ආසියානු නැගී එන කුසලානයේ කාලසටහන නිකුත් වේ

74

පළමු වතාවට පැවැත්වීමට නියමිත 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය මේ මස 22 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.  

ශ්‍රී ලංකා විනිසුරුවරුන් දෙදෙනෙක්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට ඇරයුම්

2019 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ………

කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව හා පාකිස්තානය සහභාගී වන අතර  ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තරගාවලිය සංවිධානය කරනු ලබයි.

එම තරග කාලසටහනට අනුව තරගාවලියේ මූලික වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් තුන සමඟින්ම තරග වදිනු ලබන අතර අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. 

තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී හා තර්ස්ටන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 27 වැනි ඉරිදා ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. 

තරග කාලසටහන,

ඔක්තෝබර් 22,

  • ඉන්දියාව හා බංග්ලාදේශය – තර්ස්ටන් ක්‍රිකට් පිටිය
  • පාකිස්තානය හා ශ්‍රී ලංකාව – ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය 

ඔක්තෝබර් 23,

  • ඉන්දියාව හා ශ්‍රී ලංකාව – ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය 
  • පාකිස්තානය හා බංග්ලාදේශය – තර්ස්ටන් ක්‍රිකට් පිටිය

ඔක්තෝබර් 25,

  • ඉන්දියාව හා පාකිස්තානය – තර්ස්ටන් ක්‍රිකට් පිටිය 
  • ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය – ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය 

ඔක්තෝබර් 27 – අවසන් මහා තරගය – ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නැගී එන සංචිතය – හර්ශිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, ඉමල්කා මෙන්ඩිස්, මදුෂිකා මෙත්තානන්ද, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි, ලිහිණි අප්සරා, උමේෂා තිමාශිනි, සත්‍යා සංදීපනී, ජිමාන්ජලි විජේනායක, සචිනි නිසංසලා, තාරිකා සෙව්වන්දි, ශිකාරි නුවන්තා, නිලක්ෂනා සඳමිණි (කඩුලු රකින්නිය), සයනි ඕෂධී

තරගාවලියේ තරග වාර්තා, විශේෂ වීඩියෝ හා තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට  ThePapare.com සූදානමින් සිටියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<