ශ්‍රී ලංකාව යටත් කරගන්න නවකයෙක් ද. අප්‍රිකා සංචිතයට

546

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙටින් (13) ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා තවමත් ජාත්‍යන්තර ටෙස්ට් තරග පිටියේ අත්දැකීම් නොමැති යොවුන් ක්‍රීඩකයෙකු වන විඅන් මොල්ඩර් නම් කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇත.

කැන්ගරුවන් පාකිස්තානය සමඟ ඔට්ටුවෙන්න සූදානම්

එළඹෙන මාර්තු මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ….

දිගින් දිගටම හිසරදයක්ව පැවති ආබාධ තත්වයක් නිසාවෙන් විඅන් මොල්ඩර් හට මෙවර දේශීය පළමු තරගාවලිය ක්‍රීඩා කිරීමේ වරම අහිමි වී ගිය නමුත් ඔහුගේ දක්ෂතා පිළිබඳ බලධාරීන් කලක සිට දැඩි විමසිල්ලෙන් පසු වූ බව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් තේරීම් කමිටු කැඳවුම්කරු ලින්ඩා සොන්ඩි මහතා ඊයේ (11) දිනයේ දී පවසා තිබුණි.

“අපේ කණ්ඩායමට කාලයක ඉදන් තුන් ඉරියව් පිතිකරුවෙක්ගේ අවශ්‍යතාව විශාල වශයෙන් දැනුණා. ඒ නිසා අපේ උපායශීලී සැලසුමේ කොටසකට අනුව විආන් ගැන දැඩි අවධානයකින් අපි පසුවුනා.”

“ඔහුගේ ආබාධ තත්වය සුව අතට හැරෙනකන් තරග බිමට එනවට අපි එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ, මොකද එහෙම වුනොත් ඒ ගන්න වැරදි තීරණය ඉදිරිකාලීනව ඔහුගේ දක්ෂතාවලට සෘජුව බලපාන්න ඉඩ තිබ්බ නිසා. ඉතින් මේ දවස්වල පැවැත්වෙන සිව්දින දේශීය තරගාවලියේ දී සුපුරුදු දක්ෂතා අතරට ඔහුට එන්න පුළුවන් වීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා.”

“උඩ කියපු හේතුව නිසාම ලුංගි න්ගිඩිව නැවත සංචිතයට ගෙන එන්න අපි ඉක්මන් වෙන්නේ නැහැ. හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමකට පැමිණිලා කියලා සනාථ වුනාට පස්සෙ තමයි අපි ඔහුගේ සේවය නැවත ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ.”

දශකයකට පසුව නවසීලන්තය ඉන්දියාවෙන් වාඩුව ගනී

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ….

මොල්ඩර්, හයිවෙල්ඩ් ලයන්ස් කණ්ඩායම නියෝජනය කරමින් අවසන් වරට සහභාගී වූ දේශීය පළමු පෙළ තරගයේ ඉනිමක දී ලකුණු 146ක් ලබා ගනිමින් ඉතා විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අතර පාකිස්තානය සමඟ පසුගිය දා නිමාව දුටු එක්දින තරගාවලියේ අවසන් තරගය සඳහා ද ක්‍රීඩා කරමින් සිය දායකත්වය කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ලබා දීමට ඔහු සමත් විය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට (13) දකුණු අප්‍රිකාවේ ඩර්බන් හීදී පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය – ෆැෆ් ඩූ ප්ලෙසිස් (නායක), හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, තෙයුනිස් ඩි බ්රයින්, ඩීන් එල්ගාර්, ක්වින්ටන් ඩි කොක්, සුබායර් හම්සා, කේෂාව් මහරාජ්, එයිඩ්න් මාර්ක්රම්, විආන් මොල්ඩර්, ඩුවෙනේ ඔලිවර්, වර්නන් ෆිලැන්ඩර්, කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<