීමට නොහැකි විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි ලකුණු 18කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ඇයට අනගි සහයක් ලබා දුන් ආත්‍යා සන්දීපනී හා උමේෂා තිමේෂනී කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

Photos: Sri Lanka v Bangladesh | Women’s Emerging Teams Asia Cup 2019

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 33.4ක දී කඩුලු 6ක් දැවී තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරණයේ ද යම් කඩාවැටීමක් සිදු වූ අතර ඉන් නොසැලී හුදකලා පිතිකරණයක නිරත වූ හර්ෂිතා සමරවික්‍රමගේ සටන්කාමී ලකුණු 53 හේතුවෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක් හිමි විය.

බංග්ලාදේශ නැගී එන කාන්තා කණ්ඩායම – 127/10: සොබානා මොස්ටර් 29, ෆහීමා ඛාටුන් 21, කවීෂා දිල්හාරි 18/3, ආත්‍යා සන්දීපනී 35/2, උමේෂා තිමේෂනී 14/2

ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම – 128/6: හර්ෂිතා සමරවික්‍රමගේ 53, උමේෂා තිමේෂනී 18, නහීදා අක්තර් 41/3

SLC Men’s and Women’s squads for SAG 2019 announced

Sri Lanka Cricket has announced its Men’s and Women’s squads for the upcoming South Asian Games which is….

ඉන්දියාව හා පාකිස්තානය 

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානයට පන්දුවාර 46.5ක දී සියලු දෙනා දැවී රැස්කරග තහැකි වූයේ ලකුණු 106ක් පමණි. පාකිස්තානය වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේ දී ටූබා හසන් ලකුණු 32ක් සහ රමීම් ශමීම් ලකුණු 31ක් රැස්කළ අතර අන් කිසිදු පිතිකාරිණියකට ලකුණු 20 සීමාව ඉක්මවීමට නොහැකි විය.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දේවිකා වෛද්‍යා ලකුණු 23කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඇයට අනගි සහයක් ලබා දුන් සුෂී දිබ්‍යදර්ශනී ලකුණු 16කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 30ක දී කඩුලු 3ක් පමණක් දැවී තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. එහි දී නුශාට් පර්වීන් ලකුණු 44ක් ලබා ගත්තේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වෙමිනි. ඒ අනුව අවසානයේ දී ඉන්දියාව කඩුලු 7කින් තරගය ජය ගැනීමට සමත් විය

පාකිස්තාන නැගී එන කාන්තා කණ්ඩායම – 106/10: ටූබා හසන් 32, රමීම් ශමීම් 31, දේවිකා වෛද්‍යා 23/4, සුෂී දිබ්‍යදර්ශනී 16/3

ඉන්දීය නැගී එන කාන්තා කණ්ඩායම – 109/3: නුශාට් පර්වීන් 44, යස්ටිකා භාටියා 17, ෆාතිමා සානා 9/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<