රතු පන්දුවට නිවාඩු දී සුදු පන්දුවෙන් වැඩ පෙන්වන්න යන වේගපන්දු යවන්නා

117

ගෙවුණු වසර කිහිපය පුරාවටම පාකිස්තාන වේගපන්දු බලඇණිය සවිමත් කරමින් කණ්ඩායමට අත්‍යාවශ්‍යම මොහොතේ දී තම දායකත්වය නොපිරිහෙලා ලබා දුන් ක්‍රීඩකයෙකු ලෙස පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් හැඳින්විය හැකි.

ලෝක කුසලාන තරගාවලිය පුරාවට පිත්තෙන් සහ පන්දුවෙන් ඔහු පෙන්වූ කැපී පෙනෙන දක්ෂතාවන් නිසාවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලීන් සඳහා රියාස්ගේ සේවය නියත වශයෙන්ම ලබා ගනු ඇතැයි බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ අදහසයි.

ත්‍රස්ත ප්‍රහාරයකට අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට පෙර කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට රජයෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාව..

ඒ අනුව සුදු පන්දුවෙන් කණ්ඩායමට ඉටු විය යුතු සේවාවට උපරිම සාධාරණයක් ඉටු කිරීමට නම් තමා හට යම් කැප කිරීමක් සිදු කළ යුතු බව අවබෝධ කර ගත් රියාස් ඊයේ (12) දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැනුවත් කරමින් සඳහන් කොට තිබුණේ ඔහු ඉදිරියේ දී පැවැත්වෙන කුවයිඩ්-ඊ-අසාම්දේශීය පළමු පෙළ තරගාවලියෙන් සහ ජාත්‍යන්තර ටෙස්ට් තරග පිටියෙන් තාවකාලිකව ඉවත්ව සිටීමට තීරණය කර ඇති බවයි.

2017  වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරග 4කට පමණක් ක්‍රීඩා කොට ඇති රියාස් අවසන් වරට පාකිස්තානය නියෝජනය කරමින් ටෙස්ට් තරගයකට සහභාගී වී තිබෙන්නේ 2018 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. 2010 වසරේ දී ටෙස්ට් වරම් හිමිකර ගනිමින් ටෙස්ට් තරග 27ක දී පාකිස්තාන වර්ණයන්ගෙන් සැරසී තරග වැදී රියාස් එහි දී කඩුලු 83ක් බිඳ හෙළීමට සමත්ව තිබෙන්නේ කඩුලු පහ බැගින් දවා ගත් අවස්ථාවන් දෙකක් ද සමඟිනි.

මෙවැනි තීරණයක් ගැනීමට හේතු පාදක වූ කරුණු කාරනා පිළිබඳව පැහැදිලි කරමින් රියාස් සඳහන් කර සිටියේ සීමිත පන්දුවාර තරග සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට තමන් අපේක්ෂා කරන නිසාවෙන් අකමැත්තෙන් වූවද මෙවැනි කැප කිරීමක් සිදු කිරීමට වුනු බවයි.

පාකිස්තානෙට යන්න බැරි නම් කොදෙව් යන්නත් බැහැ

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයින් දසදෙනා අතරේ සිටින නිරෝෂන් දික්වැල්ල හා තිසර…

ගතවුනු වසර කිහිපයේ දී රතු පන්දුවෙන් මම පෙන්වලා තිබෙන දක්ෂතා ගැන පොඩි අධ්‍යයනයක් කිරීමෙන් පසුව වගේම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලි සියල්ල ගැන සලකා බැලීමෙන් පසුව තමයි අවසානයේ දී මේ වගේ තීරණයක් ගන්න මම කල්පනා කළේ.”

මෙය රියාස්ගේ ටෙස්ට් ක්‍රීඩා දිවියේ අවසානය වනු ඇත්දැයි නැඟුණු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කර සිටියේ එවැනි තීරණයක් ගැනීමට තවමත් කාලය එළඹ නොමැති බවත්, ඉදිරියේ දී තමන් ජාත්‍යන්තර තරග බිමේ පෙන්වන හැකියා දක්ෂතාවන් පදනම් කරගනිමින් ඒ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණෙන බවත්ය.

ඉදිරියේ දී මට හැඟුනොත් සුදු පන්දුවෙන් වගේම රතු පන්දුවෙනුත් මගේ උපරිම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් කියලා ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න මම කිසිම වෙලාවක පසුබට වෙන්නේ නැහැ. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍ය වෙලා තිබ්බා ටෙස්ට් තරගවල දී මගේ දායකත්වය දිගින් දිගටම ලබා ගන්න, නමුත් දැන් කොහොම හරි ඔවුන්ව මගේ තීරණයට එකඟ කර ගත්තා. මම ස්තූතිවන්ත වෙනවා පාකිස්තාන ක්‍රිකට් ආයතනයට මේ අවස්ථාවේ දී මගේ තීරණයට ගරු කරමින් මාව තේරුම් ගත්තාට.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<