හිරුෂගේ සුපිරි ගෝල ද්විත්වයෙන් කිංග්ස්වුඩ්ට තියුණු ජයක්

91

කොළඹ වෙස්ලි විද්‍යාලය ගෝල 3-2ක් ලෙස පරාජය කරමින් දෙවන වරටත් පැවැත්වුණු කෙනෙත් එම්. ඩී ලැනරෝල් අනුස්මරණ පාපන්දු මහා තරගය ජය ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ඊයේ (8) සමත් වුනා. තරගය පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේ දීයි.

සාන්ත තෝමස් – රාජකීය ගැටුමට වර්ෂාව හරස් වෙයි

වාර්ෂිකව පැවැත්වෙන රාජකීය විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය අතර පාපන්දු තරගය…

මංගල කෙනෙත් එම්. ඩී ලැනරෝල් අනුස්මරණ පාපන්දු මහා තරගය පසුගිය වසරේ දී මහනුවර දී පැවැත්වුණු අතර මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය එම තරගයත් ජය ගැනීම විශේෂත්වයක්.

වෙස්ලි ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුවේ සිටම කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් වෙස්ලි කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරනු කැපී පෙනුණා. 

නොසිතූ විරූ ලෙස තරගය 4 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු හිරුෂ සම්පත් කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Corner අවස්ථාවක සිට පන්දුව කවාකාරව දැල තුළට යොමු කරමින්. ගෝල රකින්නා හට එම පන්දුව පැමිණි දිශාව හෝ වේගය පිළිබඳව කිසිදු අදහසක් නොතිබීම කැපී පෙනුණා.

අනතුරුව වෙස්ලි ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණ කිහිපයක් දියත් කළත් කිංග්ස්වුඩ් ගෝල රකින්නා ජනිත් විමර්ශන මනා විශ්වාසයකින් යුතුව එම අවස්ථා ව්‍යර්ථ කළා. 

>>Photos : Wesley College v Kingswood College | Old boys & Junior Matches<<

පන්දුව දිගින් දිගටම තමන් සතුව තබාගෙන ක්‍රීඩා කරන්නට කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය. පැතුම් විමුක්තිගේ පන්දු යොමු කිරීමක් හිරුෂ සම්පත් විසින් ගෝල රාමුව වෙත යොමු කළත් ගෝල රකින්නා එම ප්‍රහාරය වළක්වන්නට සමත් වුනා. කෙසේ වෙතත් ගෝල රකින්නාගේ වැදී ආපසු පැමිණි පන්දුව Inoon ඉන්ශාන් ක්ෂණිකව දැල් ගත කළේ කිංග්ස්වුඩ් ලකුණු පුවරුව දෙගුණ කරමින්.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් විද්‍යාලය 2 – 0 වෙස්ලි විද්‍යාලය

ඉතා අඩු ආලෝක තත්වයක් යටතේ දෙවන අර්ධය ආරම්භ කරන්නට ක්‍රීඩකයින්ට සිදු වුනා. කෙසේ වෙතත් 41 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ හිරුෂ සම්පත් සිය දෙවන ගෝලයත් රැස් කර ගත්තේ ප්‍රතිවාදී වෙස්ලි ක්‍රීඩකයින් දැඩි අර්බුදයක හෙලමින්. වෙස්ලි ආරක්ෂක වළල්ල පසු කර ගිය ඔහු වෙස්ලි ගෝල රකින්නා ඉදිරියට පැමිණෙන තෙක් හිඳ පහසුවෙන් පන්දුව දැල් ගත කරන්නට සමත් වුනා.

44 වැනි මිනිත්තුවේ දී වෙස්ලි කණ්ඩායම සිය පළමු ගෝලය වාර්තා කළේ කිංග්ස්වුඩ් ගෝල රකින්නාගේ අත්වැරැද්දක් ක්ෂණිකව ප්‍රයෝජනයට ගනිමිනුයි. වෙස්ලි කණ්ඩායමට නිදහස් පහරක් හිමි වුණු අතර ගුවනේ පැමිණි පන්දුව නිසි ලෙස රැකගන්නට කිංග්ස්වුඩ් ගෝල රකින ක්‍රීඩකයා සමත් වුනේ නැහැ. ඔහුගේ වැදී ඉදිරියට ගිය පන්දුව ඔහු රැකගන්නට කළ උත්සාහය අසාර්ථක වුණු අතර නිසි ස්ථානයේ ස්ථානගතව සිටි කිෂෝර් එබනෙස් පළමු වෙස්ලි ගෝලය දැල්ගත කළා.

පළමු අර්ධයේ අඩුපාඩු නිසාවෙන් ජයග්‍රහණය යේමනයට

කටාර් රාජ්‍යයේ දෝහා හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු කුසලානය සඳහා…

පළමු අර්ධයේ මෙන් නොව මෙවර දීර්ඝ පන්දු ප්‍රහාර කරා යොමු වුන වෙස්ලි කණ්ඩායම 57 වන මිනිත්තුවේ දී සිය දෙවන ගෝලය වාර්තා කරගන්නට සමත් වුනේ අලංකාර නිදහස් පහරකින්.

මිඛ්ඩාම් මුස්නි මීටර 40 කට ආසන්න දිගු දුරක සිය එල්ල කළ නිදහස් පහර ගුවනේ ඇදී ගොස් දැල තුළට ඇදුණේ කිංග්ස්වුඩ් ගෝල රකින්නාට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින්.      

තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට වෙස්ලි ක්‍රීඩකයින් සෑහෙන උත්සාහයක නිරත වුනත් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් විද්‍යාලය 3 – 2 වෙස්ලි විද්‍යාලය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • කිංග්ස්වුඩ් විද්‍යාලය – හිරුෂ සම්පත් (4′, 41′), Inoon ඉන්ශාන් (23′) 
  • වෙස්ලි විද්‍යාලය – කිෂෝර් එබනෙස් (44′), .මිඛ්ඩාම් මුස්නි (57′)    

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<