ක්‍රීඩාව යුද්ධයක් කරගැනීම නිසා ඉන්දියාවට දඬුවම් හිමි වේවි ද?

499
ibtimes.co.in

වර්තමානය වන විට ගිනි පුලිඟු මතුවෙමින් පවතින ඉන්දු – පාකිස්තාන අර්බුදයට ඉන්ධන දැමීම සඳහා ක්‍රීඩාව සම්බන්ධ කරගැනීම නිසා ඉන්දියානු ක්‍රීඩා බලධාරීන් ගැන මේ වන විට ලොව පුරා පවතින්නේ අප්‍රසාදයකි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට සංග්‍රාම නැවැත්විය හැකිය

අපි මහා ක්‍රිකට් සංග්‍රාම සහ ක්‍රිකට් සටන් අගයන කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින්නෙමු…

ලෝක ශූරතා වෙඩි තැබීමේ තරගාවලියට දේශපාලනය ගෙන ගිය ඔවුන්, පසුව ක්‍රිකට් ලෝක කුසලානය දක්වා එය රැගෙන ගියේ ජුනි මාසයේ දී පැවැත්වෙන ඉන්දියා – පාකිස්තාන එක්දින තරගයට සහභාගී නොවන බව පවසමිනි. කෙසේ වෙතත් ඒ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් ලොවට කියන අතර අලුත්ම පුවත වන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහි වත්මන් තරගාවලියේ පැවති තෙවැනි එක්දින තරගයේ දී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් හමුදා නිල ඇඳුමේ වර්ණ සහිත කැප් තොප්පි පැලඳීමයි.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊට එරෙහිව දිගු ලිපියක් ICCය වෙත යවා ඇතැයි වාර්තා වේ.

අපි ICCයට අපේ ස්ථාවරය හොඳින් පැහැදිලි කළ නිසා දැන් අප සිටින තැන ගැන කිසිම විවාදයක් හෝ අවුලක් නැහැ.” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති උසමාන් මානි rediff වෙත අදහස් දක්වා තිබිණි.

මීළඟ පැය 12 ඇතුළත අප තවත් ලිපියක් ICCය වෙත යවන්නට නියමිතයි.”

ICC කමිටුව තුළ දී ඉන්දියාවට ගහන වගකීම PCB විසින් භාරගනියි

ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක පමණ කාලයකි. ඒ උණුසුම මැදට..

ඔහු තවදුරටත් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවත් දේශපාලනයත් එකට සිදු නොවිය යුතු බවයි.

මේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දේශපාලනය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගත් දෙවැනි වතාවයි. ඔවුන් වෙනත් හේතුවක් ICCය වෙත ඉදිරිපත් කොට අවසර අරගෙන ඒ අවසරය භාවිතා කර තිබෙන්නේ වෙනත් කටයුත්තක් සඳහායි.”

මින් පෙර දේශපාලනික කාරණාවන් ක්‍රිකට් පිටිය මැද දී සාකච්ඡාවට බඳුන් කිරීම නිසා ඉම්රාන් තහීර් සහ මොයින් අලී නම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව ICCය විසින් පියවර ගත් සේම ඉන්දියානු ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව ද එවැනි පියවරක් ICCය විසින් ගනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<