කැරිබියන් දේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පහළවූ කළු කුමාරයා

978

ඔහු පිතිහරඹයේ යෙදෙන විට අලංකෘත ග්‍රීක කාව්‍යයක් නැතැතින්ම සිහි ගැන්වෙන්නේය. ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ බොහෝ පිතිකරුවන්ට විරල වූ මනස්කාන්ත ලාලිත්‍යයක් ඔහු එල්ල කළ සෑම පහරකම ගැබ්විය.

ඔහුගේ කවර් ඩ්‍රයිව් පහර, ස්ක්වෙයාර් ඩ්‍රයිව් පහර මෙන්ම කැරීබියානු ක්‍රීඩකයාට හුරුපුරුදු පාදයක්  ඉහළට උසවා එල්ල කරන පුල් පහර දෙස ලෝකයා බලා සිටියේ වශීකෘතවය. ක්‍රිකට් ක්‍රීඩාව හෝ පිතිහරඹය වෙනුවෙන් මෙලොව ජනිත වූ කුමාර නාමය ඔහුය.

1969 වසරේ පෝට් ඔෆ් ස්පේන්’හි සාන්ත කෲස් නගරයේ කැන්ටාරියෝ නම් ඈත දුෂ්කර ගම් පියසක උපත ලද මෙම තරුණයා පසුකලෙක ලෝකයම සිය පිතිහරඹය හරහා වසඟයට ගත්තේය. මේ දිගහැරෙන්නේ බ්‍රයන් චාර්ල්ස් ලාරා නම් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම උපන් කුමරාගේ වෙනස්ම පැතිකඩක්.

ඊඩන් උයන ගිණිගත්දා ඉන්දියාව හැඬවූ අපේ විරුවා

මීට දශක දෙකකට දෙහමාරකට පෙර මාර්තුවේ යම් කිසි දිනෙක …

“ශ්‍රීමත් සෝබර්ස්ගේ ලෝක වාර්තාව ලබා ගැනීමට පහරක් එල්ල කල අවස්ථාවේ මගේ එක් පාදයක් කඩුල්ලේ ගෑවී නොගෑවී ගියා. ඔබ සියලු දෙනා දන්නා පරිදි එදා විකට්ටු මත තිබූ එක් බේලයක් එසවී නැවත කඩුල්ල මතම රැඳුණා. මා අද සිතන්නේ එදා ඒ බේලය බිමට වැටුණා නම් කියා. ලෝක වාර්තාව නිසා මට හිමි වූ දේට වඩා අහිමි වූ දේ බොහෝයි.

ලෝක වාර්තාව තැබීමට පෙර දිනයට තරගය නිමා කරන විට ලෝක වාර්තාව පේන මානයක තිබුණේ. ඒ වන විට මගේ නමට ලකුණු 320ක් ලියවී තිබුණා.

එදින රාත්‍රියේ මම කෙතරම් උත්සහ කළත් නින්ද මා කරා පැමිණියේ නැහැ. මම චිත්‍රපට නරඹමින් නිදිවර්ජිතව අලුයම තෙක් රැය පහන් කළා. හෙට  දිනයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී වාර්තාවක් මගේ නමින් ලියවෙන්නට තිබෙනවා. නමුත් මගේ මනස නොසන්සුන්. අලුයම පහට පමණ මම මගේ මිතුරෙකුට කතා කළා. මම ඔහුට පැවසුවා මගේ මනස නිරවුල් කරගැනීමට අවැසි බව. ඔහු සමඟ ගොස් මම ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වුනා. එමඟින් නැවත යථා තත්වයට පත්වෙන්නට මට හැකියාව ලැබුණා. දේවාශිර්වාදයෙන් ශ්‍රීමත් සෝබර්ස්ගේ වාර්තාව බිඳ හෙළන්නට පසුවදා මට වාසනාව ලැබුණා.

එදා මම ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වන විට කර්ට්ලි ඇම්බ්‍රෝස් මා වෙත පැමිණියා.

“ඔබ කුමක්ද මේ කරන්නේ. අද ඔබට ලෝක වාර්තාවක් ලබා ගැනීමට තිබෙනවා නේද ?”

මම ඔහුට කිව්වා, බිය නොවන්න. අනිවාර්යයෙන්ම ඔබ සැමදෙනා වෙනුවෙන් මම ලෝක වාර්තාව ලබා ගන්නවා කියා.

වාර්තාගත ඉනිම ගැන කියද්දී මට තවත් සිද්ධියක් මතක් වෙනවා. මම මගේ පළමු ටෙස්ට් ශතකය රැස් කළේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිවයි. අවාසනාවන්ත ලෙස මා දැවී ගියේ දුවද්දී දැවී යාමට හසුවීමෙන්. දැවී යෑමෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරයට මා හමුවීමට අමුත්තෙක් පැමිණියා. ඒ සර් ගාෆිල්ඩ් සෝබර්ස්. තරුණයා තමුන් මොකක්ද ඒ දැවී ගිය විදිය. ලෝක වාර්තාව ඔබට පහසුවෙන් ලබා ගන්නට තිබුණා නේද ඔහු පැවසුවා. නමුත් ඒ වෙද්දිත් මා කල්පනා කළේ මම කළේ මගේ හැටියට ලොකු දෙයක් කියල. දීර්ඝ ඉනිම් ක්‍රීඩා කිරීමට මට හැකියාව තිබෙන බව මට පසක් කළ ඉනිම එයයි. මා ඔහුගේ ලෝක වාර්තාව අභිබවා යන විට ශ්‍රීමත් සෝබර්ස් ක්‍රීඩාංගණයේ සිටියා. එය අමරණීය මතකයක්.

මාත් ඇතුළුව මගේ දෙමාපියන්ට දරුවන් එකොළොස් දෙනෙකු සිටියා. මම ඔවුන් අතරින් දහවෙනියා. සහෝදර සහෝදරියන් අතරින් ලෙහෙසියෙන්ම ක්‍රිකට් කණ්ඩායමක් සදා ගැනීමේ හැකියාව අපට තිබුණා. අවාසනාවකට මට ඒ කණ්ඩායමේ පිතිකරණයට අවස්ථාව ලැබුණේ දහවෙනියා ලෙසයි. මගේ වැඩිමහල් සහෝදරියන් කිහිපදෙනාත් පිතිකරණයේ යෙදුණ පසුව තමයි මට අවස්ථාවක් ලැබුණේ.

පොඩිම තැනින් ලොකුම තැනට ගිය වසීම් අක්‍රම්

ඒක සම්පූර්ණයෙන්ම අහම්බයක්. 1984 වසරේ පාකිස්තානයේ ලාහෝර්…

වැඩිමහල් සහෝදරයින් සමඟ ක්‍රීඩා කිරීමෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. එය ජාත්‍යන්තර තලයේදීත් මට මහත් රුකුලක් වුනා. එමෙන්ම පාසල් සමයේ සිටම පුහුණුකරුවන්, කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මගෙන් ලොකු දායකත්වයක් බලාපොරොත්තු වුනා. එය ජාත්‍යන්තර තලයට පැමිණි පසුත් වෙනස් වුනේ නෑ.

කුඩා කාලයේ දී ම සහෝදර සහෝදරියන් සෑහෙන පිරිසක් සමඟ ක්‍රීඩා කරන්න ලැබීම නිසා ලකුණු ලබාගැනීමට නම් හිඩැස් අතරින් පන්දුව යොමු කිරීම අනිවාර්යය කරුණක් වුනා. ජාත්‍යන්තර මට්ටමට පැමිණි පසු මට එයත් මහත් රුකුලක් වුනා. සෑම විටම මට ලොකු අවබෝධයක් තිබුණා පන්දු රකින්නන් රඳවා ඇත්තේ කොතනක ද කියා.

ඇමෙරිකානු දරුවන් කුඩා කාලයේ සිටම ප්‍රසිද්ධියට හුරු කරමින් ගොඩ නංවන්නේ. නමුත් අපේ දූපත්වල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ලෝකයම ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ ගැන කතා කරන්න පටන්ගත්තේ 1976 වසරේ මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ හැස්ලි ක්‍රොෆර්ඩ් මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුවයි. මට මතකයි ක්‍රොෆර්ඩ් පිළිගැනීමට එදා මුළු ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ දූපතේම වැසියන් ගුවන් තොටුපොළට පැමිණියා.

ප්‍රසිද්ධිය ගැන මට ඇති මුල්ම අත්දැකීම එයයි. ඊට වසර දහඅටකට පසු මා ලෝක වාර්තාව බිඳ දැමීමෙන් පසු ඇති වූයේත් එවැනි තත්ත්වයක්. ප්‍රසිද්ධිය මා වෙනස් මිනිසෙකු බවට පත්කළා. එය මා වැනි සාමාන්‍ය පසුබිමකින් ආ තරුණයෙකුට දරා ගැනීමට අපහසු කාරණයක් වුනා.

මගේ ක්‍රිකට් ක්‍රීඩාව පිටුපස සිටි දැවැන්තම සෙවණැල්ල මගේ පියා බන්ටි. ඔහු මාව ක්‍රිකට් පුහුණුවීම්, ක්‍රිකට් තරග, ක්‍රිකට් කඳවුරුවලට නිරන්තරයෙන් රැගෙන ගියා. දිනක් ඔහු මට දුරකතනයෙන් කතා කරලා කිව්වා මාව කොදෙව් කණ්ඩායමට තෝරාගෙන ඇති බව. නමුත් ඒ තරගාවලියේ පළමු තරගයේ මුල් එකොලොස් දෙනා අතර මගේ නම තිබුණේ නැහැ. නමුත් මගේ පියාට ඒ තරගය නරඹන්නට කළමනාකරු ක්ලයිව් ලොයිඩ් මාර්ගයෙන් ප්‍රවේශපත් කිහිපයක් ලබා දෙන්නට මම සමත් වුනා. අවාසනාවකට ඊට පසුදා උදයේ ඔහු මියගිය පුවත මට ආරංචි වන්නේ. මගේ පියා කෙදිනවත් මා කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරනවා දැක නැහැ. මගේ ක්‍රිකට් ජීවිතයේ තිබෙන විශාල පසුතැවීම එයයි.

මට ටෙස්ට් වරම් ලැබෙන්නේ නායක විවියන් රිචර්ඩ්ස්ට ටෙස්ට් තරගයකට සහභාගී වීමට නොහැකිවූ නිසා. නමුත් ඔහු කණ්ඩායමට පැමිණි වහාම මට ඉවතට විසිවෙන්න සිදු වුනා. මට මගේ දෙවැනි ටෙස්ට් තරගය ලැබෙන්නේ ඊට මාස දහසයකට පස්සේ. නමුත් ඒ අතරතුර කාලයේ මම සෑහෙන තරග ගණනක දී කොදෙව් කණ්ඩායමේ දොළොස්වැනි ක්‍රීඩකයා වුනා. ඒ කාලය අතරතුර මා ලබාගත් දැනුම අසීමිතයි. මම තවමත් සර් විව් මුණ ගැහුණාම ඔහුට ස්තුතිය පුද කරනවා මා එතෙක් කල් රඳවා ගත්තාට. මොකද මම විශ්වාස කරනවා පළමු තරගයට ක්‍රීඩා කරද්දී මා ජාත්‍යන්තර තලයට සූදානම් වෙලා හිටියේ නෑ කියල. අදාළ කාල සීමාවේ කොදෙව් විශිෂ්ටයින් සමග විවේකාගාරයේ දී මා උකහාගත් දැනුම කිසිසේත් මිල කළ නොහැකියි.

බොහෝ දෙනෙක් මා ගැන දන්නේ කණ්ඩායමේ නීතිරීති කඩ කළ හිතුවක්කාර මතභේදාත්මක අයෙකු ලෙසයි. නමුත් මම සැමට ඉහළින් ශරීර යෝග්‍යතාව ගැන විශ්වාසය තැබූ අයෙක්. අනෙකුත්  ක්‍රියාකාරකම් සමඟ සාර්ථකත්වය ලබාගත හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කළ විරල ක්‍රීඩකයෙකු ලෙසයි මට මා ගැන හඳුන්වන්නට ඇත්තේ.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<