රවිඳු, කාවින්ද හා පසිඳු අර්ධ ශතක අතරට

230

සිංගර් ආයතනය හා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම ඊයේ (21) පැවැත්වුණු අතර එම තරගවලින් මාරිස් ස්ටෙල්ලා, අසෝක හා කළුතර විද්‍යාලයීය කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි.

ධර්මරාජයට හා ඩී. එස්. සේනානායකයට දැවැන්ත ජයක්

වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්..

අශෝක විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය

මෙම තරගයේ සත්කාරකත්වය දැරූ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව ලකුණු 91ක ජයක් ලබා ගැනීමට අශෝක විද්‍යාලය සමත් විය. කාසියේ වාසිය දිනා ගත් අශෝක විද්‍යාලය පන්දුවාර 45යි පන්දු 4ක් තුළ සියල්ලන්ම දැවී ලකුණු 178ක් ලබා ගන්නා ලදි.

දකුණතින් පිත්ත හසුරුවන ලසිත විතානගේ අශෝක විද්‍යාලය වෙනුවෙන් ලකුණු 41ක් ලබා ගත්තේ වර්ණවත් පිතිකරණයක නිරත වෙමිනි. ඊට අමතරව ලසිත හට අගනා සහයක් දුන් කුසල් ගුණවර්ධන ලකුණු 21යි.

සිය පිළිතුරු ඉනිම දියත් කළ ආනන්ද ශාස්ත්‍රාලයට අශෝක විද්‍යාලයේ ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය හමුවේ ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන්ම දැවී  ලකුණු 88ක් පමණි.

අශෝක විද්‍යාලය – 178 (45.4): ලසිත විතානගේ 41, කුසල් ගුණවර්ධන 21, කෞෂාල් පෙරේරා  21, දමිඳු පෙරේරා 20*, කසුන් දේවින්ද 4/26, මනුජ සිල්වා 2/31, ධනංජය  එදිරිසිංහ 2/41.

ආනන්ද ශාස්ත්‍රාලය – 88 (25.5): මනුජ සිල්වා 29, දිනෙත් ජයතිලක 2/02, චිරාත් තිවංක 2/11, ශාක්‍ය රණසිංහ 2/12.

තරග ප්‍රතිඵලය – අසෝක විද්‍යාලයට ලකුණු 91ක ජයක්

සඳුන්ගේ අර්ධ ශතකය බ. මධ්‍යම හමුවේ අපතේ යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වයස අවුරුදු 19න් පහළ දක්ෂයන් සොයමින් සැරි සැරූ ගමනේ B…

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය හා කළුතර විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් කළුතර විද්‍යාලය ශ්‍රී දේවානන්ද විදුහල් පිටියේ දී පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙර දැවී ගියේ ලකුණු 108ක් ලබා සිටිය දීයි.

ලකුණු 27ක් ලබා ගත් පුලිත සංජන කළුතර විද්‍යාල පන්දු යවන්නන්ට තරමක හෝ අභියෝගයක් වූ එකම පිතිකරුවා විය. පන්දු යැවීමේ දී නියමාකාරයෙන් පන්දුව පතිත කළ යුතු මග සොයා ගත් දකුණතින් පා දඟපන්දු යවන දීලක ප්‍රනාන්දු ලකුණු 29කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ලකුණු 109ක ඉලක්කයක් හඹා ගිය කළුතර විද්‍යාලය පන්දුවාර 21යි පන්දු 4ක් ඇතුළත ඉලක්කය සපුරා ගත්තේ සිතුම් සංජන (38) හා ක්‍රිෂාන් විරංග අතරේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සබඳතාවය ද සවියක් කර ගනිමිනි. නොදැවී ක්‍රීඩා කළ ක්‍රිෂාන් විරංග ලකුණු 31*යි.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය – 108 (31.4): පුලිත සංජන 27, දීලක ප්‍රනාන්දු 4/29, අවිශ්ක ලක්ෂාන් 2/21.

කළුතර විද්‍යාලය – 110/3 (26.2): සිතුම් සංජන 38, ක්‍රිෂාන් විරංග 31*.

තරග ප්‍රතිඵලය – කළුතර විද්‍යාලයට කඩුලු 7ක ජයක්

චන්දිමාල්ගේ අභියාචනාව සිකුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට සාන්ත ලුසියා හිදී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට්…

කොළඹ ඩි ලැ සෙල් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

මෙම තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වූයේ වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙනි. E කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී පළමුව පන්දුවට පහර දුන් ඩි ලැ සෙල් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාල පන්දු යවන්නන්ට එදිරිව ලකුණු 153ක හොඳ ලකුණු පුවරුවක් ගොඩනගන ලදි. ද ලැ සෙල් විද්‍යාලයේ රවිඳු සංජන අර්ධ ශතකයක් ලබාගෙන දිනය වර්ණවත් කරන විට ඉමේෂ්ක පෙරේරා ලකුණු 30ක් රැස්කර ගත්තේය.

තර්ස්ටන් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

ඩි ලැ සෙල් විද්‍යාලය – 153 (42.4): රවිඳු සංදීප 56, ඉමේෂ්ක පෙරේරා 30, බවන්ත ජයසිංහ 4/18.

තර්ස්ටන් විද්‍යාලය – 36/1 (5.4):

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්

චන්දිමාල්ගෙන් අභියාචනාවක්; තුන්වැනි ටෙස්ට් තරගයට අවසර?

පන්දුවේ ස්වභාවය වෙනස් කළා යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරු කළ..

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය

මේ තරගයෙන් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලකුණු 146ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි. තරගයේ සිදු වූ සුවිශේෂී සිදුවීම වූයේ පළමුව පන්දුවට පහර දුන් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සිය ඉනිම වෙනුවෙන් ලකුණු 250ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා ඔවුන්ට වැය වූයේ පන්දුවාර 39යි පන්දු 4ක් පමණි. ඒ සඳහා කාවින්ද ප්‍රනාන්දු හා පසිඳු පෙරේරා යන පිතිකරුවන් අර්ධ ශතක ලබා ගත්තේය. නිදුල අබේරත්න ලකුණු 43යි.

චමෝද් සුපුන් හා ජෝසප් සෙනෙවිරත්න ලකුණු 29 බැගින් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය වෙනුවෙන් පිතිකරණයේ නිරත වූවත්, ඔවුන්ගේ මැදපෙළ අනෙකුත් පිතිකරුවන් ඔහුට හොඳ සහයෝගයක් ලබා නොදීම නිසා ඔවුන්ට මේ තරගයෙන් පරාජය වීමට සිදු විය. පන්දු යැවීමේ දී තරිඳු මධුවන්ත ලකුණු 13කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. ඊට අමතරව ධනුක රාජපක්ෂ හා සහන හෙට්ටිආරච්චි අතරේ කඩුලු 2ක් බැගින් බෙදී ගියේය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය  – 250 (39.4): කාවින්ද ප්‍රනාන්දු 51, පසිඳු පෙරේරා 50, නිදුල අබේරත්න 43, ආමන්ත පෙරේරා 37, සම්පත් නිස්සංක 4/20, චමෝද් සුපුන් 2/66.

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය– 104 (29.4): චමෝද් සුපුන් 29, ජෝසප් සෙනෙවිරත්න 29, තරිඳු මධුවන්ත 4/13, ධනුක රාජපක්ෂ 2/11, සහන හෙට්ටිආරච්චි 2/11.

තරග ප්‍රතිඵලය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ලකුණු 146ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<