බංග්ලාදේශය හමුවේ කොදෙව්වෝ අසරණ වෙති!

174

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ (07) බංගලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති අතර එහි දී බංගලාදේශයට කඩුලු 8ක පහසු ජයක් හිමි විය.

යාදෙව්ගේ ඉනිම මුම්බායි ඉන්දියන්ස් අවසන් තරගයට ගෙන එයි

28 හැවිරිදි දකුණත් පිතිකරු සූර්යකුමාර් යාදෙව්ගේ …………..

කාසියේ වාසිය හිමි කර ගත් කොදෙව් නායක ජේසන් හොල්ඩර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 261ක් ලබා ගන්නා ලදි. බංගලාදේශය පන්දුවාර 5ක් ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට සමත් වූහ.

පළමු තරගයේ දී වාර්තාගත සබඳතාවකට දායක වෙමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලද ජෝන් කැම්බල් ආබාධයක් හේතුවෙන් මෙම තරගයට සහභාගි නොවුනු අතර ඔහුගේ ස්ථානය ශේන් ඩවුරිච් හට හිමි විය.

මෙවර කොදෙව් ඉනිම ආරම්භ කළේ ශායි හෝප් හා සුනිල් අම්බ්‍රිස් විසිනි. පළමු තරගයේ මෙන්ම මෙවර ද සාර්ථක අරම්භයක් ලබා ගත් කොදෙව්වෝ පළමු කඩුල්ලට ලකුණු 89ක් එක් කළ අතර එය බිඳ වැටුණේ සුනිල් අම්බ්‍රිස්, මෙහෙදි හසන්ගේ පන්දුවකට දැවී යාමත් සමඟිනි. ඊළඟ පන්දු වාරයේ දී ක්‍රියාත්මක වූ ශකීබ් අල් හසන්, ඩැර්න් බ්‍රාවෝ එක් ලකුණකට දවා ගනිමින් තරගය බංගලාදේශ කණ්ඩායම වෙත හරවා ගත්තේ ය.

ඉන්පසු ශායි හෝප් සමඟින් එක් වූ රොස්ටන් චේස්, තෙවැනි කඩුල්ලට ලකුණු 105ක සබඳතාවයක් ගොඩ නැගුවේ කොදෙව් ඉනිම යළි තරගය වෙත අවතීර්ණ කරමිනි. කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වූ ශායි හෝප්, පිට පිට ලැබූ දෙවැනි ශතකය ද වාර්තා කරමින් එම සබඳතාවේ ප්‍රධාන හවුල්කරුවා බවට පත්විය.

ඉනිමේ 41 වැනි පන්දුවාරයේ දී රොස්ටන් චේස් ලකුණු 51කට දවා ගැනීමට බංගලාදේශ නායක මශ්රෆි මෝර්ටාසා සමත් වූ අතර 43 වැනි පන්දුවාරයේ දී යළි ක්‍රියාත්මක වූ මෝර්ටාසා ශතකලාභී ශායි හෝප් ද ක්‍රීඩාගාරය වෙත පිටත කර හැරියේ ය. ඒ වන විට කොදෙව් ලකුණු පුවරුව දැක්වූයේ කඩුලු 4කට ලකුණු 207ක් ලෙසිනි.

ශායි හෝප් දැවී යන විට ලකුණු 109ක් ලබා සිටි අතර පන්දු 132කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය.

ගේල් භීතිකාව ආයෙත්

ක්‍රිකට් පිටියේ දැවැන්තයා ලෙස විරුදාවලිය ……

ඉන්පසු පැමිණි පිතිකරුවන් හට සාර්ථක වීමට බංගලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ඔවුන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාව කරා ළඟා වීමට කොදෙව්වන්ට නොහැකි විය.

ඉනිමේ පළමු භාගයේ දී ඉහළ දල ලකුණු වේගයක් පවත්වා නොගැනීම හා පසුපෙළ පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් කොදෙව් ඉනිම පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 261කට සීමා වූයේ කඩුලු 9ක් දැවී තිබිය දී ය.

පන්දු යැවීමේ දී මශ්රෆි මෝර්ටාසා කඩුලු 3ක් ලබා ගත් අතර මොහොමඩ් සයිෆුඩීන් හා මස්ටෆිසුර් රහමන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේ ය. ශකීබ් අල් හසන් හා මෙහෙදි හසන් ද එක් කඩුල්ල බැගින් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ඇරඹූ බංගලාදේශ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 144ක් එක් කළේ ජයග්‍රාහී ඉලක්කය පහසු කරමිනි. තමිම් ඉක්බාල් එක් ලකුණක් ලබා සිටිය දී ලබා දුන් උඩ පන්දුවක් රොස්ටන් චේස් වෙතින් ගිලිහී ගියේ බංගලාදේශ ජයග්‍රහණයේ ඉඩකඩ තවත් විවර කරමිනි. මෙය බංගලාදේශය බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළම ලකුණු සබඳතාවයයි.

පාන්ඩ්‍යා සහෝදරයෝ මුම්බායි පළමු තැනට රැගෙන එයි!

ප්‍රබල ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා හා………

පළමු කඩුල්ල ලෙස පන්දු 68ක දී ලකුණු 73ක් ලබා සිටි සෞම්‍ය සර්කාර් දැවී ගිය අතර ඉන්පසු තමිම් ඉක්බාල් හා එක්වුනු ශකීබ් අල් හසන් දෙවන කඩුල්ලට තවත් ලකුණු 52ක් එක් කළේ කොදෙව්වන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු අහිමි කරමිනි.

ඔවුන්ගේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 80ක් ලබා සිටි තමිම් ඉක්බාල් දැවී ගිය ද පන්දුවාර 45ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට බංගලාදේශ සමත් විය. ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ශකීබ් අල් හසන් පන්දු 61ක දී ලකුණු 61ක් ද මුශ්ෆිකර් රහීම් පන්දු 25ක දී ලකුණු 32ක් ද ලබා සිටියහ.

බංගලාදේශ ඉනිමේ දැවී ගිය කඩුලු දෙක ෂැනොන් ගේබ්‍රියල් හා රොස්ටන් චේස් විසින් ලබා ගන්නා ලදි.

තරගයේ වීරයා – ශායි හෝප

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම – 261/9 (50): ශායි හෝප් 109 (132), රොස්ටන් චේස් 51 (62), මශ්රෆි මෝර්ටාසා 3/49, මොහොමඩ් සයිෆුඩීන් 2/47, මස්ටෆිසුර් රහමන් 2/84

බංගලාදේශ ඉනිම – 264/2: තමිම් ඉක්බාල් 80 (116), සෞම්‍ය සර්කාර් 73 (68), ශකීබ් අල් හසන් 61 (61), රොස්ටන් චේස් 1/51, ෂැනොන් ගේබ්‍රියල් 1/58

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<