Home Sinhala වනිඳුගේ තරුණ ජවයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

වනිඳුගේ තරුණ ජවයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

116

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට නිරන්තරයෙන්ම අත් විඳින්නට සිදුවන හෘදයාබාධ ඇති කරවන සුළු ආකාරයේ උණුසුම් තරගයක් අද (22) කොළඹ දී ක්‍රියාත්මක විය. ජය පරාජය නිරන්තරයෙන්ම දෙපසට දෝලනය වූ මෙම තරගය අවසානයේ කොදෙව්වන් පරදා ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එහිදී ලකුණු 290ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය ඔවුන් තරගය ජය ගත්තේ එක් කඩුල්ලක් පමණක් ඉතිරිව තිබියදීයි.

කැන්ගරු දේශයේ අණසක පතුරුවන්නට සැරසෙන සිංහ ධේනුවන්

එක්දින ලෝක ශූරියන් ලෙස කිරුළ පැලඳූ එංගලන්ත කණ්ඩායම මොහොතකට……

SSC පිටියට එක්දින ක්‍රිකට් වසන්තය කැඳවාගෙන එමින් අද ඇරඹුනු තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නයි. ඒ අනුව දිවා තරගයක පළමු පැයේදී වේග පන්දු යවන්නන්ට ලැබෙන අමතර සහයෝගයක් පිලිබඳ අපේක්ෂාවෙන් ඔහු තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. එහිදී වසරක පමණ නිහඬතාවකින් අනතුරුව නැවතත් කණ්ඩායම සමඟ එකතු වුනු තිසර පෙරේරා එම සතුට සැමරුවේ සුනිල් ඇම්බ්‍රයිස්ව ලකුණු 3කට ක්‍රීඩාගාරයට හරවා යවමිනි. තිසරගේ වේග පන්දුව කඩුල්ල තුලට දෝලනය වූවේ ඇම්බ්‍රයිස්ට සිතා ගැනීමට අවස්ථාවක් ඉතිරි නොකරමිනි.

කෙසේවෙතත් එතැන් පටන් තවත් කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 16ක් බලා සිටීමට සිදුවූයේ ශයි හෝප් සහ ඩැරන් බ්‍රාවෝ අතර ගොඩ නැගුණු අර්ධ ශතක සබඳතාවය නිසයි. ඉතාමත් හොඳින් ඉනිම ගොඩ නගමින් සිටි ඩැරන් බ්‍රාවෝ අද සන්නිවේදනයේ සිදුවූ දුර්වලතාවයක් නිසා දුවද්දී දැවී යනවිට පන්දු 52කදී ලකුණු 39ක් ලබා සිටියේය. ඉන් පසු පිටියට පිවිසි රොස්ටන් චේස් මුල සිටම වේගයෙන් පිත්ත හසුරුවමින් ශයි හෝප් සමඟ ලකුණු 85ක සබඳතාවයක් ගොඩ නගන්නට හවුල් විය. හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් එල්ල කළ චේස් අද ලකුණු 41කට දැවී යන්නේ නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

තික්ෂිල, මනෝජ් සහ ප්‍රියන්ජන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier A……

කෙසේවෙතත් සංචාරය ආරම්භ කරමින් ඇරඹුනු මෙම තරගයේ දී නිකලස් පූරන් සහ කිරන් පොලාර්ඩ් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වීම ශ්‍රී ලංකා පිළට වාසියක් විය. ඒ ඉනිමේ අවසන් කොටසේදී ඉසුරු උදාන ඔවුන් දෙදෙනාව ඉක්මනින්ම මට්ටු කිරීමට සමත් වීම නිසයි. එහිදී දිමුත් කරුණාරත්න සහ ලක්ෂාන් සඳකැන් රැකගත් විශිෂ්ට උඩපන්දු දෙකද ශ්‍රී ලංකාවට වාසනාව කැඳවීය. අද තම එක්දින දිවියේ 9 වැනි ශතකය වාර්තා කළ ශයි හෝප්ව දවා ගැනීමත් සමඟ ඉසුරුට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අවස්ථාවක් හිමි වුවද එම පන්දුවට මුහුණ දුන් කීමෝ පෝල් ඊට හතරේ පහරක් එල්ල කළේය.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් අද දුවද්දී දැවී ගියේ ඇන්ජෙලෝ මැතිව්ස් ඈත සිට එල්ල කළ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. කෙසේවෙතත් අවසන් පන්දුවාර 5 දී කීමෝ පෝල් (32*) සහ හේඩන් වොල්ශ් (20*) දියත් කළ ප්‍රහාරක පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාව ලකුණු 289ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් විය. ඒ කඩුලු 7ක් දැවී තිබියදීයි. එහිදී කඩුලු 3ක් දවාගත් ඉසුරු උදානගෙන් කොදෙව්වන් ලකුණු 82ක් උදුරා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. අනෙක් පන්දු යවන්නන් ද ඔවුන්ගෙන් ගැලවෙන්නට සමත් වූයේ නැත.

විශ්ව චතුරංග පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B…….

ලකුණු 290ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිළට අත්‍යවශ්‍යව තිබූ ආරම්භය අද ලබා දුන්නේ අවිශ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්නයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලටම ශතක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගැන තිබූ පූර්ව දෙගිඩියාව නිමා කළහ. අනෙක් අතට හොඳ ලකුණු වේගයක් සහිතව මොවුන් දෙදෙනා එක්කළ ලකුණු 111 වෙනුවෙන් වැය වූයේ හරියටම පන්දුවාර 18ක් පමණි. 

මෙම සාර්ථක වෑයම අවසානයේ දිමුත් ලකුණු 52කට දැවී ගියේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දෙමිනි. ඔහු ඊට පෙර පන්දුවේ දී DRS අවස්ථාව භාවිතා කරමින් තම කඩුල්ල බේරා ගත්‍තද පිට පිටම දෙවැනි වරටත් සමාන පන්දුවකට සමාන පහරක් එල්ල කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස දැවී ගියේය. කෙසේවෙතත් ඔහු ඒ දක්වාම හොඳින් පන්දු තෝරා බේරාගෙන පහරදුන් ආකාරය පරිණත පිතිකරුවෙකුගේ ලක්ෂණ කියා පෑවේය. 

Photos: West Indies tour of Sri Lanka 2020 | 1st ODI

ThePapare.com | Viraj Kothalawala | 22/02/2020 Editing…..

අනෙක් අන්තයේ සිටිමින් තවත් අර්ධ ශතකයකට හිමිකම් කියූ අවිශ්ක ප්‍රනාන්දු ඒ අතරතුර හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය. මෙම සබඳතාවයෙන් පසු පිටියට පිවිසි බොහෝ පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්තද දිගටම කඩුල්ලේ රැඳී සිටින්නට අසමත් වීම නිසා තරගය නැවතත් දෙපිළටම විවෘත විය. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 20කට දැවී යද්දී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 5කට සීමාවිය. අද පිටිය මැදදී කිසිදු විශ්වාසයක් පෙන්නුම් නොකළ ධනංජය පන්දු 29කට මුහුණ දී රැස්කළේ ලකුණු 18ක් පමණි.

චමරි – ශෂිකලා සුසංයෝගය ඉදිරියේ ප්‍රබල එංගලන්තය දණ නමයි!

ළඟ ළඟම එන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන……..

මේ අතරේ එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි කුසල් පෙරේරා ලකුණු 42ක් රැස් කළේ පන්දු 50කට මුහුණ දෙමිනි. කලකට පසු කණ්ඩායමට ඇතුළත් වූ තිසර පෙරේරා අද පන්දු 22කට පමණක් මුහුණ දෙමින් ලකුණු 32ක් රැස් කිරීම ශ්‍රී ලංකාවට තරගය තුල රැඳී සිටින්නට දැඩි පිටුවහලක් විය. කෙසේවෙතත් ඔහු අනවශ්‍ය ලෙස ලකුණු වේගය වැඩි කරන්නට යාමේදී දැවී ගිය නිසා කොදෙව් පිළට ශ්‍රී ලංකාවේ පසුපෙළ විවෘත කර ගැනීමට හැකිවිය. එහිදී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යා හැකි එකම පිතිකරුවා ලෙස පිටිය මැද රැඳී සිටියේ වනිඳු හසරංගයි.

මෙවන් වටපිටාවක ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන්නට අවස්ථාව නොදුන් ඔහු තරගය හොඳින් කියවමින් තැනට සුදුසු සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේය. ඒ පන්දු 39කදී නොදැවී ලකුණු 42ක් ලබා ගනිමිනි. තම සහායක පිතිකරුවාව හැකි තරම් බේරා ගනිමින්, දුර්වල පන්දු වලදී හැකි තරම් ලකුණු රැස් කරමින් ඔහු ක්‍රීඩා කළ ආකාරය සැබවින්ම ඇසට රසඳුනක් විය. 

මෙම විශිෂ්ට සටන අවසානයේ දෙපිළේ ලකුණු සමවූ අවස්ථාවේ වනිඳුට දැඩි සහයක් ලබාදුන් ලක්ෂාන් සඳකැන් දුවද්දී දැවී ගියද වනිඳු තම කණ්ඩායම සුරක්ෂිතව ජයග්‍රහණය කරා කැටුව ගියේය. ඒ ඉනිම නිමා වීමට තවත් පන්දු 5ක් පමණක් ඉතිරිව තිබියදීයි. මෙම ජයග්‍රහණය වාර්තා වූයේ SSC පිටියේ පැවති එක්දින තරගයකදී කණ්ඩායමක් හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

දික්වැල්ලට පළමු එක්දින තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින පිතිකරු ලෙස ක්‍රීඩා කරන…..

ඒ අනුව තරගයේ වීරයා ලෙසද මෙම 22 හැවිරිදි යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේ තමන් සිදු කළ මෙහෙවරට වටිනාකමක් එක්කර ගනිමිනි. දෙපිළ අතර දෙවැනි එක්දින තරගය 26 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

Result


Sri Lanka
290/9 (49.1)

West Indies
289/7 (50)

Batsmen R B 4s 6s SR
Shai Hope b Isuru Udana 115 140 10 0 82.14
SW Ambris b Thisara Perera 3 10 0 0 30.00
Darren Bravo, run out (Kusal Mendis) 39 52 3 2 75.00
Roston Chase b Nuwan Pradeep 41 45 3 1 91.11
Nicholas Pooran c Dimuth Karunaratne b Isuru Udana 11 12 1 0 91.67
Kieron Pollard c Lakshan Sandakan b Isuru Udana 9 6 0 1 150.00
Jason Holder run out (Angelo Mathews) 12 10 2 0 120.00
Keemo Paul not out 32 17 4 1 188.24
Hayden Walsh not out 20 8 2 1 250.00


Extras 7 (b 1 , lb 2 , nb 0, w 4, pen 0)
Total 289/7 (50 Overs, RR: 5.78)
Fall of Wickets 1-10 (3.2) SW Ambris, 2-87 (19.4) Darren Bravo,, 3-172 (35.6) Roston Chase, 4-193 (39.3) Nicholas Pooran, 5-207 (41.6) Kieron Pollard, 6-230 (45.1) Shai Hope, 7-240 (46.4) Jason Holder,

Bowling O M R W Econ
Nuwan Pradeep 10 0 42 1 4.20
Thisara Perera 7 1 40 1 5.71
Isuru Udana 10 0 82 3 8.20
Angelo Mathews 3 0 17 0 5.67
Lakshan Sandakan 7 0 42 0 6.00
Wanindu Hasaranga 10 2 47 0 4.70
Dhananjaya de Silva 3 0 16 0 5.33


Batsmen R B 4s 6s SR
Avishka Fernando c Shai Hope b Alzarri Joseph 50 55 5 1 90.91
Dimuth Karunaratne c Shai Hope b Jason Holder 52 57 7 0 91.23
Kusal Perera c Darren Bravo, b Keemo Paul 42 50 4 0 84.00
Kusal Mendis c Alzarri Joseph b Hayden Walsh 20 25 2 1 80.00
Angelo Mathews c Shai Hope b Alzarri Joseph 5 4 1 0 125.00
Dhananjaya de Silva c Keemo Paul b Hayden Walsh 18 29 2 0 62.07
Thisara Perera c Rovman Powell b Alzarri Joseph 32 22 3 1 145.45
Wanindu Hasaranga not out 42 39 4 1 107.69
Isuru Udana c Shai Hope b Keemo Paul 0 6 0 0 0.00
Lakshan Sandakan run out (SW Ambris) 3 9 0 0 33.33
Nuwan Pradeep not out 0 0 0 0 0.00


Extras 26 (b 0 , lb 11 , nb 1, w 14, pen 0)
Total 290/9 (49.1 Overs, RR: 5.9)
Fall of Wickets 1-111 (17.6) Dimuth Karunaratne, 2-121 (20.1) Avishka Fernando, 3-153 (26.6) Kusal Mendis, 4-168 (28.3) Angelo Mathews, 5-201 (36.1) Dhananjaya de Silva, 6-215 (37.4) Kusal Perera, 7-253 (42.4) Thisara Perera, 8-262 (45.3) Isuru Udana, 9-289 (49.1) Lakshan Sandakan,

Bowling O M R W Econ
Sheldon Cottrell, 10 0 69 0 6.90
Jason Holder 10 0 44 1 4.40
Keemo Paul 8.1 0 48 2 5.93
Alzarri Joseph 10 0 42 3 4.20
Roston Chase 6 0 38 0 6.33
Hayden Walsh 5 0 38 2 7.60



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<