වමත් කසකරුවාගේ ගිනිකෙළි සංදර්ශන තවදුරටත්!

740
Chris Gayle
(Photo by Dibyangshu Sarkar / AFP)

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තමන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇති බව සඳහන් කර සිටි ප්‍රවේගකාරී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඔහුගේ එම තීරණයෙහි යම් වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය කිහිපයක්ම ඊයේ දිනයේ දී (26) සඳහන් කොට තිබුණි.

මාලිංග වෙනුවෙන් කුසල් පෙරේරාගෙන් විශිෂ්ට ශතකයක්!

දශක එකහමාරක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දර දිය ඇදි විශිෂ්ටයෙකු…

ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී මේ පිළිබඳ කතා බහක් නිර්මාණය වෙමින් පැවතුන ද නිශ්චිතවම ඒ බව  සනාථ කරමින් ඉන්දීයාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන කොදෙව් සංචිතයට ගේල්ගේ නම ඇතුළත් කිරීමට එරට තේරිම් කමිටුව තීරණයකට එළඹ තිබේ.

නමුත් ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය ආරම්භ කරමින් ක්‍රියාත්මක වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ගේල්ගේ සේවය ලබා නොගැනීමට ගෙන ඇති තීරණය පිළිබඳ බොහෝ ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩා විචාරකයින් තම විමතිය පළකොට තිබුණි.

මෙම තරගාවලිය ගේල්ගේ ක්‍රිකට් දිවියේ වැදගත් සන්ධිස්ථානයන් කිහිපයක්ම පසුකර යාමට ඔහුට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ අතරින් දැනට බ්‍රයන් ලාරා සතුව පවතින එක්දින ජාත්‍යන්තර තරගවල දී කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා (10,348) වීමේ සහ එක්දින තරගයන්හී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ඇති කොදෙව් ජාතිකයා (10,405) වීමේ ගෞරවයන් ද්විත්වයම තම නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට ඉතාමත් හොඳ අවස්ථාවක් ඔහු සතුව පවතී.

ටෙස්ට් පිටියෙන් නික්ම යාමට සැරසෙන පාකිස්තාන වේගපන්දු බලකණුව

නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දස්කම්…

කෙසේ නමුත් ක්‍රිස් ගේල් මේ දිනවල කැනඩාව කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන Global T20 තරගාවලිය සඳහා එක්වී සිටින අතර ඔහු නියෝජනය කරන වැන්කුවර් නයිට්ස් කණ්ඩායම එම තරගාවලියේ අවසන් අදියර සඳහා පිවිසීමේ භාග්‍ය උදාකරගතහොත් වැන්කුවර් කණ්ඩායමට ඔහුගේ සේවය අහිමි වී යාමේ වැඩි ඉඩකඩක් පවතින බව ඉන්දීය කණ්ඩායමේ එක්දින තරග සංචාරයේ කාල සටහන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව  පෙනී කරුණකි.

ගේල් තමන්ගේ විශ්‍රාම දිවිය පිළිබඳ අවසන් නිගමනයකට එළඹීමට පෙරාතුව තවදුරටත් ක්‍රීඩා කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ තම අදහස් ඉදිරිපත් කළ කොදෙව් කණ්ඩායමේ අන්තර්කාල ප්‍රධාන පුහුණුකරු ධූරය හොඹවන ෆොලොයිඩ් රෙයිෆර් මහතා මෙසේ සඳහන් කර සිටියේය.

“ක්‍රිස් කියන්නේ අපේ කණ්ඩායමට අතිශය වැදගත් වගේම ඉහළ වටිනාකමින් යුතු ක්‍රීඩකයෙක්. ක්‍රිකට් පිළිබඳ ඔහු සතුව තියෙන අත්දැකීම් සහ දැනුම් සම්භාරය ඔහු ක්‍රීඩා කරන ඕනෑම කණ්ඩායමක ජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් වෙනවා කියලා පැකිළීමකින් තොරව කියන්න පුළුවන්. ඔහුව කණ්ඩායමේ දක්නට ලැබෙනවා කියන්නේ කණ්ඩායමටත් විශාල ශක්තියක්.”

ඇඹුලා කඩුලු 8ක් ලබා ගනිද්දී පිතිකරුවෝ සැකකාර ඉනිමක

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන.

ජයග්‍රාහී සටහනකින් ආරම්භ වූ කොදෙව් ලෝක කුසලාන ගමන්මග අවසානයේ දී කෙළවර වූයේ ඔවුන්ට නවවැනි ස්ථානය දක්වා පසුබැසීමට ඉඩ සලස්වමින් වන අතර එම සංචිතයට ඇතුළත් වූ සුනිල් අම්බ්‍රිස්, ඩැරන් බ්‍රාවෝ, ඈෂ්ලී නර්ස් සහ ශැනෝන් ගේබ්‍රියල් හට මෙවර තරග සංචාරය සඳහා දොරටු වැසීගොස් තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

දණහිසේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ දී ම කණ්ඩායමෙන් ඉවත්ව ගිය තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩි රසල්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිරික්සීමෙන් අනතුරුව විස්සයි විස්ස තරග සඳහා පමණක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසා දීමට තේරීම් කමිටුව තීරණයකොට තිබේ.

ලෝක කුසලාන සංචිතයෙහි කොටස්කරුවන් වීමේ අවස්ථාව අහිමි වූ ක්‍රීඩකයින් තිදෙනෙකුට යළිත් වතාවක් කොදෙව් වර්ණයන්ගෙන් සැරසීමේ ඉඩප්‍රස්තාව එරට තේරිම් කමිටුව විසින් නිර්මාණය කර දී තිබෙන අතර රොස්ටන් චේස්, ජෝන් කැම්බෙල් සහ තුන් ඉරියව් ක්‍රීඩක කීමෝ පෝල් එසේ කැඳවීම් ලද ක්‍රීඩකයින් වේ.

එක්දින තරගාවලිය ආරම්භ කරමින් ක්‍රියාත්මක වන පළමු තරගය අගෝස්තු 8 වැනිදා ගයානා ජාතික ක්‍රීඩාංගණයේ දීත්, දෙවන සහ තෙවැනි එක්දින තරග‍යන් ද්විත්වය පිළිවෙළින් අගෝස්තු 11 සහ 14 යන දිනවල ට්‍රිනිඩැඩ්හී ක්වීන්ස් පාර්ක් ඕවල්දීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – 

ජේසන් හෝල්ඩර් (නායක), කාලෝස් බ්‍රැත්වේට්, ජෝන් කැම්බෙල්, රොස්ටන් චේස්, ශෙල්ඩන් කොට්‍රල්, ක්‍රිස් ගේල්, ශිම්‍රෝන් හේට්මයර්, ශායි හෝප්, එවින් ලෙවිස්, කීමෝ පෝල්, නිකලස් පූරන්, කිමාර් රොච්, ඔශේන් තෝමස්, ෆැබියන් ඇලන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<