ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ආරම්භය විශාල පරාජයකින්

282
Women's Cricket Sri Lanka v India Qualifier

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, අද (07) පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවතී පළමු තරගයේදීම ඉන්දියාව හමුවේ ලකුණු 114කින්  පරාජයට පත්විය.

සචිත්‍රගේ ද්විත්ව ශතකයෙන් හලාවතට දැවැන්ත ජයක්

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයින් සොයා යන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තරග 7ක් අද (07) නිමාව දිටීය.

කාසියේ වාසිය දිනාගත් මිතිලි රාජ් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තද, ඉන්දියානු කණ්ඩායමේ පළමු කඩුල්ල වන මොනා මෙෂ්රාම් තරගය මුලදී දවා ගන්නට උදේශිකා ප්‍රබෝධිනිගේ දක්ෂ පන්දු යැවීමට හැකි විය.

උදේශිකා සහ ශ්‍රීපාලි වීරක්කොඩි යන ආරම්භක පන්දු යවන්නියන් දෙදෙනාම තම උසස් පන්දු යැවීමෙන් ප්‍රතිවාදීන්ට ඉතා හොඳ පීඩනයක් එල්ල කලේ පළමු පන්දුවාර 10 තුල අඩු ලකුණු ප්‍රමාණයක් ලබා දීමෙනි.

හෙමින් සීරුවේ කඩුල්ල මත තම ස්ථාවරත්වය ගොඩනගා ගත් දීප්ති ශර්මා සහ දේවිකා වෛද්‍යා ඉන්දියානු ඉනිමේ අසීරුම අවස්ථාවේදී ඉවසීමෙන් තම කඩුල්ල ආරක්ෂා කරගත් නිසා දෙදෙනාම සාර්ථකව ලකුණු රැස් කිරීමට සමත් විය. තණතිල්ලේ මන්දගාමී ස්වභාවය නිසා දඟපන්දු යවන්නියන් හට තමන්ගේ දක්ෂතා දැක්වීමට හැකි නොවූ අතර මැද පන්දුවාර තුලදී කඩුළු දවා ගැනීමට ඔවුන්ට නොහැකි විය.  

ශර්මා සහ වෛද්‍යා දෙවන කඩුල්ලට ලකුණු 122 සබඳතාවයක් ගොඩ නැගූ අතර එහිදී වෛද්‍යා පන්දු 103කදී ලබා ගත් අගනා ලකුණු 89 ඉන්දියානු ඉනිම ශක්තිමත් කරන ලදී. ශර්මාගේ දැවී යෑමත් සමඟ පිටියට පැමිණි මිතිලි රාජ් පන්දු 62කදී ලකුණු 70ක් ලබා ගනිමින් පන්දු යවන්නියන්ගෙන් තරගය උදුර ගන්නා ලදි. නියමිත පන්දුවාර ගණන අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 259ක් ඉනිමට එක් කරගැනීමට ඉන්දියානු පිල සමත් විය.

පසුගිය කාලයේ දී සිදුකල සුළු අත්හදා බැලීම් සමඟින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණියේ චමරි අතපත්තු සමඟින් එෂානි ලොකුසූරිය යි. ඉනිමේ ආරම්භය මන්දගාමී වුවද ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කරමින් මනා ඉනිමක් ක්‍රීඩා කල ලොකුසූරිය පන්දු 37කට ලකුණු 26ක් එක්කර ගනිමින් පළවෙනි කඩුල්ලට ලකුණු 42ක සම්බන්දතාවයක් ගොඩ නැගීය. අතපත්තු සහ හසිනි පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුල්ල තහවුරු කරගත්තද අවශ්‍ය ලකුණු අනුපාතය සම්පුර්ණ කරගැනීමට ඔවුන්ට හැකි නොවිය.

24 වැනි පන්දුවාරයේ අතපත්තුගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණු අතර පිට පිට කඩුළු දැවී යාම නිසා පන්දුවාර 50 තුලදී කදුළු 8කට ශ්‍රී ලංකා පිලට රැස් කරගැනීමට හැකි වූයේ 145ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් පමණි.

අයර්ලන්තය හමුවේ තීරණාත්මක තරගයක් හෙට (08) NCC පිටියේදී ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

අනෙකුත් තරග ප්‍රතිඵල

බංගලාදේශ කාන්තා කණ්ඩායම – 215/6  V පැපුවා නිව් ගිනීයා කාන්තා කණ්ඩායම 97 (32.1/50) – බංගලාදේශ කාන්තා කණ්ඩායමට ලකුණු 118ක ජයක්.

අයර්ලන්ත කාන්තා කණ්ඩායම – 237/6  V සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම 118 (37.5/50) – අයර්ලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 119ක ජයක්.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම – 258/9  V පකිස්ථාන කාන්තා කණ්ඩායම 195 (50/50, ඉලක්කය 259) – දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 63ක ජයක්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට