ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කිරුළට සියල්ල සූදානමින්

561
Domestic Cricket season - Feature

එළඹෙන දෙසැම්බර් මස පළමු වැනි දින ආරම්භ වන ප්‍රිමියර් ලීග් ‘A’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියත් සමඟ 2017/18 වසර සඳහා වන දේශීය ක්‍රිකට් තරග වාරය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් කර ඇති අතර එම තරගාවලිය ක්‍රීඩාංගණ 6ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.

කුමන නායකයා ශූරතාවය දිනා ගනී ද?

මෙම දිනවල පැවැත්වෙන වැසි සහිත කාලගුණ තත්වය කෙමෙන් පහව යාමත් සමඟ 2017/18..

2016/17 තරග වාරය සඳහා පැවති ‘A’ කාණ්ඩයේ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජයග්‍රහණය කිරීමට සිංහලීස් ක්‍රීඩා සමාජය (SSC) සමත් වූ අතර එහි දී අවසන් ස්ථානයට පත්වූ ගාල්ල ක්‍රිකට් සමාජය ය මෙවර තරගාවලියේ ‘B’ කාණ්ඩය දක්වා පහත දමා ඇත. අනෙක් පසින් පසුගිය තරග වාරයේ දී තරගාවලියේ ‘B’ කාණ්ඩයේ දී පැවති පානදුර සහ කළුතර අතර තරගයේ දී ඇතිවූ මුදලට තරග පාවාදීමේ සිදුවීමට අදාළව ලබා දුන් තීරණයට අනුව එම කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය මෙවර තරගාවලියේ ‘A’ කාණ්ඩය දක්වා උසස් වීමක් ලබාගෙන ඇත.

ඒ අනුව ‘A’ කාණ්ඩයේ තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගී වන අතර ඔවුන් කාණ්ඩ දෙකකට බෙදා වෙන්කර ඇත. එක් කණ්ඩායමක් මුහුණ දිය යුතු තරග ගණන තරග 6කි. පළමු වටය අවසානයේ අදාළ කාණ්ඩ 2 තුළ ඉහළින්ම සිටින කණ්ඩායම් 04 තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර එම වටයේ තරග පවත්වනු ලබන්නේ සිව්දින තරග ලෙසයි. පළමු වටය අවසානයේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වන පහළින්ම සිටින කණ්ඩායම් 06 තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා තරග වදින අතර එහි දී අවසන් ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට මීළඟ වසරේ තරගාවලියේ දී ‘B’ කාණ්ඩය දක්වා පහත බැසීමට සිදුවේ.

‘B’ කාණ්ඩයේ තරගාවලිය තුළ කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන අතර දෙසැම්බර් මස තෙවන සතියේ දී ආරම්භ වන එම තරගාවලියේ දී එම සියලුම කණ්ඩායම් එකිනෙකා අතර තරග වදියි. සති 9ක කාලයකින් අනතුරුව සියලු තරග අවසානයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා අතර ඔවුන් මීළඟ වසරේ තරගාවලියේ දී ‘A’ කාණ්ඩය දක්වා උසස් වීමක් ලබයි.

මෙම කණ්ඩායම් 24ම පළමු පෙළ තත්වය ලබා ගැනීමත් සමඟ තරග අංශ 3 ඔස්සේම සිය ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් මෙවර ක්‍රීඩකයින් 450-500ත් අතර සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.   

පන්දුවාර 20 සහ පන්දුවාර 50 තරගාවලි ද එම ආකෘතිය යටතේම පළමුව ක්‍රීඩා සමාජ තරගාවලියත්, දෙවනුව පළාත් තරගාවලියත් ලෙස පැවැත්වෙන අතර එහි ඇති එකම වෙනස්කම වන්නේ අදාළ කණ්ඩායම් 24ම, එක් කාණ්ඩයකට කණ්ඩායම් 06 බැගින් කාණ්ඩ 04කට කාණ්ඩගත කිරීමයි.

“පසුගිය වසරේ වගේ නෙමෙයි, මෙවර පළමුව පැවැත්වෙන්නේ රතු පන්දුවෙන් (පළමු පෙළ) ක්‍රීඩා කරන තරගාවලිය. සුදු පන්දුවෙන් (List A) ක්‍රීඩා කරන තරගාවලිය පැවැත්වෙන්නේ ඉන් අනතුරුව. අපිට අවශ්‍ය නැහැ එක් අංශයකින් අනෙක් අංශයට ආවට ගියාට මාරු වෙන්න. මේ හරහා ක්‍රීඩකයින්ට බාධාවකින් තොරව ක්‍රීඩා කරන්න පුළුවන්.”

දේශීය ක්‍රිකට් අංශය බාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා පැවසීය.

තරගය බේරා ගත් දික්වැල්ලගේ නාටකයේ පිටපත

ඉන්දියාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ අවසන් කාර්තුව තුළ සිදු වූ…

2017/18 තරග වාරයේ දී ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි තරගාවලිය වන කණ්ඩායම් 04කින් සමන්විත සුපිරි පළාත් තරගාවලිය සඳහා සහභාගී වන්නේ ක්‍රීඩකයින් 60-65ත් අතර ප්‍රමාණයක් පමණි. ක්‍රීඩා සමාජ තරගාවලියේ දී ක්‍රීඩකයින් දක්වන දක්ෂතා පදනම් කර ගනිමින් අදාළ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම ජාතික තේරීම් කමිටු සාමාජිකයින් මඟින් සිදුකෙරේ.

ඒ අනුව ඔවුන් කණ්ඩායම් 04කට බෙදා දක්වනු ලැබේ. ඒ කොළඹ (කොළඹ, ගම්පහ, කළුතර), ගාල්ල (ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, රත්නපුර, බදුල්ල), මහනුවර (ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවර එළිය, කෑගල්ල සහ දඹුල්ල (යාපනය, කිළිනොච්චිය, මුලතිව්, වවුනියාව මන්නාරම, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, මාතලේ) යන කණ්ඩායම්වලට ය. එහි දී ඔවුන් උපන් ස්ථානය, පාසල හා මේ වන විට සේවය කරමින් සිටින සේවා ස්ථානය ඇති ස්ථානය පිළිබඳව සලකා බැලීමෙන් අදාළ බෙදා දැක්වීම සිදු කෙරේ.

මෙවර තරග වාරයේ දී සිව්දින පළාත් තරගාවලිය සඳහා ‘රෝස පන්දු’ තරග ඇතුළත් කර තිබීම සුවිශේෂී වන අතර ඒ අනුව එක් කණ්ඩායමක් අවම වශයෙන් විදුලි ආලෝකය මධ්‍යයේ ක්‍රීඩා කරනු ලබන එක් තරගයකට සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ඉන්දියානුවන්ගේ දැඩි කැමැත්ත

90 දශකයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එතරම් වදන් හරඹකාරයන් නොවීය…

දේශීය දක්ෂතාවයන් හඳුනා ගැනීමේ අරමුණින් මීට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළාත් තරගාවලි සංවිධානය කරනු ලැබුවත් ඒවා දිගටම පවත්වා ගෙන යාම දිගු කාලයක සිට පැවති ගැටලුවකි. පසුගිය වසරේ දී පළාත් සිව්දින තරගාවලිය වෙනුවට ශූරයින්ගේ කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා පන්දුවාර 50 තරගාවලියක් පවත්වනු ලැබීය.

ඒ අනුව පහත සඳහන් කරුණු ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් අංශයේ ප්‍රගමනය උදෙසා බෙහෙවින් ඉවහල් වනු ඇත.

තණතිලි

ඉහළ තත්වයේ තණතිලි සකස් කිරීම උදෙසා සියලුම ක්‍රීඩාංගණ සහ ක්‍රීඩා සමාජ සඳහා ඉතා ඉහළ තත්වයේ රෝලර් සහ වෙනත් අවශ්‍ය උපකරණ ලබා දී ඇත. කෙසේ නමුත් ගැටලුව පවතින්නේ අදාළ ක්‍රීඩා සමාජ තණතිලි සකස් කිරීමේ දී ඒවා ක්‍රීඩා කිරීමට සුදුසු ආකාරයෙන් හෝ කෙසේ හෝ තරග ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඒවා සිය පන්දු යවන්නන්ට හිතකර ආකාරයට සකස් කරනු ඇත්ද යන කරුණ පිළිබඳව යි.

පසුගිය තරග වාරයේ තරගාවලියේ දී ඉහළම කඩුලු ලාභීන් 15 දෙනාගෙන් 14 දෙනෙක්ම දඟපන්දු යවන්නන් විය. මෙසේ දඟපන්දු යවන්නන් කේන්ද්‍ර කර ගනිමින් තරගාවලි පැවැත්වීම සිදු කළහොත් ශ්‍රී ලංකාවට ඉහළ මට්ටමේ වේගපන්දු යවන්නන් බිහි කිරීමට හැකි වෙයි ද? ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සියලු දක්‍ෂතාවලින් පරිපූර්ණ කණ්ඩායමක් ලෙස සකස් කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ පිළිබඳව ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කිරීමට සිදුවනු ඇති බව නොඅනුමාන ය.

හතුරුසිංහ ශ්‍රී ලංකාවේ පුහුණුකරු වීම තහවුරු වේ?

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා ඉකුත් දා (20) මාධ්‍ය හමුවේ..

ප්‍රේක්‍ෂක පැමිණීම    

ලෝකයේ පැවැත්වෙන අනෙක් දේශීය තරගාවලි තරම් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දේශීය තරගාවලිය තුළ ආකර්ෂණයක් නොමැති වීම නිසා ඒවා බොහෝ විට පැවැත්වෙන්නේ ඉතා සීමිත ප්‍රේක්ෂක සහභාගීත්වයක් යටතේ ය. මෙයට අලෙවිකරණ උපක්‍රමවල ඇති දුර්වලතා සහ තරගාවලි තරගකාරී බවින් අඩුවීම ද ඉවහල් වී ඇත. ඒ අනුව දේශීය තරගාවලි සඳහා ප්‍රේක්ෂකයින්ට වඩා පිටියේ කටයුතු සඳහා සිටින සේවකයින් වැඩි ප්‍රමාණයක් සිටින තත්වයක් උදාවී ඇත.  

මෙම තත්වය නැති කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ ක්‍රිකට් සමාජ සමඟ එක්ව, ඔවුන් වටා ක්‍රීඩාලෝලීන් එක්කර ගැනීමට කටයුතු කළ යුතුය. පාසල් මහා ක්‍රිකට් තරග නැරඹීම සඳහා දහස් ගණන් ක්‍රීඩාලෝලීන් යන්නේ ඔවුන් සිය පාසල් වෙත ඇති ළැදියාව සහ එහි ඇති ආකර්ෂණීය ස්වභාවය නිසාය. දේශීය තරග සඳහා ඒක තත්වය උදා කිරීම ඉතා අපහසු කාර්යයක් වන නමුත් එම තරග සඳහා ද සිය ගණනක ප්‍රේක්ෂක ජනතාව ගෙන්වා ගැනීමට හැකි නම් ඒ හරහා දේශීය ක්‍රිකට් පිටිය තුළ වෙනසක් කිරීමට හැකි වේ.

වෘත්තීයමය භාවය

ටෙස්ට් ක්‍රීඩා කරන අනෙක් රටවල් සමඟ සංසන්දනය කර බැලූ විට දේශීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඉතාමත් අඩු වැටුපක් ලබන වෘත්තිකයන් පිරිසකි. ඒ අනුව 100කට ආසන්න ක්‍රීඩකයින් සංඛ්‍යාවක් මෙම ‘A’ හා ‘B’ කාණ්ඩයේ තරගාවලිවල ක්‍රීඩා නොකර මෙම වසරේ දී ක්‍රීඩා කිරීම සඳහා ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇත.

කොළඹ සිටින ඉහළ මූල්‍යමය හැකියාවක් සහිත ක්‍රීඩා සමාජ ඉහළ තලයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් හටම වෙනත් කොන්ත්‍රාත්තු ලබා දීමෙන් ඔවුන්ව රඳවා ගැනීමට සමත්ව ඇතත් එවන් මූල්‍යමය හැකියාවක් නොමැති ක්‍රීඩා සමාජ වලට එම කටයුත්ත සිදු කිරීමේ හැකියාවක් නොපවතී. එම නිසා අදාළ ක්‍රීඩා සමාජ 24ම ක්‍රීඩකයින්ට ජීවත් විය හැකි මට්ටමේ ඉහළ වැටුපක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ යුතුය.   

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<