විරාට් කෝලි විශිෂ්ටයින් අතර පෙරමුණට

471

ලොව ප්‍රකට විස්ඩන් සඟරාව විසින් මෙම වසරේ දීද ‍ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනාගේ නාම ලේඛයනයක් නිවේදනය කර තිබෙන අතර ඔවුන් මෙලෙස පෙර අවස්ථා කිහිපයක දීම විශිෂ්ටතමයින්ගේ නාම ලේඛන නිකුත් කර තිබෙනවා.

අරවින්ද සහ හරීන් කළින්ම අත් ඔසවති

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස වත්මන් කණ්ඩායම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ඇඳී තිබෙන….

මෙවර ඔවුන්ගේ ලැයිස්තුවට ඇතුළත් ක්‍රීඩකයින් පස්දෙනාගෙන් සිව්දෙනෙකු එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන්නන් වීම ද විශේෂත්වයකි. ටැමී බියුමවුන්ට්, ජෝස් බට්ලර්, රොරී බර්න්ස් සහ සෑම් කරන් යන එංගලන්ත ක්‍රීඩකයින් එලෙස විස්ඩන් විශිෂ්ටතමයින් ලෙස නම් දරා සිටිනවා. වර්තමාන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණේ පසුවන ඉන්දීය නායක විරාත් කෝලි එහි සිටින එකම ආසියානු ක්‍රීඩකයා වන අතරම ලැයිස්තුවේ අංක එක ස්ථානයේ හිමිකාරිත්වය ද දරනවා.

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා විස්ඩන් ලැයිස්තුවේ ලොව විශිෂ්ටම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව ඇති අතර ICC ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නා වන ඇෆ්ගනිස්ථානයේ රශීඩ් ඛාන් විශිෂ්ටතම පන්දුවාර විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස එම සඟරාව විසින් නම් කර තිබෙනවා. ඔහු පසුගියදා ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද පත්විය.

16 හැවිරිදි දුනිත්ගේ අසාමාන්‍ය දස්කම් නිසා ජෝසප් අවසන් සටනට!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් තරගාවලිය වන සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ….

මේ අතර එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් වාර්තා අතරට ඇතුළත් වන්නේ විස්ඩන් විශිෂ්ටතමයින් පස්දෙනා අතරට එක් වු ලාබාලතම එංගලන්ත ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 1907 දී එම ලැයිස්තුවට එක් වූ ජැක් ක්‍රෝෆර්ඩ් විසිනුයි. විස්ඩන් සඟරාව විසින් බොහෝ විට වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස යම් කෙනකු නම් කරන්නේ අදාළ ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවියේ එක් වරක් පමණි.

විස්ඩන් සඟරාවේ 156 වන කලාපය තුළින් මෙම ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඔවුන් විසින් ප්‍රථම වරට මෙවැනි ලොව විශිෂ්ටම ක්‍රීඩකයින් පස්දෙනා නිවේදනය කරනු ලැබුවේ 1889 වසරේ දීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<