ප්‍රතිවාදීන් කවුරු වුනත් ක්‍රීඩා විලාසය වෙනස් කරන්නේ නැහැ – හෝල්ඩර්

131

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තානය අතර ඊයේ (31) ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු 7ක දැවැන්ත ජයක් ලබා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

එම නිසා මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු පුවරුවට කොදෙව්වන් අවතීර්ණ වූයේ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි.

පාකිස්තානයට නොසිතූ ඉරණමක්

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් …

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලානයට පෙර සහභාගී වූ පළමු පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් දෙවන පුහුණු තරගයේ දී නවසීලන්තයට එරෙහිව දැවැන්ත ලකුණක් ලබාගෙන කොදෙව්වන් ඔවුන්ගේ පිතිකරණය මුවහත් කරගැනීමට සමත් විය.

නමුත් 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන තරගයවූත් කොදෙව්වන්ගේ හා පාකිස්තානයේ පළමු තරගයවූත් මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් නායක ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ කොදෙව්වෝ පළමුව පන්දු යැවීමට තීරණය කළහ.

ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවති මේ තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය ලෝක කුසලානයට පැමිණීමට පෙර දින ගණනාවක් එංගලන්තයේ රැඳී සිටිමින් එංගලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කළේ පැවති පුහුණුවීම් සැසිවාරවලට අමතරවයි.

කෙසේ වෙතත් ඊයේ (31) පැවති තරගයේ දී කොදෙව්වන් හමුවේ පාකිස්තානයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණි.

“අපි ක්‍රීඩා කරන තරග විලාසය අනික් අය වගේ නෙමේ ටිකක් වෙනස්, අපේ ප්‍රතිවාදීන් කවුරු වුනත් අපි අපේ ක්‍රීඩා කරන විදිහ වෙනස් කරන්නේ නැහැ. මම හිතන්නේ ඒ ක්‍රීඩා විලාසය නිසා පාකිස්තාන පිතිකරුවන්ව පහසුවෙන්ම පාලනය කර ගැනීමට අපට පුළුවන් වුනා. අපිට ඕන වුනේ අඩු ලකුණු ප්‍රමාණයක් තුල ඉක්මනින් කඩුලු දවා ගැනීමයි.අපි එය හොඳින් කළා.” යැයි කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තරගයට පසුව පැවසීය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානවල දී හොඳට කරනවා – මහේල

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව …..

“ඔහු ඔහුට දුන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත්තා. ඔහු අවසන් වරට ක්‍රීඩා කර තරගයේ දීත් කඩුලු 5ක් දවාගෙන දස්කම් පෙන්නුවා. ඔහු හොඳ වේගයකින් පන්දු යවනවා. ඒක අපි ඔහුගෙන් බලාපොරොත්තුවෙන එක දෙයක් ඒ දේ නිහඬව හරියමට කරනවා.” හෝල්ඩර් තෝමස් ගැන පැවසුවේ එසේයි.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<