තිසර ලෝක කණ්ඩායමේ නම්බුව බේරයි; ජය කොදෙව්වන්ට

710

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ (31) පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ලකුණු 72ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාන්තා ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නිකුත් වේ

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු විස්සයි විස්ස ක්‍රිකට්…

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තම පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබා ගත්හ. එය විස්සයි විස්ස තරග රටාවේ දී ජයග්‍රහණය වෙනුවෙන් වූ ඉහළ ලකුණු සංඛ්‍යාවකි.

මෙම ඉලක්කය වෙනුවෙන් වෙහෙස වූ ලෝක ක්‍රිකට් කණ්ඩායම තම පන්දුවාර 20න් තවත් පන්දු 20ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127ක් පමණි. ඒ අනුව පැවති මෙම තරගයේ දී සියලු ගෞරව දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරග ආරම්භය සනිටුහන් කරමින් ක්‍රිකට් රන් දෙවෝලේ තණතිල්ල වෙත පිය නැගූ ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායක ෂහීඩ් අෆ්රිඩී සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක ක්රේග් බර්ත්වෙයිට් කාසියේ වාසිය උරගා බැලූ අතර එයින් ජය ලබා  ගත්තේ ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායක ෂහීඩ් අෆ්රිඩී ය. ඔහුගේ තීරණය වූයේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීම ය.

දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකාව පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර..

ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පළමු පන්දුවේ සිටම ලෝක ක්‍රිකට් කණ්ඩායම තඹේකට මායිම් නොකරමින් පන්දුවට පහර දුන්හ. ඔවුන්ගේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 75 දී ය. ඒ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් පාකිස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික්ගේ පන්දුවකට කඩුල්ල බිඳ ගනිමිනි. ඒ වෙද්දී ගේල් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියේය.

ඔහුත් සමඟින් අනෙක් අන්තයේ සිටි ඒවින් ලිවිස් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේය. ඔහුගේ මෙම ඉනිම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද දායක විය.

ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් මාලන් සැමුවෙල්ස් පන්දු 22කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නේය. ඔහුත් සමඟින් අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ දිනේෂ් රාම්ඩීන් ඉනිම නිමා වෙන විට පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියේය. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් පන්දු 10ක දී හයේ පහර 3ක් එල්ල කරමින් ඇන්ඩ්‍රි රසෙල් නොදැවී ලකුණු 21ක් ලබා සිටියේය.

පන්දු යැවීමේ දී පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කණ්ඩායමට එක් වූ රෂීඩ් ඛාන් ලකුණු 49කට කඩුලු 2ක් දවා ගත්තේය. ඔහුත් සමඟින් පන්දු යවන්නෝ 7 දෙනෙක් ලෝක කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ අතර රෂීඩ්ට අමතරව ඔවුන් අතරින් සාර්ථක වූයේ ෂොයිබ් මලික් සහ ෂහීඩ් අෆ්රිඩී පමණි. ඔවුන් දෙදෙනාටම කඩුල්ල බැගින් හිමි වූහ.  

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ලෝක ක්‍රීඩකයන්ට එතරම් ම රඟන්නට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඉඩ නොදුන්හ. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 8ක්ව තිබිය දී නිහඬ කිරීමට කොදෙව් පන්දු යවන්නන් වූ ඇන්ඩ්‍රි රසෙල් සහ සැමුවෙල් බඩ්රි සමත් වූහ. ඒ පන්දුවාර 4ක් තුළ දී ය.

මේ තත්ත්වය හමුවේ වුවද යම් තරමකින් හෝ ලෝක ක්‍රිකට් කණ්ඩායම ජාමෙ බේරා ගත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩක තිසර පෙරේරාගේ දක්ෂතාවලට පිං සිදු වෙන්නට ය. තිසර මෙම තරගයේ දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේය. එය මෙම තරගයේ පිතිකරුවෙක් රැස් කළ අගනාම ඉනිම ද වන්නේය.

සුමතිපාල මහතාගේ අසුන ක්‍රීඩා ඇමතිගේ ලේකම්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති වන තිලංග සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායමේ…

කෙසේ වෙතත් තිසරට අමතරව වෙනත් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 12 සීමාව පසු කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඉඩ සැලසුවේ නැත. 5 වැනි කඩුල්ල වෙනුවෙන් ෂොයිබ් මලික් (12) සමඟින් ලකුණු 37ක සබඳතාවක් ද, නායක ෂහීඩ් අෆ්රිඩී (11) සමඟින් 6 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ද ගොඩ නැගීමට තිසර දායකත්වය දක්නොවන්නට ලෝක කණ්ඩායමේ පරාජය මීට වඩා වඩාත් දරුණු වීමට ඉඩ තිබුණි.

පන්දු යැවීමේ දී කෙස්රික් විලියම්ස් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව සැමුවෙල් බඩ්රි සහ ඇන්ඩ්‍රි රසෙල් කඩුලු 2 බැගින් දවා ගත්හ. ඒ අතුරින් ආරම්භක වේගපන්දු යවන්නා සේ කටයුතු කළ සැමුවෙල් බඩ්රි තම කඩුලු 2 දවා ගැනීම වෙනුවෙන් වැය කරනු ලබන්නේ ලකුණු 4ක් පමණක් වීම කැපී පෙණේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 4ක් දැවී 199 (20.0) ක්‍රිස් ගේල් 18, ඒවින් ලිවිස් 58, මාලන් සැමුවෙල්ස් 43, දිනේෂ් රාම්ඩීන් නොදැවී 44, ඇන්ඩ්‍ර රසල් නොදැවී 21, රෂීඩ් ඛාන් 2/48

ලෝක ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 127 (16.4) තිසර පෙරේරා 61, සැමුවෙල් බඩ්රි 2/04, ඇන්ඩ්‍ර රසල් 2/25, කෙස්රික් විලියම්ස් 3/42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<