සුපිරි All Blacks ක්‍රීඩකයාගේ ගැටලුවට පිළියමක් සොයාගනී

134

ගෙවුණු කාලසමය පුරාවටම ප්‍රබල All Blacks කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසින් ජයග්‍රහණයන් සඳහා සුවිශේෂී කාර්‍යභරයක් ඉටු කළ ක්‍රීඩකයෙකු ලෙස Ardie Savea නිතැතින්ම හදුන්වා දිය හැක.

වේල්ස් ගිනිසිළුවෙන් ඕස්ට්‍රේලියාව දැවී යයි

ජපානය කේන්ද්‍රකර ගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන සති අන්තයේ තවත්….

අඛණ්ඩව තෙවැනි වතාවටත් රග්බි ලෝක කිරුළ හිමිකර ගැනීමේ අරමුණින් 2019 රග්බි ලෝක කුසලානය සඳහා ජපානය බලා පිටව ගිය All Blacks සංචිතයෙහි කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන Savea, හෙට (2) දිනයේ දී කැනඩාවට එරෙහිව පැවැත්වීමට නියමිත මූලික වටයේ දෙවන තරගය සඳහා විශේෂයෙන් සකස් කළ ඇස් ආවරණයක් පැලඳ ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.

දිගු කලක සිට ඔහුගේ වම් ඇසේ පෙනීමේ දෝෂයක් පවතින බැවින් එය තවත් උග්‍ර අතට හැරීමේ ඇති අවදානම පිළිබඳ සලකා බලකා අනතුරුව මෙවැනි ක්‍රමෝපායක් අනුගමනය කිරීමට Savea පෙලඹ තිබේ.

මේ අනුව පෙනීමේ දුබලතාවන් සහිත ක්‍රීඩකයින් වෙනුවෙන් ක්‍රීඩාවට උචිත ඇස් ආවරණ පැලඳීමේ ඉඩ ප්‍රස්තාවක් සකසා දීමට අන්තර්ජාතික රග්බි සම්මේලනය මෙම වසර ආරම්භයේ දී එකඟතාවකට පැමිණ තිබෙන අතර ලෝක කුසලාන තරගාවලියක දී එවැනි ඇස් ආවරණයක් පැලඳ ක්‍රීඩා කරන පළමු ක්‍රීඩකයා ලෙස Savea වාර්තා පොත් අතරට එක්වීමට නියමිතය.

ඊයේ දිනයේ ජපානයේ ඔයිටා නුවර දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වූ Savea උද්ගතව ඇති තත්වය පිළිබඳ සිය හඬ අවදි කරමින් සඳහන් කර සිටියේ කලක සිට වර්ධනය වන මෙම ගැටලුව නිසාවෙන් ඔහු සිත් තැවුලෙන් පසුවූ බවයි.

සත්කාරක දේශයේ ප්‍රහාරයෙන් රග්බි ලෝකය උඩුයටිකුරු වෙයි

දිනෙන් දින උණුසුම් වන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන සතියේ අන්තය ආරම්භ කරමින් අද (28) පැවති මූලික….

“මීට වසර දෙකකට කලින් තමයි මම අඳුනාගත්තේ මගේ වම් ඇහේ පෙනීමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැමදෙයක්ම මට බොඳ වෙලා පේන්න ගත්තා. මම All Blacks කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍යවරයා විදියට කටයුතු කරන Tony page මහත්මාවත් මීට පෙර දැනුවත් කරා මේ ගැටලුව සම්බන්ධයෙන්. දැන් ඔහු ඇතුළු නිලධාරි කණ්ඩායම කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳ සැලසුම් කරගෙන යනවා.”

“ඔය අතරතුර තමයි වෛද්‍ය Page මට කිව්වේ රග්බි සම්මේලනයෙන් අනුමත කරපු විශේෂයෙන් සැකසූ ඇස් ආවරණ කිහිපයක් තියෙනවා කියලා. මේ වෙලාවේ දී මතක් කරන්න ඕනෑ ගොඩක් දෙනෙක් මට සෑහෙන්න උදව් කළා ගතවුනු කාලසීමාව පුරාවටම. පෙනීමේ දුර්වලතාවකින් හරි අක්ෂි රෝගයකින් හරි පීඩා විදින ක්‍රීඩකයෙක්ට මේ වගේ විකල්පයක් ලබා දීලා තියෙන එක අගය කළ යුතුයි. දැන් ඉතින් මට තියෙන්නේ කොහොමහරි අලුත් වෙනසට ඉක්මනින් අනුගත වෙන එකයි.”

මෙම අක්ෂි ආවරණයන් සකසා තිබෙන්නේ පැලඳ ක්‍රීඩා කරන ක්‍රීඩකයාට හෝ එම ක්‍රීඩකයා සමඟ ගැටීමට එන ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට අනතුරක් සිදු නොවන අයුරින් වීම විශේෂත්වයකි. අයර්ලන්තයේ උපන් නමුත් ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය Ian McKinley මෙවැනි උපැස් යුගළක් අන්තර්ජාතික තරගයක දී භාවිත කළ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසගතවී ඇති නමුත් ලෝක කුසලාන තරගයක් සඳහා උපැස් යුවළේ සහය පතන පළමු ක්‍රීඩකයා වන්නේ Savea බව මෙහි දී  සඳහන් කළ යුතුය.

වැස්සේ දියත් වූ තෙවැනි අදියරෙන් ශ්‍රී ලංකාවට අමිහිරි මතක

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි අදියර අද (29) කොළඹ දී නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි ස්ථානය….

වෛද්‍ය Page මහතා Savea සමඟ සමීපව කටයුතු කරමින් මෙම ගැටලුකාරී තත්වයෙන් ඔහු මුදවා ගැනීමට මනා සහයක් ලබා දෙන අතර පුහුණුවීම් අතරතුර දී අවස්ථා කිහිපයක දී Savea ඇස් ආවරණ පැලඳ ක්‍රීඩා කරනු ඔහු නිරීක්ෂණය කළ නමුත් එය කිසිසේත්ම Saveaගේ ක්‍රීඩා හැකියාවන් සඳහා අයහපත් බලපෑමක් එල්ල නොකළ බව ඒ මහතා සඳහන් කර සිටියේය.

“ඔහුට අලුත් වෙනස්කම් වලට හැඩගැහෙන්න ලැබිලා තියෙන පාරිසරික තත්වයනුත් තරමක් අභියෝගාත්මකයි. මොකද මේ දින වල ජපානයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව තරමක් ඉහළ අගයකයි පවතින්නේ. ඊට අමතරව කණ්ඩායමත් වෙනදාට වඩා පුහුණුවීම් කටයුතු වලට වැඩි බරක් දෙනවා. මේ හැම බාධකයක්ම ඔහු මේ වන තෙක් ඉතාමත් හොඳින් ජයගෙන තියෙනවා.”

සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් යලිත් වතාවක් අදහස් දක්වමින් Savea පවසා සිටියේ යම් හෙයකින් ඔහුගේ වම් ඇස වෙනුවට අනෙක් ඇසට කිසියම් අනතුරක් සිදු වූවා නම් සදාකාලිකවම ඔහුගේ පෙනීම එතැකින් අවසන් වීමට වැඩි ඉඩකඩක් තිබූ බවයි. එසේ වූවා නම් එය ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසානය ද වනු ඇති බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“මට දැනටමත් පුංචි දුවෙක් ඉන්නවා වගේම අනාගතයේ දී තවත් මගේ පුංචි පවුලේ සාමාජිකයන් ගණන වැඩි වේවී. ඉතින් මට ඒ හැමදෙයක්ම මගේ ඇස් දෙකෙන් දකින්න ඕන. ඒ ගැන දුර දිග හිතලා තමයි මම මේ උත්සහ කරන්නේ මගේ ඇස් දෙක කොහොමහරි ආරක්ෂා කරගන්න.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<