ඕස්ට්‍රේලියානු ප්‍රබලයාගේ ගමන කල් යයි

87

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රග්බි තරගාවලි සඳහා උපදේශකවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම් සමඟ කටයුතු කිරීමට නියමිතව සිටි ඕස්ට්‍රේලියාවේ හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් කැම්පීස් මෙම මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි නමුත් දිවයිනේ උද්ගත වී ඇති තත්වය හමුවේ ඔහුගේ පැමිණීම කල් දමා ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායම ජයග්‍රහණ කරා රැගෙන ගිය ක්‍රීඩකයෙකු මෙන්ම පොදු රාජ්‍ය මාණ්ඩලීය සත් සාමාජික ශූරයෙකු ද වන කැම්පීස් 1982 සිට 1996 කාල වකවානු තුල අන්තර්ජාතික රග්බි පිටියේ දස්කම් දැක්වූ ප්‍රබලයෙකි.

>>මං තමයි මිනිහා කියලා හිතුවා, නමුත් මං මායාවකට අහුවුනා – විල්කින්සන්

තරග 101කට ක්‍රීඩා කරමින් වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇති වාර්තාවට පවා හිමිකම් කියන ඩේවිඩ්ගේ පැමිණීම පිළිබඳ ThePapare.com ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉහල නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු පැවසා සිටියේ, දිවයිනේ ඇති වී තිබෙන නොසන්සුන් තත්වය හේතු කොටගෙන පාසල් රග්බි ලීගය ද කල්ගොස් ඇති නිසාවෙන් ඔහුගේ පැමිණීම ද කල්දැමීමට සිදු වූ බවයි.

කැම්පීස් ලබන මස 4 වැනිදා රාජකීය විදුහල හා සාන්ත ජෝසප් විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබූ පාසල් රග්බි ලීගයේ තරගයට විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් සහභාගී වීමට සිටියත්, එම තරගය මෙන්ම පාසල් රග්බි ලීගයේ සියලු තරග ද දින නියමයක් නොමැතිව කල් යන්නේ රටේ දැනට පවතින නොසන්සුන්තාවය හේතුවෙනි.

>>All Blacks ක්‍රීඩකයෙකු තවත් වසර 3කට ගිවිසුම් අත්සන් කරයි

කෙසේ වුවද එළඹෙන මැයි මස අවසන් සතියේ දී චීන තායිපේ හිදී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා රග්බි තරගාවලිය සඳහා සහාභාගී වන සංචිතයට ලැබීමට තිබුණු ඉතා වටිනා උපදේශනයන් මේ අනුව ගිලිහී යන නමුත් ඉදිරියේ දී ඔහුගේ සහය ශ්‍රී ලංකා සංචිතයට ලැබෙනු ඇත. එසේම කැම්පීස්ගේ ආගමනයෙන් පසු ඔහු ශ්‍රී ලංකා සංචිතයේ පමණක් නොව පාසල් රග්බි තරගවලට ද අවදානය යමු කරනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<