විසාකා සහ සාන්ත ජෝසප් විදුහල් පිහිනුම් ශූරතා දිනයි

345

නොබෝදා අවසන් වූ 44 වන ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ශුරතා දිනා ගැනීමට විසාකා විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. තරගාවලිය සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකාංගනයේ පැවැත්විය.

තරගකරුවන් සිය ගණනක් අතුරින් සෑම වයස් කාණ්ඩයකම හොඳම දක්ෂතා දැක්වූ තරගකරුවන්ට ගෞරව සම්මාන ලබා දුන් අතර බොහෝ වයස් කාණ්ඩවල තරගකරුවන් ඉතා විශිෂ්ට දක්ෂතා දක්වනු දක්නට ලැබුණි.

සුපිරි පිහිනුම් තරු පහක් ශ්‍රී ලංකාවෙන් සටන් බිමට

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී සුපිරි දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩා…

පාසල් ශූරතාවලියේ ඉහල දක්ෂතා දැක්වූ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නිභාෂි පෙරේරා වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ අතර මීටර 50, මීටර 100 හා මීටර 200 සමනල ආර ඉසව්වල දෙවන ස්ථානය ද, මීටර 50 නිදහස් ආර ඉසව්වේ තෙවැනි ස්ථානය ද ඇය සතු විය.   

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක්‍රිස් පවිත්‍ර වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයේ ශූරතා පහක් තමන් සතුකර ගැනීමට සමත් විය. මීටර 100 හා 200 නිදහස් ආර ඉසව්වලින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ඔහු සමත් වූ අතර මීටර 50 ළය ආර, මීටර 100 නිදහස් ආර, මීටර 50 නිදහස් ආර ඉසව්වල රිදී පදක්කම් දිනා ගැනීමට ද ඔහු සමත් විය.

විසාකා විද්‍යාලයේ රමුදි සමරකෝන් බාලිකා වයස අවුරුදු 17න් පහළ කාණ්ඩයේ රන් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වූ අතර මීටර 50 ළය ආර, මීටර 100 ළය ආර හා මීටර 100 නිදහස් ආර ඉසව් ඇයගේ ග්‍රහණයට නතු විය. කේවල මෙඩ්ලි ඉසව්වෙන් හා මීටර 400 නිදහස් ආර ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගැනීමට ද ඇය සමත් විය.

විසාකා විද්‍යාලයේ ගංගා සෙනෙවිරත්න මීටර 100 හා මීටර 200 පසුපස ආර ඉසව්වෙන් රන් පදක්කම් දිනූ අතර මීටර 100 නිදහස් ආර, මීටර 200 නිදහස් ආර හා මීටර 50 පසුපස ආර ඉසව්වලින් දෙවන ස්ථානය දිනා ගැනීමට ද ඇය සමත් විය.

මයිකල් ෆෙල්ප්ස්ට අභියෝග කළ අවුරුදු 10 සුපර්මෑන්

සුපිරි පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස්ගේ වාර්තා බිඳ දැමීම පහසු කර්තව්‍යයක් නොවේ…

ආනන්ද විද්‍යාලයේ අමෝධ්‍ය දුල්ශාන් රන් පදක්කම් පහක් දිනා ගත් අතර මීටර 50 පසුපස ආර, මීටර 100 පසුපස ආර, මීටර 100 ෆ්ලයි, මීටර 200 ෆ්ලයි හා මීටර 200 කේවල මෙඩ්ලි ඉසව් ඔහුගේ ග්‍රහණයට නතු විය.

ආනන්ද විද්‍යාලයේම සඳෙව් සේනාරත්න රන් පදක්කම් හතරක් හා එක් රිදී පදක්කමක් දිනා ගත් අතර මීටර 100 ෆ්ලයි, මීටර 100 නිදහස් ආර, මීටර 50 ෆ්ලයි හා මීටර 50 නිදහස් ආර ඉසව් ඔහු සතු විය. ඔහුගේ රිදී පදක්කම පැමිණියේ මීටර 200 සමනල ආර ඉසව්වෙනි.

ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ ක්‍රීඩකයින් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ ගැවින් කරුණානායක සමත් වූ අතර වයස අවුරුදු 20න් පහළ කාණ්ඩයේ මීටර 200 සමනල ආර ඉසව්වේ රන් පදක්කමත්, මීටර 200 කේවල මෙඩ්ලි ඉසව්වේ හා මීටර 400 කේවල මෙඩ්ලි ඉසව්වල රිදී පදක්කමත්, මීටර 100 සමනල ආර ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට ඔහු සමත් විය.  

බාලිකා වයස අවුරුදු 20 කාණ්ඩයේ විසාකා විද්‍යාලයේ සඳු සවිදි පළමු ස්ථාන දෙකක් දිනා ගත් අතර මීටර 50 නිදහස් ආර හා මීටර 100 සමනල ආර ඉසව්වල ජය ඇය සතු විය. ඇයට හොඳ තරගයක් ලබා දීමට පොදුරාජ්‍ය මණ්ඩලීය වාර්තා බිඳ දැමූ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ දිල්රුක්ෂි පෙරේරා සමත් විය.

සවිදි හට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෙරේරා රන් පදක්කම් දෙකක් දිනා ගත් අතර මීටර 50 පසුපස ආර හා මීටර 50 සමනල ආර ඉසව් ඇය සතු විය. ඇයගේ එකම රිදී පදක්කම මීටර 50 නිදහස් ආර ඉසව්වෙන් හිමි විය.  

බාලිකා සමස්ත ශූරතාවය දිනා ගැනීමට ලකුණු 333ක් ලබාගත් විසාකා විද්‍යාලය සමත් වූ අතර ලකුණු 307ක් ලබා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල දෙවන ස්ථානය දිනා ගන්නා ලදි.

පහළොස් වතාවක් පාසල් ශූරයින් වූ සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 502.5ක් සමඟින් බාලක සමස්ත ශූරතාව දිනා ගත් අතර ලකුණු 271ක් ලබා ගත් ආනන්ද විද්‍යාලය දෙවන ස්ථානය දිනා ගන්නා ලදි.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<