තිසරගේ කලකිරීම ගැන ක්‍රිකට් CEOට ලියුමක්

1663

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාට ඊයේ (29) දිනයේ දී ලිපියක් වෙත යොමු කර තිබේ.

තේරීම් කමිටුවේ බලතල වලින් හතුරු ගලවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු…

මේ ලිපියේ දී තිසර පෙරේරා විසින් සඳහන් කර තිබෙන්නේ, පසුගිය නවසීලන්ත සංචාරය අතරතුර සමාජ ජාල වෙබ් අඩවි තුළ පළවූ සටහනක් සම්බන්ධයෙන් ඇතිවූ කතිකාවතයි.

තිසර පෙරේරා තම ලිපියේ මූලිකවම සඳහන් කර තිබෙන්නේ සමාජ මාධ්‍ය තුළ ඇතිවූ මෙම කතාබහ හේතුවෙන් තමා දැඩි මානසික පීඩනයකට ලක් වූ බවය.

එසේම කිසිවිටෙක තමා ඉහළ නිලධාරීන්ගෙන් හෝ තේරීම් කමිටු සාමාජිකයින්ගේ විශේෂීකරණය යටතේ කණ්ඩායමට එක් නොවු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

තමා පිළිබඳව සඳහන් කරමින් වගකිය යුතු පුද්ගලයින් සිදු කරන චෝදනා හමුවේ ජනතාව තුළ තමා කෙරෙහි ඇති විශ්වාසය ද බිඳ වැටීම වැළැක්විය නොහැකි බව ද එම ලිපියේ සඳහන් විය.

ලෝකයේ පළවැනියා දක්වා ආ ගමන ගැන කුමාර් ධර්මසේන කියන කතාව

කෙටි පියවර කිහිපයක් දිවවිත් කඕෆ් කටර් පන්දු යවන්නකු ලෙසින් අප ….

“මගේ එකම අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීමයි. ඒ වගේම අදාළ සිදුවීමට අදාළ සටහන් සමාජ මාධ්‍ය තුළ හා මාධ්‍ය තුල කතාබහට ලක්වීමත් සමග ක්‍රීඩා විවේකාගාරය තුළ දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනකු වන අප දෙදෙනා අතර ඇතිවූ මෙම තත්ත්වය යොවුන් ක්‍රීඩකයින්ට ද අයහපත් පූර්වාදර්ශයක් වුනා.” යැයි සිය ලිපියේ එක්තරා කොටසක සඳහන් කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අභියස සිටින අවස්ථාවක දී කණ්ඩායමේ අභිප්‍රාය විය යුත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම මිස සමාජ මාධ්‍ය තුළ පළවන මෙවැනි දෑ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම නොවන බව ද තිසර තම ලිපියෙන් පෙන්වා දී තිබුණි.

තිසර වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර නායකත්වයක් යටතේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යාම මිස කොටස් වශයෙන් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් ඵලක් නොවන බවයි.

අවසාන වශයෙන් මෙම ලිපියේ සඳහන් කරුණු පිළිබඳ තමාට එරෙහිව යම් විභාගයක් සිදු කිරීමට අවශ්‍ය නම් තමා ඒ වෙනුවෙන් පෙනි සිටීමට සූදානම් බව ද තිසර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට දැනුම් දී තිබේ.

තිසර පෙරේරා එවූ ලිපිය පහතින් දැක්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<