පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග කාලසටහන

183

දිවයින පුරා විහිදී ඇති පාසල් රග්බි කණ්ඩායම් උරෙන් උර ගැටෙන උද්වේගකර, උද්‍යෝගී, තරගකාරී තරගාවලිය වන පාසල් රග්බි තරගාවලිය ඇරඹීමට ඇත්තේ තවත් දින කීපයක් පමණි. 

පසුගිය වසරේ විශිෂ්ට දස්කම් දැක්වූ පාසල් 12ක් A කාණ්ඩය යටතේ තරග වදින අතරතුර B කාණ්ඩය සඳහා ද කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබා සිටී. 

කලකට පසු CH ක්‍රීඩකයෝ ජයග්‍රහණයේ පහස භුක්ති විදිති

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දසවැනි සති අන්තය නිමාවට …

පසුගිය වසරේ දී A කාණ්ඩය නියෝජනය කළ සහිරා විද්‍යාලය හා මලියදේව විද්‍යාලය මෙවර B කාණ්ඩය යටතේ තරග වදින අතර පසුගිය වසරේ දී 2021 වසරේ දී ද A කාණ්ඩය නියෝජනය කිරීම ඔවුන්ගේ විශාලම බලාපොරොත්තුව වී ඇත. 

තරගාවලියේ B කාණ්ඩයට අදාළ තරග කාලසටහන මේ වන විට නිකුත් වී ඇති අතර ලුම්බිණි විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙවර කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම් ලෙස සැලකිය හැක. 

මෙම තරගාවලිය සඳහා පාසල් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය. 

පළමු වටය අවසානයේ දී මෙම කාණ්ඩවල ප්‍රථම ස්ථාන ලබාගන්නා කණ්ඩායම් ද්විත්වය හා දෙවන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් ද්විත්වය පාසල් රග්බි තරගාවලියේ පලඟ ශූරතාව සඳහා තරග වැදීමට නියමිතය. ඒ A කාණ්ඩයේ අවසන් ස්ථාන ලබාගන්නා කණ්ඩායම් හතර සමඟිනි. 

එහි දී එම කණ්ඩායම් 4 එකිනෙකා සමඟින් තරග වදින අතර එහි මුල් ස්ථාන ලබාගන්නා කණ්ඩායම් හතර මීළඟ වසරේ A කාණ්ඩය නියෝජනය කිරීමට වරම් දිනා ගනු ඇත. 

එහි දී B කාණ්ඩයේ අවසන් ස්ථාන ලබාගන්නා කණ්ඩායම් හතර C කාණ්ඩයේ මුල් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් හතර සමඟින් තරගාවලිය බඳුන සඳහා තරග වදින අතර එහි මුල් ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් හතර මීළඟ වසරේ B කාණ්ඩය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. 

හැව්ලොක් අසරණ කරමින් පොලිසිය ජයග්‍රහණය කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි සතියේ තවත් තරගයක් අද (08) පොලිස් …

මෙවර පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරග කාලසටහන පහත පරිදි වේ.

* මෙම තරග දිනයන් හා ක්‍රීඩාංගණ තවමත් බලධාරීන් විසින් තහවුරු කර නොමැත. 

ස්ථානය  කාණ්ඩ I ‘B’ කාණ්ඩ II ‘B’
1 සහිරා විද්‍යාලය ඩී. එස්. සේනානායක විද්‍යාලය
2 මලියදේව විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය
3 ලුම්බිණි විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය
4 වේල්ස් කුමර විද්‍යාලය ආනන්ද විද්‍යාලය
5 සාන්ත ඇලෝසියස් විද්‍යාලය සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
6 මහානාම විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ජේසන් මහනුවර අපරාජිත වාර්තාව රැකගනියි

යුධ හමුදා ක්‍රීඩා සමාජය දෙවන අර්ධයේ එල්ල කළ දැඩි ප්‍රහාරයෙන් මිදී ලකුණු 36-26ක් ලෙස යුධ හමුදාව …

සතිය දිනය සත්කාරකත්වය  V ප්‍රතිවාදීන් 
සතිය 1 2 මාර්තු – 8 මාර්තු සහිරා විද්‍යාලය vs මහානාම විද්‍යාලය
    ඩී. එස්. සේනානායක විද්‍යාලය vs සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
    මලියදේව විද්‍යාලය vs සාන්ත ඇලෝසියස් විද්‍යාලය
    ශ්‍රී සුමංගල විද්‍යාලය vs සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
    ලුම්බිණි විද්‍යාලය vs වේල්ස් කුමර විද්‍යාලය
    ආනන්ද විද්‍යාලය vs තර්ස්ටන් විද්‍යාලය
සතිය 2 9 මාර්තු – 15 මාර්තු සාන්ත ඇලෝසියස් විද්‍යාලය vs සහිරා විද්‍යාලය
    සාන්ත සිල්වෙස්තර විද්‍යාලය vs ඩී. එස්. සේනානායක විද්‍යාලය
    වේල්ස් කුමර විද්‍යාලය vs මහානාම විද්‍යාලය
    සාන්ත බෙනඩික්ට් විද්‍යාලය vs ආනන්ද විද්‍යාලය
    මලියදේව විද්‍යාලය vs ලුම්බිණි විද්‍යාලය
    ශ්‍රී සුමංගල විද්‍යාලය vs තර්ස්ටන් විද්‍යාලය
සතිය 3 16 මාර්තු – 22 මාර්තු සහිරා විද්‍යාලය vs වේල්ස් කුමර විද්‍යාලය
    ආනන්ද විද්‍යාලය vs ඩී. එස්. සේනානායක විද්‍යාලය
    ලුම්බිණි විද්‍යාලය vs සාන්ත ඇලෝසියස් විද්‍යාලය
    තර්ස්ටන් විද්‍යාලය  vs සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
    මහානාම විද්‍යාලය vs මලියදේව විද්‍යාලය
    ශ්‍රී සුමංගල විද්‍යාලය vs සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
සතිය 4 23 මාර්තු – 29 මාර්තු ලුම්බිණි විද්‍යාලය vs සහිරා විද්‍යාලය
    තර්ස්ටන් විද්‍යාලය vs ඩී. එස්. සේනානායක විද්‍යාලය
    වේල්ස් කුමර විද්‍යාලය vs මලියදේව විද්‍යාලය
    ආනන්ද විද්‍යාලය vs ශ්‍රී සුමංගල විද්‍යාලය
    සාන්ත ඇලෝසියස් විද්‍යාලය vs මහානාම විද්‍යාලය
    සාන්ත සිල්වෙස්තර විද්‍යාලය vs සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
සතිය 5 30 මාර්තු – 5 අප්‍රේල් මලියදේව විද්‍යාලය vs සහිරා විද්‍යාලය
    ඩී. එස්. සේනානායක විද්‍යාලය vs ශ්‍රී සුමංගල විද්‍යාලය
    ලුම්බිණි විද්‍යාලය vs මහානාම විද්‍යාලය
    තර්ස්ටන් විද්‍යාලය vs සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
    සාන්ත ඇලෝසියස් විද්‍යාලය vs වේල්ස් කුමර විද්‍යාලය
    සාන්ත සිල්වෙස්තර විද්‍යාලය vs ආනන්ද විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<