ජයග්‍රහණයෙන් පන්නරය ලබා ගැනීමට සූදානම් වන දකුණු අප්‍රිකාව

229

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වනු ඇති බව බොහෝ දෙනා තරගාවලියට පෙර මත පලකළ නමුත් ඔවුන් ලෝක කුසලානයේ සහභාගි වූ මුල් තරග 3ම පරාජය විය.

ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුම ආබාධවලට ලක්වීම නිසාවෙන් ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අභියෝගය විශාලය. නමුත් මෙවර ලෝක කුසලානයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ (15) සමත් විය. ඒ ඇෆ්ගනිස්තානය කඩුලු 9කින් පරාජය කරමිනි.

මෙම තරගය පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩූ ප්ලෙසීස් පවසා සිටියේ තමන් අවසන් පූර්ව වටයට යාමට නම් මීළඟ තරග 3ම ජයග්‍රහණය කළ යුතු බවයි.

දකුණු අප්‍රිකාව මේ දක්වා තරග 5කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 3ක් පරාජය විය. එක් තරගයක් වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු විය. කාඩිෆ් හි පැවති ඇෆ්ගනිස්තාන තරගයේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් කඩුලු 4ක් දවා ගත් ඉම්රාන් තාහීර් තරගයේ වීරයා බවට පත්විය. ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව ලකුණු 125කට සීමා වූ අතර දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් පමණක් දැවී එම ලකුණු සංඛ්‍යාව පසුකර යාමට සමත් විය.

දකුණු අප්‍රිකාව මංගල ජය වාර්තා කරයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව හා ඇෆ්ගනිස්තානය අතර ඊයේ (15) කාඩිෆ් හිදී පැවති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක්………

දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩූ ප්ලෙසීස් පවසා සිටියේ තම ක්‍රීඩකයන් මෙම තරගයේ දී සුපුරුදු රිද්මයට පැමිණි බවයි. තරගයට වර්ෂාව නිසා බාධා එල්ල වූ අතර තරගය එක් කණ්ඩායමකට ඕවර් 48ක් දක්වා අඩු කිරීමට සිදු විය.

“මේ තරගය අපේ විශ්වාසය වැඩි කරන්න හේතුවක් වුනා. කණ්ඩායමේ හැමෝටම ගොඩක් ලොකු බලාපොරොත්තුවක් මේක. දැන් අපේ කරේ තිබුණ බරක් නිදහස් වුනා. දැන් අපි දන්නවා ඉදිරියේ තියන අභියෝග ගැන.”

“අපි ක්‍රීඩා කරන හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න ඕන. අද ජයග්‍රහණය ඒකට අඩිතාලම දැම්මා.”

දකුණු අප්‍රිකාවට ඔවුන්ගේ ප්‍රබල පන්දු ‍යවන්නා වූ ඩේල් ස්‍ටේන් අහිමි වූ අතර මුල් තරග තුනේ දී එංගලන්තය, බංග්ලාදේශය හා ඉන්දියාව හමුවේ පරාජය වීමට ඔවුන්ට සිදු විය. කොදෙව් කණ්ඩායම සමඟ තරගය වර්ෂාව නිසා ක්‍රීඩා කිරීමට නොහැකි විය.

මෙම ජයග්‍රහණයත් සමඟින් දකුණු අප්‍රිකාව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල හත්වැනි ස්ථානය දක්වා රැගෙන ඒමට සමත් විය. දකුණු අප්‍රිකාව මේ දක්වා තරග 5ක් ක්‍රීඩා කර ඇති අතර ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ තරග 4ක් පමණි. ඔවුන්ට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තරමක් දුරස් වී ඇත්තේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායම් තරග 4කට පමණක් මුහුණ දෙමින් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින නිසාවෙනි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ දී ඇෆ්ගනිස්තාන තුරුම්පු කිසිවකින් දකුණු අප්‍රිකාවට අභියෝග කිරීමට සමත් නොවීය. හඹා යාමේ දී පළමු කඩුල්ල සඳහා ලකුණු 104ක් එක් කිරීමට හශීම් අම්ලා හා ක්වින්ටන් ඩී කොක් සමත් වූ අතර ඇෆ්ගනිස්තාන නායක ගුලාබ්දීන් නයීබ්ගේ පන්දුවකට මොහොමඩ් නබි වෙත උඩපන්දුවක් ලබා දෙමින් ඩී කොක් දැවී යන විට ඔහු ලකුණු 68ක් ලබාගෙන සිටියේය. හශීම් අම්ලා නොදැවී ලකුණු 41ක් වාර්තා කිරීමට සමත් විය.

අම්ලා හා ඇන්ඩිල් ෆෙලුක්වායෝ පන්දුවාර 29ක් තුල දී ලකුණු 127ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය විවර කර දුන්නේය.

දිමුත් කැන්ගරුවන්ට එරෙහිව පන්දු යැවීම තෝරා ගනී

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් කළ දින සිට දින 3ක් දක්වා පමණක් මෙය නැරඹීමට හැකි බව………..

ඇෆ්ගනිස්තානයේ බිඳවැටීම

තරගය ආරම්භයේ දී පළමු කඩුල්ල සඳහා ලකුණු 39ක් එක් කිරීමට හස්රතුල්ලා සසායි හා නූර් අලී සර්ද්‍රාන් සමත් විය. පළමු කඩුල්ල ලෙස ඉම්රාන් තාහීර්ගේ පළමු පන්දුවෙන්ම සර්ද්‍රාන් දැවී ගිය අතර ඒ වන විය ඔහු ලකුණු 32ක් ලබාගෙන සිටියේය. දෙවන කඩුල්ල ද එම පන්දුවාරයේම ලබා ගැනීමට තාහීර් සමත් වූ අතර එවර ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත යාමට අස්ගාර් ඇෆ්ගන්ට සිදු විය.

තුන්වැනි කඩුල්ල ලෙස මොහොමඩ් නබි දැවී ගිය අතර ඒ ඇන්ඩිල් ෆෙලුක්වායෝ යැවූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි. එලෙස ආරම්භ වූ ඇෆ්ගනිස්තාන බිඳ වැටීම ගුලාබ්දීන් නයීබ්ගේ උඩපන්දුව එයිඩන් මාක්‍රම් විසින් ලබා ගන්නා විට ඇෆ්ගනිස්තානය ලකුණු 77කට කඩුලු 7ක් ම ලබා දී අවසන්‍ ය. රශීඩ් ඛාන් ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වෙමින් පන්දු 25ක් තුල ලකුණු 35ක් රැස් කළ අතර එයට හතරේ පහර හයක් ඇතුළත්ව තිබුණි. ඔහුගේ මෙම ලකුණු සංඛ්‍යාව ඇෆ්ගනිස්තානය ලකුණු 125ක් දක්වා ඔසවා තැබීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලුවකට අතවනයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය ඊයේ (15) ලන්ඩන් හිදී නිමාවුනේ ශ්‍රී ලංකාවට ලකුණු 87ක අමිහිරි……..

“අපි ඒ වගේ පන්දු ‍යැවීමක් තාහීර්ගෙන් බලාපොරොත්තු වුනේ නෑ. අපි වේගපන්දු ‍යවන්නන්ට හොඳින් මුහුණ දුන්නා. නමුත් මැදපෙළ පිතිකරුවන් තම වගකීම ඉටුකළේ නෑ. අපිට ලොකු ලකුණු සංඛ්‍යාවක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ හින්දා අපි සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න උත්සාහ කළා. අපි ගොඩක් වැරදි කළා. අපිට ගොඩක් පිතිකරුවන් ඉන්නවා. අපිට අවශ්‍ය ඔවුන් තරගයේ මැද පන්දුවාර වලදී ලකුණු ලබාගෙන හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න” තරගයෙන් අනතුරුව මොහොමඩ් නබි පවසා සිටියා.

දිනෙන් දින උණුසුම් වන ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<