බංගලියෝ කොදෙව් දේශයේ දී කොදෙව්වන්ටම නයි පෙන්වයි

312

කොදෙව් දේශයේ දී කොදෙව්වන් පරාජය කරමින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක ජයග්‍රහණයේ සතුට සැමරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ (28) සමත් වුනා. බස්සෙටිරි හී දී දෙරට අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 18ක ජයග්‍රහණයක් සමරමින් මෙම අවස්ථාව උදා කර ගත්තා.

කොදෙව්වෝ එකට එක කරති

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගයානා හිදී පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්…

මීට ප්‍රථම 2014 වසරේ දී බංග්ලාදේශය, කොදෙව් දූපත් හී කළ සංචාරයේ දී 3-0ක් සේ පරාජය වූ අතර අවසන් වරට බංග්ලාදේශ ක්‍රීඩකයෝ කොදෙව් තරගාවලියක් ජයග්‍රහණය කර තිබුණේ 2012/13 වසරේ. බංග්ලාදේශයේ දී පැවති එම තරගාවලියෙන් 3-2ක් සේ බංග්ලාදේශය ජය ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 301ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 283ක් පමණයි.

පෙර තරග දෙක නිමාවේ දී තරගාවලිය 1-1ක් සේ සම තත්ත්වයේ සිටි දෙපිලේ ම ක්‍රීඩකයෝ තෙවැනි එක්දින තරගයට පිවිසිියේ අවශ්‍ය නම් ලෙයට ලෙය වුව ද පරිත්‍යාග කිරීමට සූදානම් තත්වයෙන්. නමුත් එතැන දී බලවත් වූයේ බංග්ලාදේශ ක්‍රීඩකයෝයි. ඒ අතුරින් කොදෙව්වන්ට වඩාත් හිසරදයක් වූයේ තමීම් ඉක්බාල්. ඔහු අවසන් තරගයේ දී සේ ම තරගාවලියේ ද වීරයා ලෙසින් නම් කෙරුණා. ඉක්බාල් නිමා වූ තරග තුනේ දී ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 287ක් ලබා ගත්තා.

සංගක්කාරගේ හිඩැස වසන්නට කරුණාරත්නට හැකි වේද?

සංගක්කාර සිය ක්‍රීඩා දිවිය නිමා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ විශිෂ්ටතම ඉනිමක සාමාන්‍ය ලෙස 57.40ක සාමාන්‍යයක් රඳවා ගනිමින් වූ අතර සිය ක්‍රීඩා දිවිය පුරා ලොව හොඳම…

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 301ක් ලබා ගත්තේ තමීම් ඉක්බාල් ආරම්භ පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායමට දැක්වූ දායකත්වය හේතුවෙන්. ඉක්බාල් ප්‍රබල සටන්කරුවෙක් වෙමින් පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා. ඔහු මේ වාර්තා කළේ තමන්ගේ එක්දින ක්‍රිකට් දිවියේ 11 වැනි ශතකයයි. ඔහුගේ සේවය බංග්ලාදේශ කණ්ඩායමට අහිමි වූයේ ලකුණු පුවරුවට ලකුණු 200ක් පැමිණි පසුවයි.

ඔහුට අමතරව බංග්ලාදේශ දැවැන්ත ඉනිම ගොඩ නැංවීමට මහමදුල්ලාගේ අර්ධ ශතකය ද ඉවහල් වුනා. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා. ඊට අමතරව සකීබ් අල් හසන් (37) සහ නායක මෂ්රාෆ් මොරටාසා (36) ද පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වමින් බංග්ලාදේශ ඉනිම ගොඩ ගත්තා. බංග්ලාදේශ ක්‍රීඩකයෝ අවසන් පන්දුවාර 10 දී ලකුණු 96ක් ලබා ගනිමින් කොදෙව්වන්ට එරෙහිව සටන වඩාත් ශක්තිමත් කිරීම කැපී පෙණුනා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් සහ නුර්සේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුර ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ඉනිමේ වඩාත් කැපී පෙණුන පිතිකරු වූයේ ක්‍රිස් ගේල්. ඔහු තමන්ට සුපුරුදු පිතහරඹයට පිවිසෙමින් පන්දු 66ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තා. නමුත් එම ලකුණු ප්‍රමාණය තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් කිසිසේත් ම ප්‍රමාණවත් වූයේ නැහැ.

ඔහුට අමතරව කඩුලු රකින ක්‍රීඩක හෝප් පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනාට අමතරව මැදපෙළ පිතිකරු රොව්මන් පවෙල් පන්දු 74ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමගින් වේගවත් ලකුණු 41ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිය ද එය ද ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මෂ්රාෆ් මොර්ටාසා ලකුණු 63කට කඩුලු 2ක් දවා ගත්තා.

බංග්ලාදේශය ; කඩුලු 6ක් දැවී 301 ( 50.0) තමීම් ඉක්බාල් 103, සකීබ් අල් හසන් 37, මහ්මුදුල්ලා නොදැවී 67, මෂ්රාෆ් මොර්ටාසා 36, හෝල්ඩර් 2/55, නුර්සා 2/53

බටහිර ඉන්දීය කොදෙව් ; කඩුලු 6ක් දැවී 283 ( 50.0) ක්‍රිස් ගේල් 73, ෂායි හෝප් 64, හෙට්මයර් 30, රොව්මන් පවෙල් නොදැවී 74, මශ්රාෆ් මොර්ටාසා 2/63

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<