බෙයාර්ස්ටෝව්, කුරන් එංගලන්තයේ ජය තහවුරු කරති

111

ටොම් කුරන්ගේ දක්ෂ පන්දු යැවීම සහ ජොනී බෙයාර්ස්ටෝව්ගේ දක්ෂ පිතිකරණය හේතුවෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායමට හැකි විය. දෙරට අතර පැවති පළමු තරගය අද (06) සාන්ත ලුසියා හී ඩැරන් සැමි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

විජේ ශංකර් ඕස්ට්‍රේලියා ජය කණපිට පෙරළයි

අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය උද්වේගකර තරගයකින් අනතුරුව …

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලබා දුන් අතර කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තේය.

එක්දින තරගාවලිය පුරාවට සාර්ථක වූ කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් මෙම තරගයේත් සාර්ථක වේ යැයි කොදෙව් ප්‍රේක්ෂකයින් විශ්වාසය තබා සිටිය ද එයට හරස් වූ ක්‍රිස් ජෝර්ඩන් යෝධ හයේ පහර දෙකක් එල්ල කර සිටි ගේල් ලකුණු 15කට දවා ගත්තේය.

කෙසේ වෙතත් ආරම්භයේ ප්‍රවේගකාරී ඉනිම් කිසිවක් වාර්තා නොවුන ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි නවක ක්‍රීඩක නිකලස් පෝරන් කොදෙව්වන් සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් වෙත රැගෙන යාමට සුවිශේෂී ඉනිමක් දියත් කළේය.

ටොම් කුරන් යොමු කළ 17 වන පන්දුවාරය තෙක් කඩුල්ලේ රැඳුණු පෝරන් පන්දු 37කින් වේගවත් ලකුණු 58ක් රැස්කළ අතර ඊට අලංකාර හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් අන්තර්ගත විය. පෝරන්ට පසුව කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඩැරන් බ්‍රාවෝ ලකුණු 28ක් රැස් කළේය.

කොදෙව් ප්‍රහාරකයින්ට රිසි සේ පිත්ත හැසිරීමට ඉඩ නොදුන් ටොම් කුරන් සිය පන්දුවාර 4 ලකුණු 36කට යවමින් කොදෙව් ප්‍රබලයින් 4ක් දවා ගැනීමට සමත් විය. ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 16කට කඩුලු 2ක් ද දවා ගත්තේය.

දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන්නෙකු එක්දින පිටියට සමුදෙන්නට සැරසේ

ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට ….

ඒ අනුව කොදෙව්වන් ලබා ගත් ලකුණු 160ට පිළිතුරු ලබා දීමට එංගලන්ත පිතිකරුවන් පිටියට පිවිසි අතර ඔවුන් පන්දුවාර 18යි පන්දු 5ක් තුල කඩුලු 6ක් පමණක් දැවී නියමිත ඉලක්කය ජය ගත්හ.

එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යම වූ සුපිරි පිතිකරණයක නිරත වූ ජොනී බෙයාර්ස්ටෝව් පන්දු 40කින් ලකුණු 68ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර දෙකක් අන්තර්ගත විය. ඊට අමතරව එංගලන්තයේ ජයග්‍රහණය පහසු කරමින් හතරේ පහර 4ක් සමඟින් පන්දු 29කින් ලකුණු 30ක් රැස් කිරීමට ජෝ ඩෙන්ලි සමත් විය.

කොදෙව්වන් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සෙල්ඩන් කෝට්‍රල් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තේය. ජේසන් හෝල්ඩර්, කාලෝස් බ්‍රාත්වෙයිට් සහ ඈෂ්ලි නර්ස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන්නෙකු එක්දින පිටියට සමුදෙන්නට සැරසේ

ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කරන බව දකුණු අප්‍රිකානු ….

දක්ෂ පිතිකරණයක නිරත වෙමින් අර්ධ ශතකයක් ලබා ගත් ජොනී බෙයාර්ස්ටෝව් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ අනුව දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටින අතර මීළඟ තරගය ලබන මාර්තු 08 වැනිදා පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම: කඩුලු 8ක් දැවී 160 (20): නිකොලස් පෝරන් 58, ඩැරන් බ්‍රාවෝ 28, ක්‍රිස් ගේල් 15, ටොම් කුරන් 4/36, ක්‍රිස් ජෝර්ඩන් 2/16

එංගලන්ත කණ්ඩායම: කඩුලු 6ක් දැවී 161 (18.5): ජොනී බෙයාර්ස්ටෝව් 68, ජෝ ඩෙන්ලි 30, සෑම් බිලින්ග්ස් 18, සෙල්ඩන් කෝට්‍රල් 3/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<