එංගලන්තයට කොදෙව් දේශයේ දී දැවැන්ත පරාජයක්

367

රොස්ටන් චේස් ඉදිරියේ සංචාරක එංගලන්ත ක්‍රීඩකයෝ පෑ අදක්ෂතා හේතුවෙන් බාබඩෝස් හිදී අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 381ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අනුව ඔවුන් තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් සේ ඉදිරියට පැමිණීමට සමත් වූහ.

දින තුනක් ඇතුළත ලද පරාජය ගැන චන්දිමාල් කතා කරයි

දින 5ක ටෙස්ට් තරගය දින 3ක් හමාරවීමටත් මත්තෙන් අවසන් වූයේ ශ්‍රී ලංකාවට සුපුරුදු …

පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 289ක් ලබා ගත්තේ ෂායි හොප්, රොස්ටන් චේස් සහ ශිම්රොන් හෙට්මයර්ගේ අර්ධ ශතකත් සමඟිනි. එම ඉනිමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 5ක් ද, බෙන් ස්ටොක්ස් කඩුලු 4ක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ලකුණු 77කට සීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. එම ඉනිමේ දී කෙමර් රොච් ලකුණු 17කට කඩුලු 5ක් දවා ගනිමින් එංගලන්ත ඉනිම විනාශ කිරීමට පෙරමුණ ගත්තේ ය.

ලකුණු 212ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ කොදෙව්වෝ එවර කඩුලු 6කට ලකුණු 415ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් නායක ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 202ක් ලබා ගත්තේ ය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 229ක් වැය කළ අතර හතරේ පහර 23ක් සහ හයේ පහර 8ක් තම ඉනිමට ඇතුළත් කළේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම බවට පත්විය.

ඔහු සමඟ අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් ෂේන් ඩොව්රිච් පන්දු 224කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 116ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ තෙවැනි ශතකයයි.

රෝහිත් – කුල්දීප් සුසංයෝගය නවසීලන්තය නැවතත් හඬවයි!

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නොනවතින ජය රැල්ලකට හසුව ඉදිරියට ඇදී යන ඉන්දීය …

මොවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 295ක සබඳතාවක් එක් කළ අතර එය ටෙස්ට් තරග ඉතිහාසයේ එම කඩුල්ලට එක් වූ හොඳම ඉනිම් අතරින් තෙවැනි ස්ථානයට පත්විය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 628ක ඉලක්කයක් ලැබුණ එංගලන්ත ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් දිනයක් තිබිය දී දෙවැනි ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 246ක් පමණි.

එංගලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 8ක් ලකුණු 60කට දවා ගත් රොස්ටන් චේස් තමන්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ පන්දුවාර 21.4ක් යවමිනි.

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම සියලුම දෙනාම දැවී 289 (101.3) ක්‍රේග් බ්‍රාත්වෙයිට් 40, ජෝන් කැම්බල් 44, ෂායි හොප් 57, රොස්ටන් චේස් 54, ශිම්රොන් හෙට්මයර් 81, ජේම්ස් ඇන්ඩර්සන් 5/46, බෙන් ස්ටොක්ස් 4/59

එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 77 (30.2) කේටන් ජෙනින්ග්ස් 17, කෙමර් රොච් 5/17, ජේසන් හෝල්ඩර් 2/15, අල්සාරි ජෝසප් 2/20

බටහිර ඉන්දීය කොදෙව්; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 415 (103.1) ක්‍රේග් බ්‍රාත්වෙයිට් 24, ජෝන් කැම්බල් 33, ශිම්රොන් හෙට්මයර් 31, ෂේන් ඩොව්රිච් නොදැවී 116, ජේසන් හෝල්ඩර් නොදැවී 202, මොයින් අලී 3/78, බෙන් ස්ටොක්ස් 2/81

එංගලන්තය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 246 (80.4) රොරි බර්න්ස් 84, ජොනි බයිස්ටොව් 30, ජෝ රූට් 22, බෙන් ස්ටොක්ස් 34, ජොස් බට්ලර් 26, රොස්ටන් චේස් 8/60

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 31 වැනිදා නෝර්ත් සවුන්ඩ් හිදී ආරම්භ වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<