14න් හා 16න් පහළ පාසල් රග්බි ලීගයේ වෙනසක්

1150

වයස අවුරුදු 14න් පහළ හා 16න් පහළ පාසල් රග්බි තරගාවලිය පසුගිය වර්ෂයේ පැවැත්වූයේ වෙන වෙනම තරගාවලි දෙකක් ලෙස වුවත්, මෙවර එය නව මුහුණුවරකින් පැවැත්වෙනු ඇත.

පසුගිය වර්ෂයේ දී මෙම තරගාවලි දෙක පැවැත්වූයේ වෙන වෙනම කාල වකවානු දෙකක වන අතර මෙවර ප්‍රධාන පාසල් රග්බි ලීග් තරගාවලියට සමගාමීව එම වයස් කාණ්ඩවල තරග පැවැත්වෙනු ඇත.

වසරේ රග්බි ක්‍රීඩකයා ඉසිපතනයේ චමෝද් ප්‍රනාන්දු

පාසල් රග්බි සම්මේලනයත්, අධ්‍යාපන අමාත්‍යංශයත්, සිංගර් ශ්‍රී ලංකා ආයතනයත්..

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය යටතේ ඇති පාසල් කනිෂ්ඨ රග්බි පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා වයස අවුරුදු 14න් පහළ සහ 16න් පහළ පාසල් තරගාවලිය මූලිකවම ඉලක්ක කරගෙන ඇත. මීට වසර කීපයකට පෙර ආරම්භ වූ මෙම තරගාවලිය කනිෂ්ඨ ක්‍රීඩකයින් හට සිය රග්බි ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට ඇති හොඳම තෝතැන්නකි.

පසුගිය වසරේ වයස අවුරුදු 16න් පහළ තරගාවලිය සිට සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා පැවැත්වූ අතර ඉසිපතන හා විද්‍යා විද්‍යාලය එහි අවසන් වටයට පිවිසෙන ලදි. අවසානයේ ඉසිපතන විදුහලට එහි ශූරතාවය දිනා ගත්තේය. සාන්ත පීතර  විද්‍යාලයීය වයස අවුරුදු 14න් පහළ රග්බි කණ්ඩායම හා සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 14න් පහළ රග්බි කණ්ඩායම අතර පැවැත්වූ අවසන් මහා තරගය පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්විය. ලකුණු 14-05ක් ලෙස එම තරගය අවසන් කළ සාන්ත පීතර විද්‍යාලය එහි ශූරතාවය දිනා ගන්නා ලදි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<