නිව්ස්ටඩ් සහ සාන්ත පීතරයින් ශූරතා දිනයි

327

2019 බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය ඊයේ නිමාවට පත්විය. තරගාවලිය වයස් කාණ්ඩ 5කින් සමන්විත විය.

තරගාවලියේ 12න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය නියෝජනය කළ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ පවන් බිම්සර සමත් විය. ඔහු තම මීටර් 60 තරග ඉසව්ව නිමා කළේ තත්පර 8.5කිනි. එම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස උස පැනීමේ නව තරග වාර්තාවක් පිහිට වූ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තෙලිනි නිලංකා සමරසේකර නම් කෙරිනි. උස පැනීමේ ඉසව්වේ ඇය වාර්තා කළ උස ප්‍රමාණය මීටර් 1.34කි. 

පළමු දිනයේම ඔමායාගෙන් විශිෂ්ට දස්කම්

2019 ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු දිනය ඊයේ (8) නිමා විය. ඒ ඉතාලියේ නැපොලි හි සැන් පාඔලෝ…

14න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. වික්‍රමාරච්චි පත්වූයේ ඔහු උස පැනීමේ ඉසව්වේ දී වාර්තා කළ මීටර් 1.71 එම ඉසව්වේ නව තරග වාර්තාවක් වීම නිසාවෙනි. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස උස පැනීමේ ඉසව්වේ දී මීටර් 1.50ක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිට වූ නුගේගොඩ සමූද්‍රදේවි බාලිකා විද්‍යාලයේ සිතුලි සදින්සා පත්විය.

මීගමුව සාන්ත ජූඩ් විද්‍යාලයේ රනිත් ඇරැව්වල දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 6.75ක දුරක් වාර්තා කළ අතර ඔහු 16න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය. එම වයස් කාණ්ඩයේම මීටර් 400 කාන්තා ඉසව්ව නව තරග වාර්තාවක් ද සමඟින් තත්පර 58.3කින් නිමා කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දුල්‍යානා සළුදාගොඩ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වීමට සමත් විය.

පිළියන්දල ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කවිශ්ක සංදීශ් 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූයේ මීටර් 400 තරග ඉසව්ව තත්පර 48.1ක නව තරග වාර්තාවක් සමඟින් නිමා කරමිනි. සදීපා හෙන්ඩර්සන් දුර පැනීමේ ඉසව්වේ නව තරග වාර්තාවක් බිහි කළ අතර ඇය වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 5.84කි. ඇය කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩිකාවකි.

වයස අවුරුදු 20න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට සසිදු නවින්ද සමත් විය. ඔහු දුර පැනීමේ තරග ඉසව්වේ දී මීටර් 7.35 ක් වාර්තා කළ අතර එය නව තරග වාර්තාවක් බවට පත්විය. එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර් 100 ඉසව්ව තත්පර 10කින් නිමා කළ ශෙලින්ඩා ජෙන්සන් පත්විය.

ගිම්හාන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2019 ජූලි මස 03 වනදා සිට 14 වනදා දක්වා ඉතාලියේ නැපෝලි නුවර පැවැත්වීමට නියමිත “30 වන…

තරගාවලියේ සහය දිවීම බාලක අනුශූරතාව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හිමි වූ අතර එහි ශූරතාව කොළඹ සාන්ත පීතර විද්‍යාලයට හිමි විය. එම ඉසව්වේ බාලිකා අනුශූරතාව ගම්පහ සිරිකුරුස විද්‍යාලයට හිමි වූ අතර ශූරතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට හිමි විය.

2019 බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 7.35ක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිට වූ පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ සිසිඳු නුවින්ද තරගාවලියේ අතිශූර ක්‍රීඩකයා බවට පත්විය. තරගාවලියේ අතිශූර ක්‍රීඩිකාව ලෙස රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් පත්විය.

ගම්පහ සිරිකුරුස විද්‍යාලය තරගාවලියේ බාලිකා අනුශූරයන් වූ අතර ශූරතාව මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයට හිමි විය. බාලක අනුශූරයන් ලෙස කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය පත්විය. එහි ශූරතාව හිමිකර ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත දැක්වේ.

වයස් කාණ්ඩය ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව තරග ඉසව්ව දක්ශතාවය
12 න් පහල බාලිකා නිලංකා සමරවික්‍රම උස පැනීම මීටර් 1.34
12 න් පහල බාලක පවන් බිම්සර මීටර් 60 තත්පර 8.5
14 න් පහල බාලිකා සිතුලි සදින්සා උස පැනීම මීටර් 1.5
14 න් පහල බාලක දෙමිනිල වික්‍රමාරච්චි උස පැනීම මීටර් 1.71
16 න් පහල බාලිකා දුල්‍යානා සළුදාගොඩ මීටර් 400 තත්පර 58.3
16 න් පහල බාලක රනිත් ඇරැව්වල දුර පැනීම මීටර් 6.75
18 න් පහල බාලිකා සදීපා හෙන්ඩර්සන් දුර පැනීම 5.85 මීටර්
18 න් පහල බාලක නවිශ්ක සංදේශ් මීටර් 400 තත්පර 48.1
20 න් පහල බාලිකා ශෙලින්ඩා ජෙන්සන් මීටර් 100 තත්පර 12.0
20 න් පහල බාලක සසිඳු නවින්ද දුර පැනීම මීටර් 7.35

තරගාවලියේ කලාප ලබා ගත් ස්ථාන හා ලකුණු පහත දැක්වේ.

ස්ථානය කලාපය ලබා ගත් ලකුණු
1 කොළඹ 1059
2 මීගමුව 553
3 පිළියන්දල 325
4 කළුතර 261
5 ජයවර්ධනපුර 260
6 කැළණිය 237
7 ගම්පහ 209
8 හොරණ 114
9 හෝමාගම 81
10 මතුගම 68
11 මිනුවන්ගොඩ 44

 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<