“ඉන්දියාව එක්ක වගේ අපි හැම තරගයක්ම සෙල්ලම් කරනවා” – සෆ්රාස් අහමඩ්

219

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන සෑම තරගයක දී ම සිය උපරිම ජවය යොදා ක්‍රීඩා කරන බව පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පවසා සිටී.

පාකිස්තාන ක්‍රීඩකයෙකු ලෝක කුසලානය අස්සේ අසනීප වෙයි

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන්ට එළඹෙන එංගලන්ත තරග ……

මෙතෙක් පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය පිරික්සා බැලූ කල එකඳු අවස්ථාවක දී හෝ පාකිස්තානු කණ්ඩායමක් ඉන්දියාව පරාජයට පත්කර නොමැති අතර එම වාර්තාව මේ වසර තුල බිඳ හෙළීමට සිය කණ්ඩායමට හැකියාව තිබෙන බව පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පවසා සිටියි.

“අපිට තිබෙන හැම තරගයක්ම අපි ඉන්දියාව එක්ක සෙල්ලම් කරනවා වගේ කියල හිතලා සෙල්ලම් කරනවා. මේ වතාවේ ලෝක කුසලානය පැවැත්වෙන්නේ වෙනදා වගේ නෙමේ, මෙවර තරගාවලිය ඉතාමත් උණුසුම් තරගාවලියක් වේවි. මූලික වටයේ පැවැත්වෙන තරග 9ම ජය ගන්න එක අපිට වගේම ඕනෑම කණ්ඩායමකට ඉතාමත් වැදගත් වෙනවා. අනෙක් කණ්ඩායම් වුනත් කිසිම තරගයක් පරාජය වෙන්න ලේසියෙන් අවස්ථාවක් දෙන එකක් නැහැ කියලා මම හිතනවා.” යැයි පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් ඊයේ (22) එංගලන්තය බලා පිටත්ව යාමට පෙර පැවති  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේය.

එසේම එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෆ්රාස් පවසා සිටියේ 2017 ICC ශූරතා කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාව ලකුණු 180කින් පරාජයක් කරමින් ශූරතාවය දිනා ගත් කණ්ඩායම ඔවුන් බවත්  ඔවුන්ට එම ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමට හොඳ තරගයක් දීමට විශාල මානසික සවියක් බවත් පවසා සිටියේය.

“ලොව පුරා බොහෝ ප්‍රේක්ෂකයින් මේ වතාවේ දී සත්කාරක එංගලන්තය හෝ ඉන්දියාව ලෝක කුසලානය දිනා ගැනීමට වැඩි ඉඩක් තියෙනවා කියලා විශ්වාසය කරගෙන සිටිනවා. එතකොට ඒ කණ්ඩායම් මේ තරගාවලියට යන්නේ ලොකු පීඩනයක් රඳවා ගෙන, ඒක මම අත්දැකීමෙන් දන්නවා. නමුත් අනෙක් කණ්ඩායම්වලට එහෙම ලොකු පීඩනයක් නැති නිසා ඔවුන්ට ඔවුන්ගේ උපරිමයෙන්ම ක්‍රීඩා කරන්න ඒ ඒ කණ්ඩායම්වලට හා ඒ ඒ ක්‍රීඩකයින්ට විශාල පහසුවක් වෙනවා.”

වාසනාව ටිකක් තිබ්බොත් අපිට ඇති – ඩේල් ස්ටේන්

වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව තුල සිටින ලොව ප්‍රබල වේගපන්දු…..

2016 වසරේ මැයි මස 6 වැනිදා සිට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් යටතේ ඔවුන් ඉතාමත් හොඳ වර්ධනයක් පෙන්නුම් කළ අතර එහි උපරිම අවස්ථාව ලෙස 2017 ICC ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීම සැලකිය හැකිය. මේ වන විට (2019 අප්‍රේල් 23 වන දිනට) ඔවුන් ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම බවට පත්ව සිටියි.

“එළඹෙන මාස කිහිපය පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් වැදගත් කාල සමයක් බවට කිසිම සැකයක් නැහැ. එය ස්වර්ණමය කාල පරිච්ඡේදයක් කරගැනීම වෙනුවෙන් අප යන ගමන ඉතාමත් අපහසු වෙන්න පුළුවන්, නමුත් ඒ එන ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් හැකියාව පාකිස්තානු කණ්ඩායමට වගේම අපේ ක්‍රීඩකයින්ටත් තියෙනවා කියල මම හිතනවා. ඒ වගේම මට ඒ පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන  මිකී ආතර් පැවසීය.

ලෝක කුසලානයට යන ඇෆ්ගන් සංචිතය නම් කෙරේ

හිටපු නායක අස්ගාර් ඇෆ්ගන් ද ඇතුළත් කරමින් ඇෆ්ගනිස්තාන ලෝක …..

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර එංගලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරග 5කට හා එක් විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට සහභාගී වීමට නියමිතව සිටින අතර ලෝක කුසලාන තරගාවලියේ ඔවුන් තරග වදිනු ලබන පළමු තරගය මැයි මස 31 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<