“අපිට ඕන හොඳ ආරම්භයක්” – දිනේෂ් චන්දිමාල්

713

නවසීලන්තයේ  දී කිසිදු ජයක් වාර්තා කර ගැනීමට නොහැකි වුනත් ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු තරමේ දස්කම් දැක්වූයේ ජාත්‍යන්තරයේ ද අවධානය දිනා ගනිමිනි.

පොඩි කුසල්ට ආබාධයක්; තරගාවලිය අහිමි වෙයි ද?

ඔවුන් ටෙස්ට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වූයේ නවසීලන්තයේ දී තරග පහක් පුරා කිසිදු ආසියානු රටක් ජයග්‍රහණයක් වාර්තා කර නොතිබූ පසුබිමකයි. පළමු ටෙස්ට් තරගයේ දී කුසල් මෙන්ඩිස් හා ඇන්ජෙලෝ මැතිව්ස් නොබිඳුණු ලකුණු 274ක සබඳතාවක් වාර්තා කළේ නුහුරු නුපුරුදු තත්වයන් තුළ තරගය බේරා ගනිමිනි. කෙසේ වෙතත් දෙවන තරගයේ දී ඔවුන්ට දැවැන්ත පරාජයක් අත්වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත පළමු ඉනිමේ ලකුණු 64ට කඩුලු 6ක් බිඳ දමා තිබිය දී ය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දෙවන ඉනිමේ පන්දුවට පහර දීමේ විලාසය තරගයෙන් තරගයට දියුණු වූ බව කැපී පෙනුණි. දිනේෂ් චන්දිමාල් ICC වෙබ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට හොඳ ආරම්භයක් ලබා ගත යුතු බවයි.

ඇන්ජෙලෝ මැතිව්ස්ට ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලිය අහිමි විය.

“අපි හදාගන්න ඕන එක පැත්තක් ඒ ” චන්දිමාල් අදහස් දක්වා තිබුණා. ”අපි නවසීලන්තයේ ටෙස්ට් තරග දෙකේ දී ම හොඳින් දක්ෂතා දැක්වූවා, විශේෂයෙන්ම දෙවන තරගයේ දී, අපිට ඕනේ විශේෂයෙන්ම පන්දු යැවීම හෝ පිතිකරණය හොඳින් ආරම්භ කරන්න. අපි අවසන් තරගාවලියෙන් ගොඩක් ඉගෙන ගත්තා වගේම අපිට සැලසුම් තිබෙනවා, අපිට ඒවා පිටිය මැද දී හරියට කරන්න පුළුවන් නම් අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන්”

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ වීරයෙකු වූ ඇන්ජෙලෝ මැතිව්ස් රහිතව ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියානු තරගාවලියට පිවිසීමට සිදු වනු ඇත. චන්දිමාල් පවසා සිටියේ ඔහුගේ අහිමි වීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වනු ඇති බවයි. නමුත් ඔහු තවදුරටත් පවසා සිටියේ නවක ක්‍රීඩකයෙකුට අපහසු තණතීරු තුළ දස්කම් දක්වා සිය හැකියාව පෙන්වීමට මෙය අනගි අවස්ථාවක් බවයි.

ඉන්දියාවට එරෙහිව වන නවසීලන්ත සංචිතය නිකුත් වේ

“අපි හැමෝම දන්නවා ඇන්ජෙලෝ කොතරම් වැදගත් ක්‍රීඩකයෙක් ද කියලා, අපිට ඔහු නැති පාඩුව දැනේවි, පසුගිය තරගාවලියේ දී ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා වගේම ඔහුට ගොඩක් අත්දැකීම් තිබෙනවා, මේක නවකයින්ට දක්ෂතා පෙන්වන්න ඉතා හොඳ අවස්ථාවක්, ඔබ ඕස්ට්‍රේලියාවේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දක්ෂතා දැක්වුවහොත් ඔබට ඉතා හොඳ විශ්වාසයක් ඇති වෙනවා.

ආසියානු කණ්ඩායමක් හමුවේ පළමු වතාවට ඕස්ට්‍රේලියාව සිය මව් රටේ දී පළමු වතාවට ටෙස්ට් තරගාවලියක් පරාජය විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල ජයග්‍රහණ රහිතව සිටියත් ඔවුන්ට මේ තරගාවලිය ඉතා වැදගත් තරගාවලියක් වනු ඇත. මන්ද යත් ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ ප්‍රධානතම පිතිකරුවන් වන ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර් රහිතව තරග වදින බැවිනි. මේ ඔවුන් දෙදෙනාට හිමි වූ තරග තහනම නිසා මග හැරෙන අවසන් තරගාවලියයි. ඕස්ට්‍රේලියාව පළමු වරට ආසියානු කණ්ඩායමක් හමුවේ සිය මව් රටේ දී පරාජය කිරීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම පසුගිය දා සමත් විය. චන්දිමාල් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටින්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද ඉන්දීය පන්දු යවන්නන් ලෙසින්ම පන්දු යවයි යන විශ්වාසයෙන්.   

“අපි දන්නවා ඕස්ට්‍රේලියාව කෙතරම් දක්ෂ ද කියා, අපි හැමෝටම හොඳ හා නරක කාලයන් තිබෙනවා, නමුත් ඕස්ට්‍රේලියාව ඉතා දක්ෂ ක්‍රීඩකයින් සිටින දක්ෂ කණ්ඩායමක්, ආසියානු කණ්ඩායම් වලට මෙහි පැමිණ තරග දිනන්න ඉතා අපහසුයි.”

“අපේ වේගපන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යවනවා, අපිට පිතිකරුවන්ගෙන් ලකුණු 300ට වඩා ලබා ගත හැකි නම් ඉතා හොඳයි, ඉන්දියානු පන්දු යැවීමේ බල ඇණිය ඉතා හොඳයි, විශේෂයෙන් ඕවර 40 – 80 දක්වා, ඒ නිසයි ඔවුන් තරගාවලිය දින්නේ, අපිටත් ඕන ඒ දෙය කරන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<