බස්නාහිරට සහ වයඹට වෙරළ වොලිබෝල් ශූරතා

171
Beach Volleyball

43 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් පිරිමි ශූරතාවය දිනා ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායමත්, කාන්තා ශූරතාවය දිනා ගැනීමට වයඹ  පළාත් කණ්ඩායමත් සමත් විය.

තරගාවලිය පසුගිය 3 සහ 4 දෙදින මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වෙන ලදි.

වසරේ දැවැන්ත වොලිබෝල් තරගාවලියට සියල්ල සූදානම්

ශ්‍රී ලංකාව තුළ සංවිධානය වන විශාලතම ක්‍රීඩා උත්සවය හා මෙරට ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම අවධානය දිනා ගන්නා ක්‍රීඩා ඉසව්වක් වන “ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය”,

පිරිමි තරග අංශය

බස්නාහිර පළාත නියෝජනය කළ අසංක ප්‍රදීප් කුමාර සහ පුබුදු ඒකනායකගේ කණ්ඩායම තරග වට 2-0 ක් ලෙස මධ්‍යම පළාත් කණ්ඩායම පරාජයට පත්කරමින් තරගාවලියේ පිරිමි තරග අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. බස්නාහිර පළාත් කණ්ඩායම පසුගිය වසරේ තරගාවලියේ අනුශූරතාවය දිනා ගනු ලැබීය.

2016 වසරේ ශූරයින් බවට පත්වූ වයඹ පළාත් කණ්ඩායමට මෙවර 3 වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ අතර බස්නාහිර පළාත් කණ්ඩායම නියෝජනය කළ අසංක ප්‍රදීප් කුමාර තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

කාන්තා තරග අංශය

පසුගිය වසරේ ශූරතාවය දිනා ගනු ලැබූ වයඹ පළාත් කණ්ඩායම ඔවුන්ගේ ශූරතාවය ආරක්ෂා කර ගනිමින් මෙවර ද කාන්තා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ උතුරු මැද පළාත් කණ්ඩායම තරග වට 2-0ක් ලෙස පරාජයට පත්කරමිනි.

රුවනි තක්සලා සහ නිරෝෂා ගුණසිංහගෙන් සමන්විත වූ වයඹ පළාත් කණ්ඩායම ලකුණු 21-08ක් හා 21-12ක් වශයෙන් තරගය පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර රුවනි තක්සලා තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට