කොදෙව්වන්ගේ වාර්තාගත ඉනිමට රෝයි සහ රූට් අකුල් හෙළයි

195

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ඉනිම පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ අද (21) උදෑසන නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර දිවා රාත්‍රි ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

ඒ අනුව ඔවුන් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් සේ ඉදිරියට පැමිණීමට සමත් විය.

සවුතිගේ සුපිරි පන්දුකරණය හමුවේ බංගලින්ගේ සුද හේදෙයි!

මීට මසකට පමණ පෙර පැවැත්වුණු ඉන්දු – නවසීලන්ත …

බටහිර ඉන්දීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 360ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 364ක් ලබා ගත්හ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ මෙම ඉනිම එංගලන්තයට එරෙහිව වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය. ඊට පෙර ඔවුන් ද ඕවල් පිටියේ දී කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු 356 වාර්තා පොත්වල සටහන්ව තිබුණේය.

මෙම තරගයේ දී කොදෙව්වෝ එංගලන්තයට එරෙහිව හයේ පහර 23ක් එල්ල කරන අතර එය එක්දින තරග ඉතිහාසයේ ඉනිමක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව සේ වාර්තා පොත් හී හිනි පෙත්තේ ලියැවුණි. ඊට පෙර එම වාර්තාවේ හිමිකාරිත්වය (22) නවසීලන්තය සතු වූ අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වී සිටියේ කොදෙව්වෝ ය.

බාබඩෝස් හී කිංග්ස්ටන් ඕවල් පිටියේ දී ඉහළ නැගි කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේ තම පිතිකරු බල ඇණියට කාලයකට පසු ක්‍රිස් ගේල්ගේ සම්ප්‍රාප්තිය ද සමඟිනි.

56 වැනි සහෝදර ගැටුම තීරණයකින් අවසන් වන ලකුණු?

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් ….

ක්‍රිස් ගේල් මෙම තරගය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන්නේ මාස 7කට පසුව ය. ක්‍රිස් ගේල් කණ්ඩායමට තෝරා ගැනීම සාධාරණීකරණය කරමින් ඔහු ලකුණු 135ක් ලබා ගත්තේ ය. මේ වෙනුවෙන් පන්දු 129ක් වෙන් කළ ක්‍රිස් ගේල් හතරේ පහර 3ක් සහ හයේ පහර 12ක් තම ඉනිමට ඇතුළත් කළේය.

මෙය එක් දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ගේල් ඉදිරියේ ලියැවුණ 24 වැනි ශතකය යි. එමෙන්ම එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඔහුගේ හොඳම ඉනිම ද මෙය විය.

ක්‍රිස් ගේල් සහ ෂායි හෝප් අතර දෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු 131ක සබඳතාව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය. ෂායි හෝප් පන්දු 65ක දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී බෙන් ස්ටොක්ස් සහ ආදීල් රෂීඩ් කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත තවත් පන්දු 8ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී කොදෙව් ලකුණු පුවරුව අභිබවා ගියේය.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ජේසන් රෝයි සහ ජෝ රූට් ශතක ලබා ගැනීම කැපී පෙණුනි. ජේසන් රෝයි පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 123ක් ලබා ගත්තේ ය. ජේසන් රෝයි අද රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 7 වැනි ශතකයයි. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

දිනා ගත් ගෞරවයත් සමඟ ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගයට පෙර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු….

ජෝ රූට් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 102කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 97කට මුහුණ දුන් අතර හතරේ පහර 9ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය. එය ඔහුගේ 14 වැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි. ජේසන් රෝයි සහ ජෝ රූට් අතර දෙවැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 114කි.

ඔවුන් දෙදෙනාට අමතර ව නායක ඉයන් මෝගන් පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී නායක ජේසන් හෝල්ඩර් ලකුණු 63කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 8ක් දැවී 360 (50) ක්‍රිස් ගේල් 132, ජෝන් කැම්බෙල් 30, ෂායි හෝප් 64, ෂිම්රොන් හෙට්මයර් 20, ඩැරන් බ්‍රාවෝ 40,  ඈෂ්ලි නර්ස් නොදැවී 25, ක්‍රිස් වෝක්ස් 2/59, බෙන් ස්ටොක්ස් 3/37, අදිල් රෂීඩ් 3/74

එංගලන්තය; කඩුලු 4ක් දැවී 364 (48.4) ජේසන් රෝයි 123, ජොනි බ්‍රිස්ටෝව් 34, ජෝ රූට් 102, ඉයන් මෝගන් 65, බෙන් ස්ටොක්ස් නොදැවී 20, ජේසන් හෝල්ඩර් 2/63

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය මේ මස 22 වැනිදා බ්‍රිජ්ටවුන් හිදී දිවා රාත්‍රි තරගයක් සේ පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<