කොළඹ අදියරේ ශූරතාවය ශ්‍රී ලංකාවට ද?

395

අදියර තුනකින් සමන්විත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර එළඹෙන ඔක්තෝබර් 13 හා 14 කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු රග්බි ශ්‍රේණිගත කිරීම් හි වෙනසක්

නිමා වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සහ එහි දී ලබා ගත් ප්‍රසාද ලකුණු අනුව ආසියානු ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි ස්ථානය දක්වා පසුබසින්ට ශ්‍රී ලංකා පිරිමි රග්බි…

කොරියාවේ පැවති දෙවන අදියරේ දී ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම ආසියානු ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයේ සිට ස්ථානය තුනක් පහළට වැටුණු අතර කොළඹ පැවැත්වෙන තෙවන අදියරේ දී නැවත සිටි ස්ථානයට හෝ යාම ඔවුන්ගේ ප්‍රධානතම අභියෝගය වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා පෙන්නුම් කරමින් අදියර දෙකේ දී ම පළඟ ශූරයින් බවට පත්වන්නට සමත් වූ අතර තරගාවලිය අවසානයේ පළමු ස්ථාන හතර අතරට පිවිසීම ඔවුන්ගේ ප්‍රධානතම අභියෝගය වනු ඇත.  

පිරිමි කණ්ඩායමට මග හැරුණු කීර්තිය කාන්තාවෝ රැකදෙති

දකුණු කොරියාවේ “නම්දොන්ග්” හිදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ කාන්තා අංශයේ පලඟ ශූරතා අවසන් මහා තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පළමු දිනයේ දී හොංකොං හා කොරියාව හමුවීමට සිදුවන අතර පිරිමි කණ්ඩායමට චීනය හා චීන තායිපේ කණ්ඩායම් හමුවීමට සිදු වනු ඇත.

පිරිමි කාණ්ඩයන්

A කාණ්ඩය B කාණ්ඩය
ජපානය හොංකොං
කොරියාව චීනය
පිලිපීනය ශ්‍රී ලංකාව
මැලේසියාව චීන තායිපේ

කාන්තා කාණ්ඩයන්

A කාණ්ඩය B කාණ්ඩය
ජපානය කසක්ස්ථානය
හොං කොං චීනය
ශ්‍රී ලංකාව තායිලන්තය
කොරියාව සිංගප්පූරුව

  • පළමු දිනය
    දින දෙකේ තරග සැලැස්ම මෙසේය.
තරගය වේලාව   ඔක්තෝබර් 13 වන සෙනසුරාදා
1 13:30 කාන්තා D චීනය   v   තායිලන්තය
2 13:52 කාන්තා D කසක්ස්තානය   v   සිංගප්පූරුව
3 14:14 කාන්තා C හොං කොං   v   ශ්‍රී ලංකාව
4 14:36 කාන්තා C ජපානය   v   කොරියාව
5 14:58 පිරිමි A කොරියාව   v   පිලිපීනය
6 15:20 පිරිමි A ජපානය   v   මැලේසියාව
7 15:42 පිරිමි B චීනය   v   ශ්‍රී ලංකාව
8 16:04 පිරිමි B හොං කොං   v   චීන තායිපේ
 
9 16:36 කාන්තා D තායිලන්තය   v   සිංගප්පූරුව
10 16:58 කාන්තා D කසක්ස්තානය   v   චීනය
11 17:20 කාන්තා C ශ්‍රී ලංකාව   v   කොරියාව
12 17:42 කාන්තා C ජපානය   v   හොං කොං
 
13 18:16 පිරිමි A පිලිපීනය   v   මැලේසියාව
14 18:38 පිරිමි A ජපානය   v   කොරියාව
15 19:00 පිරිමි B හොං කොං   v   චීනය
16 19:22 පිරිමි B ශ්‍රී ලංකාව   v   චීන තායිපේ
  • දෙවන දිනය
තරගය වේලාව   ඔක්තෝබර් 13 වන සෙනසුරාදා
17 10:00 කාන්තා D කසක්ස්තානය   v   තායිලන්තය
18 10:22 කාන්තා D චීනය   v   සිංගප්පූරුව
19 10:44 කාන්තා C ජපානය   v   ශ්‍රී ලංකාව
20 11:06 කාන්තා C හොං කොං   v   කොරියාව
21 11:28 පිරිමි A ජපානය   v   පිලිපීනය
22 11:50 පිරිමි A කොරියාව   v   මැලේසියාව
23 12:12 පිරිමි B හොං කොං   v   ශ්‍රී ලංකාව
24 12:34 පිරිමි B චීනය   v   චීන තායිපේ
25 12:56 කාන්තා SF-P1 4වන ස්ථානය – කාණ්ඩය  C   v   3වන ස්ථානය-  කාණ්ඩය D
26 13:18 කාන්තා SF-P2 3වන ස්ථානය – කාණ්ඩය  C   v   4වන ස්ථානය-  කාණ්ඩය D
27 13:40 කාන්තා SF-C1 1වන ස්ථානය -කාණ්ඩය  C   v   2වන ස්ථානය-  කාණ්ඩය D
28 14:02 කාන්තා SF-C2 2වන ස්ථානය-  කාණ්ඩය C   v   1වන ස්ථානය-  කාණ්ඩය D
29 14:24 පිරිමි SF-P1 4වන ස්ථානය -කාණ්ඩය  A   v   3වන ස්ථානය-  කාණ්ඩය B
30 14:46 පිරිමි SF-P2 3වන ස්ථානය – කාණ්ඩය  A   v   4වන ස්ථානය-  කාණ්ඩය B
 
31 15:22 පිරිමි SF-C1 1වන ස්ථානය  -කාණ්ඩය A   v   2වන ස්ථානය-  කාණ්ඩය B
32 15:44 පිරිමි SF-C2 2වන ස්ථානය-  කාණ්ඩය A   v   1වන ස්ථානය  -කාණ්ඩය B
33 16:06 කාන්තා 7වන ස්ථානය  / 8වන ස්ථානය  25වන තරගයේ  පරාජිතයා   v   26 වන තරගයේ  පරාජිතයා
34 16:28 කාන්තා 5වන ස්ථානය  / 6වන ස්ථානය 25 තරගයේ ජයග්‍රාහකයා     v   26 තරගයේ ජයග්‍රාහකයා  
35 16:50 පිරිමි 7වන ස්ථානය  / 8වන ස්ථානය 29 වන තරගයේ  පරාජිතයා   v   30 වන තරගයේ  පරාජිතයා
36 17:12 පිරිමි 5වන ස්ථානය  / 6වන ස්ථානය 29 තරගයේ ජයග්‍රාහකයා     v   30 තරගයේ ජයග්‍රාහකයා  
37 17:34 කාන්තා 3වන ස්ථානය  / 4වන ස්ථානය 27 වන තරගයේ  පරාජිතයා   v   28 වන තරගයේ  පරාජිතයා
38 17:56 පිරිමි 3වන ස්ථානය  / 4වන ස්ථානය 31 වන තරගයේ  පරාජිතයා   v   32 වන තරගයේ  පරාජිතයා
 
39 18:28 කාන්තා කුසලාන අවසන් මහා තරගය 27 තරගයේ ජයග්‍රාහකයා     v   28 තරගයේ ජයග්‍රාහකයා  
40 18:50 පිරිමි කුසලාන අවසන් මහා තරගය 31 තරගයේ ජයග්‍රාහකයා     v   32 තරගයේ ජයග්‍රාහකයා  

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<