මලල ක්‍රීඩාවේ ස්වර්ණයම යුගය යළිත්?

1845

ක්‍රිකට් ක්‍රීඩාවට පසුව ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ක්‍රීඩාවක් ලෙස මලල ක්‍රීඩාව හැඳින්විය හැකිය. 1990 සහ 2000 වර්ෂ ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වේ. එවන් වූ ස්වර්ණමය යුගයකට හිමිකම් කී ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවට අද වන විට අත් වී ඇත්තේ සෝචනීය ඉරණමකි.

නව වාර්තා 6ක් බිහි වෙමින් පළමු අදියර නිමා වේ

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී…

මෙම වසර ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා තීරණාත්මක වසරක් වී තිබේ. එවන් වූ තීරණාත්මක වසරක පැවැත්වෙන තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ඇති සුගතදාස කෘතීම ධාවන පථය හා දියගම කෘතීම ධාවන පථය මේ වන විට ක්‍රීඩකයින්ට යෝග්‍ය තත්වයක නැත. ලා‍ංකේය මලල ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස හැදින්වෙන සුගතදාස කෘතීම ධාවන පථය අලුත්වැඩියා කටයුතු සඳහා වසා දමා ඇත. ඒ හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පුහුණුවීම් ක‍ටයුතු සඳහා නිසි ධාවන පථයක හිමිකම අහිමිවී ඇත.

මේ පිළිබඳව මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කළකිරීමෙන් පසුවන බව අපට දැනගන්නට ලැබුණි. ඔවුන් පවසන්නේ තණකොළ සහිත ක්‍රීඩාංගණ වල පුහුණුවීම් කර ජාත්‍යන්තරයේ දී කෘතීම ධාවන පථ වල තරග කරමින් පදක්කම් බලාපොරොත්තු විය නොහැකි බවයි.

පසුගිය දා නිමාව දුටු මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී වාර්තා පොත් අලුත් කරමින් දක්ෂතා දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. එවන් වූ පසුබිමක් හමුවේ යලිත් වරක් ජාත්‍යන්තර පදක්කම් රැසක් හිමි වන කාලයක් සහ එතුළින් ශ්‍රී ලංකේය මලල ක්‍රීඩාව යළිත් වරක් ලොව ස්ථාපිත වන කාලය උදා වෙමින් පවතින බවක් පෙනෙන්ට තිබේ. එහෙත් මලල ක්‍රීඩාව‍ට, ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය අනිවාර්ය සාධකයක් වී තිබේ.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට