පොදුරදමඩුලු සාර්ථකත්වයත් සමඟින් ආසියාව දිනන්නට යන ශ්‍රී ලංකා බර ඔසවන්නෝ

178

ක්‍රීඩිකාවන් දෙදෙනෙක් හා ක්‍රීඩකයින් දෙදෙනෙක්ගෙන් සමන්විත සිව්දෙනෙකුගෙන් යුතු බර ඉසිලීමේ කණ්ඩායමක් මෙවර 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ජකර්තා නුවරට පියාසර කරනු ඇත.

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා බර එසවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ අතර රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළු පදක්කම් තුනක් දිවයිනට රැගෙන ඒමට ඔවුන් සමත් විය.  

>> ආසියාව දිනන්නට ශ්‍රී ලංකා වොලිබෝල් ශූරයෝ සැරසෙති

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභී ඉන්දික දිසානායක (69 Kg), ලෝකඩ පදක්කම් ලාභී හංසනී ගෝමස් (48 Kg), සිව්වැනි ස්ථානය දිනා ගත් චමරි වර්ණකුලසූරිය (53 Kg) හා තිවංක පළඟසූරිය (62 Kg) මෙවර කණ්ඩායමට එක්ව සිටියි. ප්‍රබල ජපන් ක්‍රීඩකයින් හා කොරියානු ක්‍රීඩකයින් හා මැද පෙරදිගින් එන ඉරාන හා ඉරාක ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් වනු ඇත.

ඉතිහාසගතවූ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී සුපිරි දස්කම් පෙන්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අනුරාධපුරයේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර එසවීමේ ශූරතාවලියේදීත් සුපිරි දස්කම් පෙන්වීමට සමත් විය. හංසනී ගෝමස් තරගාවලියේ දක්ෂතම කාන්තා බර ඔසවන්නිය ලෙස සම්මාන ලැබූ අතර ජාතික වාර්තා තුනක් පිහිටුවමින් ස්නැච් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ආකාරයට කිලෝග්‍රෑම් 158 ක බරක් එසවීමට ඇය සමත් විය. එලෙසම තිවංක පළඟසිංහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ අතර ජාතික වාර්තා තුනක් සමඟින් කිලෝග්‍රෑම් 277 ක බරක් ඔසවන්නට ඔහු සමත් විය.

>> ආසියානු මල්ලවපොර පිටිය ජය ගන්න යන ශ්‍රී ලාංකිකයා

ශ්‍රී ලංකා බර එසවීමේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ආර්. බී වික්‍රමසිංහ කටයුතු කරන අතර රුක්ෂාන් විජේසූරිය හා උපාලි දිසානායක සහය පුහුණුකරුවන් ලෙස ද කටයුතු කරයි.

ශ්‍රී ලංකා බර එසවීමේ කණ්ඩායමට ThePapare.com සිය උණුසුම් සුභාශිංසන එක්කරන අතර 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ලද සැනින් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<