“ශ්‍රී ලංකාවට හොඳ අභියෝගයක් දෙන්න අපට පුළුවන්” – මොසදික් හුසේන්

6272
Mossadek Hossain

මේ මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අභියෝගයක් ලබා දීමට හැකි බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොසදික් හුසේන් පවසා ඇත.

බංග්ලාදේශ තරගාවලියට යන ශ්‍රී ලංකා මූලික සංචිතය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී..

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මේ දක්වා පවත්වා තිබෙන එකඳු මට්ටමේ හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කර නොමැති නමුත් මේ වතාවේ දී ඔවුන්ට එය සිදු කළ හැකි බවට ඔවුන් දැඩි විශ්වාසයකින් පසුවෙයි.

“මම හිතන්නේ අපිට මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව පරාජය කරන්න අපිට පුළුවන් කියලයි. මොකද අපේ කණ්ඩායම පහුගිය කාලය පුරාවටම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් ඉතාමත් හොඳ දස්කම් පෙන්නුවා. ඒක නිසා අපිට මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබෙනවා.” යැයි 23 හැවිරිදි මොසදික් හුසේන් පවසා ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල මෙම කණ්ඩායම් දෙක මේ දක්වා එක්දින ක්‍රිකට් තරගාවලි 7කට මුහුණ දී තිබෙන අතර ඉන් තරගාවලි 6කම ජය තහවුරු කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පමණක් සඳහා තරග වැදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවසන් අවස්ථාවේ දී එම තරගාවලිය තරග 1-1ක් ලෙස සම වීමෙන් අවසන් වූයේය. 

සිම්බාබ්වේ ඇතුළු රටවල් කිහිපයක ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ගේ විශේෂ හමුවක්..

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පිතිකරණයෙන් ලකුණු 606ක් හා පන්දු යැවීමෙන් කඩුලු 11ක් දවාගෙන කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය. 

එහි දී ඔහු 86.57ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන පිතිකරණයේ නිරත වූ අතර ඒ සඳහා ශතක දෙකක් හා අර්ධ ශතක 5ක් අන්තර්ගත වන  ලදි. නමුත් ලෝක කුසලානයට පසුව ශකිබ් අල් හසන් තමා හට යම් විවේකයක් අවශ්‍ය බව පුද්ගලිකව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දී තිබූ නිසාවෙන් බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඔහුව විවේක ගැන්වීමට තීරණය කර ඇත.

එසේම බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතයේ සිටි තවත් දක්ෂ මැදපෙළ පිතිකරුවෙක් හා කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් මේ මස 28 වැනිදා යුග දිවියට එළඹෙන නිසාවෙන් ඔහු ද මේ සංචිතය සඳහා නම් කර නොමැත.

“මහමදුල්ලා ලෝක කුසලානයේ දී පන්දු යැවුවේ නැති එක (උරහිසේ ආබාධය නිසා) අපිට ලොකු පාඩුවක් වුනා. ඒක නිසා මට හැම තරගයක දී ම පන්දු යවන්නත් සිදු වුනා. වෙනදට මහමදුල්ලා පන්දුවාර 10ක් වගේ හැම තරගයේම දානවා. ඒ වගේ තරගවල දී මම යවන්නේ පන්දුවාර 5-6ක් වගේ.මම පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. හැබැයි මට දැන් තේරුණා පන්දු යවන්නෙක් ලෙසත් මට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක මගේ තුන් ඉරියව් ක්‍රිකට් තරග රටාවටත් ලොකු සවියක්. ශකිබ් ශ්‍රී ලංකා තරග සංචාරයට නැති නිසා ඒ තරගාවලියේ දීත් පන්දු යවන්නෙක් ලෙසත් මගෙන් ලොකු දෙයක් කණ්ඩායම අපේක්ෂා කරනවා. කොහොම වුනත් මගේ කණ්ඩායම මගෙන් ඉල්ලන ඕනම දෙයක් තරගය තුල දී මම කරන්න කැමැත්තෙන් ඉන්නවා. මම දැනටමත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් හදලා තියෙන්නේ.” යැයි එම හමුවේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හුසේන් පවසා තිබේ.

අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වන හුසේන් සිය පිතිකරණ ස්ථානය පිළිබඳව දැරුවේ මෙවන් අදහසක්,

“මම හිතන විදිහට එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දීත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩා කළා වගේ අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන්න ලොකු ඉඩක් තිබෙනවා. මොකද අපේ කණ්ඩායමේ දැනට තිබෙන සංයුතිය කඩන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. එය තමයි මට පිතිකරණයේ නිරත වෙන්න තියෙන හොඳම තැන කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ වගේ තැනක පිතිකරණයේ නිරත වෙනකොට අඩු පන්දු ප්‍රමාණයක් තුල වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් හැකියාව ඒ පිතිකරුවාට තියෙන්න ඕනේ. ඒ වගේම අසීරු අවස්ථාවන් වලදී ඉනිම ගොඩනැංවීමේ හැකියාවත් තියෙන්න ඕනේ. ඒ දේවල් සලකලා බලලා මගේ අඩුපාඩු හදාගෙන කණ්ඩායමේ ප්‍රගතියට ලොකු දායකත්වයක් දක්වන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි හුසේන් අවසන් ලෙස පවසන ලදි. 

ක්‍රිකට් විස්තර විචාරයේ අසමසම හඬ පෞරුෂය හර්ෂ බෝග්ලේ

විස්තර විචාරක කුටියේ අති මනෝරම සුගම විචිත්‍ර බසක් ඔහුට හිමිය. ඔහු උපතින් ඉන්දියානු …

එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඔවුන් දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ලබන මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රි තරග වශයෙන් පැවැත්වේ.

තරග කාලසටහන

  • ජූලි 23 – පුහුණු එක්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී
  • ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<