අපිට තව තරග අටක් තිබෙනවා – දිමුත්

207
Dimuth Karunaratne

නවසීලන්තය සමඟ තරගය පරාජය වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සිය කණ්ඩායමේ පිතිකරුවන්ට පණිවිඩයක් ලබා දෙමින් පවසා සිටියේ ඔහු පිතිකරණයේ යෙදෙන ලෙසම ඉතා ඉවසීමෙන් පිතිකරණයේ යෙදෙන ලෙසයි.

ශ්‍රී ලංකාවට දරා ගත නොහැකි පරාජයක්

නවසීලන්තයේ ආරම්භක පිතිකරුවන් වූ මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝගේ හිත් පිත් නැති ඉනිම් හමුවේ…

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 136කට සියලු දෙනා දැවී ගිය අතර කාඩිෆ් හිදී පැවති තරගයේ ජය කඩුලු දහයකින් හිමි කර ගත්තේ නවසීලන්තයයි. තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ඉහළම දක්ෂතාව දක්වන්නට සමත් වූයේ අර්ධ ශතකයකින් සිය කණ්ඩායමේ ඉනිම සවිමත් කළ නායක දිමුත් කරුණාරත්නයි.

31 හැවිරිදි දිමුත් වසර හතරකට පසුව නායකයා ලෙස එක්දින කණ්ඩායමට පිවිසුණු අතර ස්කොට්ලන්තය අතර තරගයේ දී මෙන්ම දකුණු අප්‍රිකාව අතර පුහුණු තරගයේ දී ද ඔහු ලකුණු අතරට පිවිසෙන්නට සමත් විය.

නවසීලන්තය සමඟ තරගයේ දී ඔහු තිසර සමඟ එක්ව අගනා ලකුණු 52ක සබඳතාවයක් ගොඩ නැගුවේ කණ්ඩායමේ බර කරට ගනිමින්. කරුණාරත්න මාධ්‍ය හමුවේ දී සිය සගයින්ට පවසා සිටියේ තණතිල්ල ගැන ද සැලකිය යුතු අවධානයක් යොමු කර ක්‍රීඩා කරන ලෙසයි.

“ඔබට ඉලක්කයක් තිබිය යුතුයි. එය ලකුණු 300ක තණතිල්ලක් නොවෙයි. එම නිසාම ඔබට වෙනස් තරග සැලසුමක් අවශ්‍යයි.” නොදැවී ලකුණු 52ක් රැස් කළ දිමුත් පවසා සිටියා.

“ඔබට හැම පන්දුවකටම පහර දෙන්නට බැහැ, ඔබ ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කරන්න ඕන, අවශ්‍ය ස්ථානවල දී අවස්ථාවක් ගන්න ඕන, ඔබේ පිටියේ ස්ථාවර වූ විට ඔබට රිසි ලෙස ලකුණු රැස් කරන්න පුළුවන්.”

Video – පරාජයේ වගකීම පිතිකරුවන් හැමෝම බාරගන්න ඕන – දිමුත්

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහිව මුහුණ…

“නවසීලන්ත ක්‍රීඩකයින් හොඳින් පන්දු යැව්වා, අපි ඔවුන්ට එහි ගෞරව ලබා දෙන්න ඕන. නමුත් අපි මැදපෙළ කඩුලු කිහිපයක් ඉතිරි කරගෙන සිටියා නම් අපිට අවස්ථාවක් ලැබෙන්නට තිබුණා.”

“අපේ පිතිකරණය හරිම අසතුටුදායකයි. මේ ලෙස කඩුලු දැවී යනවා නම් අපිට ලකුණු 200ක් 250ක් වත් රැස් කරගන්න බැහැ.”

“අපිට මැදපෙළ හොඳ සබඳතා අවශ්‍යයි. අපිට ආරම්භයේ දී ම කඩුල්ලක් දැවී ගියත් අපි හොඳින් සෙල්ලම් කළා. නමුත් දිගටම කඩුලු දැවී ගිය එකයි ගැටලුව.”

“එයයි මේ තත්වයන් වල අපිට ලොකු ලකුණු ගණනක් ක්‍රීඩා කරන්න බැරි හේතුව.”

නවසීලන්තය පරාජය කළ හැකියි – දිමුත් කරුණාරත්න

2019 ලෝක කුසලාන තරගාවලිය සැබවින්ම වසන්තයක් බවට පත්වනු ඇතැයි මේ වන විට…

ICC ශ්‍රේණිගත කිරීම්වල නවවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ටත් නවසීලන්ත ආරම්භක පිතිකරුවන් රිසි සේ පහර දුන් අතර ගප්ටිල් හා මුන්රෝ කිසිදු කඩුල්ලක් ලබා නොදී නොදැවී ලකුණු 73ක් හා 58ක් රැස් කර ගැනීමට සමත් විය.

මැට් හෙන්රි හා ලෝකි ෆර්ගසන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව බිඳ දැමූ අතර සෑම නවසිලන්ත පන්දු යවන්නෙක්ම එක් කඩුල්ලක් හෝ දවා ගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ප්‍රතිවාදීන් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය හා පාකිස්තානයයි.

සැලකිය යුතු තරමක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් කාඩිෆ් ක්‍රීඩා පිටියේ රැස්ව සිටියේ කණ්ඩායමේ ජයග්‍රහණ අපේක්ෂාවෙන්.

“අපිට තවත් තරග අටක් තිබෙනවා. තත්ත්වය වෙනස් කරන්නට අපිට තවමත් පුළුවන්.” ඔහු පවසා සිටියා.

“අපි හිස කෙළින් තබා ගන්න ඕන, අපි දන්නවා සබඳතා ගොඩ නගන්න කළ යුතු දේ. අපි ඒ දෙය හරියට කරන්න ඕන.”

“ප්‍රේක්ෂකයින් සෑහෙන දුරක් ගෙවාගෙන කාඩිෆ් වෙත පැමිණ සිටියේ හොඳ තරගයක් බලන්න. ප්‍රේක්ෂකයින්ට ඕන අපි දිනනවා බලන්න. ඔවුන්ටයි අපිටයි තියෙන්නේ එකම අරමුණක්. පරාජය වුනාට ප්‍රශ්නයක් නැහැ අපි හොඳ සටනක් ලබා දෙනවා නම්. එයයි පළමු කාරණය.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<