වසීම් රසීක් ශ්‍රී ලංකාවට!

80

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 FIFA ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයේ මීළඟ තරගය සඳහා ටර්ක්මෙනිස්තානය සමඟින් තරග වැදීමට නියමිතය. 

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා වසීම් රසීක් සහභාගි වීමට නියමිතව තිබේ. ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා පසුගිය කාලයේ දී විශාල පරිපාලනමය සටනක් කිරීමට සිදුව තිබුණි. වසීම් රසීක්ගේ පැමිණීම ඔහුගේ පියා වන ජමාල් රසීක් විසින් ThePapare.com වෙත තහවුරු කර සිටියා. 

පාපන්දු කණ්ඩායමේ SAG ගමන අවිනිශ්චිත තත්වයක?

එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල….

රසීක් මේ වන විට ජර්මනියේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස බර්ලයිනර් AK07 කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු ඊයේ (10) එම කණ්ඩායම නියෝජනය කරමින් Wacker Nordhausen කණ්ඩායම සමඟින් තරගයක් සඳහා ද සහභාගි විය. 

තරගයෙන් අනතුරුව එම කණ්ඩායම විසින් වසීම් රසීක්ට මෙරට ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. ඒ ලෝක පාපන්දු සම්මේලනය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ‍රෙගුලාසි වලට අනුකූලවයි. 

ඒ අනුව මෙරටට පැමිණෙන වසීම් එළඹෙන නොවැම්බර් මස 19 වැනිදා ටර්ක්මෙනිස්තානයේ අශ්ගබට් හිදී පැවැත්වීමට නියමිත FIFA සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දෙවන වටයේ තරගයට සහභාගි වීමට නියමිතය. වසීම් කනිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ජර්මනියේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කර ඇති අතර පසුගිය තරග තුන කදී ගෝල දෙකක් රැස් කරමින් ප්‍රබල තත්වයක පසුවේ. 

පසුගිය වසර කීපයක සිට වසීම් මෙරට පාපන්දු කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට උත්සාහ කළ අතර ඒ සඳහා අවශ්‍ය ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා කීපවරක්ම ශ්‍රී ලංකාව බලා පැමිණීමට ද ඔහුට සිදු විය. 

වසීම් පසුගිය වසරේ දකුණු ආසියානු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වුව ද ඒ වන විට ඔහු කණ්ඩායම සමඟින් වැඩි කාලයක් පුහුණුවීම් සඳහා සහභාගි වී නොසිටි බැවින් ඔහුට එම තරගාවලිය සඳහා සහභාගි වීමට නොහැකි විය. 

ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු වන නිසාම් පකීර් අලී මහතා පවසා සිටියේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නම් ඕනෑම ක්‍රීඩකයෙකු කණ්ඩායම සමඟින් දීර්ඝ පුහුණුවීමක් සඳහා සහභාගි විය යුතු බවයි. මේ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ද අවධාරණය කර තිබුණි. 

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ලැබූ තවත් දැවැන්ත ජයක්!

වර්තමාන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙරට….

වසර කීපයක කැපකිරීම් රැසකින් අනතුරුව වසීම්, ඔහුගේ පවුල, මාධ්‍ය හා මෙරට පාපන්දු ක්‍රීඩාලෝලීන් කළ කැපකිරීම් රැසකින් අනතුරුව වසීම් රසීක් ජාතික පාපන්දු වරම් දිනා ගැනීම අභියසට පැමිණ ඇත. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට  තම අත්දැකීම් හා ගුණාත්මක බව උපයෝගී කරගනිමින් ප්‍රබල වටිනාකමක් එක් කරනු ඇත. 

ThePapare.com අප වසීම් රසීක් හට උණුසුම් සුබ පැතුම් එක්කරන්නෙමු.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<