මහමායා ආධිපත්‍ය බිඳ වැටේ; විශාඛා, Killer Whaleට ජාතික ශූරතා

759
National Swimming 2018

මහනුවර මහමායා බාලිකා විද්‍යාලය පරාජය කරමින් කොළඹ විශාකා විද්‍යාලය 2018 ජාතික පිහිනුම් කිරුල දිනා ගත් අතර පිහිනුම් තටාකය පුරා සිය ආධිපත්‍ය පැතිර වූ Killer Whale ක්‍රීඩා සමාජය ද සිය දෙවන ශූරතාවය දිනා ගත්තේ 2018 ජාතික හා කනිෂ්ඨ ජාතික පිහිනුම් තරගාවලිය සාර්ථකව අවසන් කරමිනි. තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ආදිත්‍ය හා අකිත්මි තෙවන දිනයේ දී වාර්තා පොත් අතරට

ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලියේ තෙවන දිනය අද (3) අවසන් වූ අතර ආදිත්‍ය පෙරේරා හා අකිත්මි වාසලතන්ත්‍රි ජාතික වාර්තා දෙකක් පිහිටුවමින් රන් පදක්කම් දිනා ගැනීම විශේෂ…

තරගාවලියේ සිව්වැනි හා අවසන් දිනය අද (4) නිමා වූ අතර විශාල ලකුණු පරතරයකින් මහමායා විද්‍යාලය පරාජය කළ විශාඛාවෝ ජ්‍යෙෂ්ඨ ජාතික ශූරතාවය ජය ගැනීමට සමත් වූහ.

පසුගිය වසරේ ශූරයින් වූ Killer Whale ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ පළමු දිනයේ තටාකය පුරා සිය ආධිපත්‍ය පැතිර වූ අතර ඔවුන් පිරිමි ජ්‍යෙෂ්ඨ ජාතික ශූරතාව දිනා ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලය පසු කරමිනි.

කොළඹ නාලන්දා විද්‍යාලය ලකුණු 171ක් සමඟින් කනිෂ්ඨ බාලක ශූරතාවය දිනා ගත්තේ මේ වසරේ පාසල් ශූරයින් වූ සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමිනි. බාලිකා අංශයේ අවසන් මොහොත වන තුරුම තියුණු තරගයක් පැවතුණු අතර දින තුනක් පෙරමුණේ සිටි ලයිසියම් ජාත්‍යන්තර පාසල පසුකර යමින් ලකුණු තුනක පරතරයෙන් පළමු ස්ථානය දිනා ගැනීමට සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය සමත් විය.

අවසන් දිනයේ දී තවත් ජාතික වාර්තා ද්විත්වයක් බිහිවුණු අතර ඉන් එක් වාර්තාවක් කේවල වාර්තාවක් වූ අතර අනෙක් වාර්තාව සහය පිහිනුම් වාර්තාවක් විය. බාලිකා වයස අවුරුදු 15න් පහළ මීටර 50 නිදහස් ආර ඉසව්ව 29.25කින් නිමා කරමින් ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ නිශා නිලවීර නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

විශාඛාවෝ මහමායා පසුකරයි; Killer Whale දෙවන ශූරතාවට සූදානම්

2018 ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලියේ දෙවන දිනය අද (2) අවසන් වූ අතර වත්මන් ශූරයින් වන Killer Whale ක්‍රීඩා සමාජය හා 2017 අනුශූරයින් වූ කොළඹ විශාඛා විද්‍යාලය මේ…

දිනයේ දෙවන ජාතික වාර්තාව පිහිටුවීමට බාලිකා මීටර 200 මෙඩ්ලි සහය පිහිනුම් ඉසව්ව 2:10.35කින් නිමා කළ විශාඛා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. පසුගිය වසරේ දී විශාඛා විද්‍යාලයම 2:11.79කින් පිහිටුවා තිබූ වාර්තාව ඔවුන් විසින්ම බිඳ හෙලීමට සමත් වීම විශේෂත්වයකි.    

2018 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයෝ

මෙවර තරගාවලියේ දී සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිස් පවිත්‍ර රන් පදක්කම් තුනක් හා රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ අයි. ඊ. සේනානායක මෙවර සුපිරි තරගාවලියක් අවසන් කළේ රන් පදක්කම් හතරක් හා රිදී පදක්කමක් දිනා ගනිමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ සාන්ත පීතර විද්‍යාලයේ අකලංක පිරිස් තවත් සාර්ථක තරගාවලියක් නිමා කළේ තමන් සහභාගී වූ ඉසව් පහෙන්ම පළමු ස්ථාන දිනා ගනිමිනි.  

කවින්ද්‍ර හා කයිල් පළමු දිනයේම රන් පදක්කම් දිනයි

2018 ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලිය ඊයේ (1) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. තියුණු ඉසව් 11කට පසු වත්මන් පිරිමි කාණ්ඩයේ ශූරයින් වන ‘Killer…

යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභී කයිල් අබේසිංහ Killer Whale ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් රන් පදක්කම් පහක් දිනා ගැනීමට සමත් විය. කයිල්ගේ නායකත්වය යටතේ තරග වැදුණු Killer Whale ක්‍රීඩා සමාජය කණ්ඩායම ජාතික ශූරතාවය දිනා ගැනීම විශේෂත්වයකි.   

කයිල්ගේම කණ්ඩායමේ සගයෙකු වූ ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ කවින්ද්‍ර නුගවෙල එක් රන් පදක්කමක් හා රිදී පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් විය.

ද මැසනොද් විද්‍යාලයේ ආදිත්‍ය පෙරේරා රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදි.

ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ ලකුණු සටහන – කාන්තා

  1. විශාඛා විද්‍යාලය – 272
  2. මහමායා බාලිකා විද්‍යාලය – 148
  3. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 116
  4. මියුසියස් විද්‍යාලය – 105
  5. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය – 73

ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ ලකුණු සටහන – පිරිමි

  1. Killer Whale ක්‍රීඩා සමාජය – 251
  2. ආනන්ද විද්‍යාලය – 171
  3. ගේට්වේ ජාත්‍යන්තර පාසල – 120
  4. සාන්ත පීතර විද්‍යාලය – 109
  5. සාන්ත ජෝසප් විද්‍යාලය – 73

කනිෂ්ඨ කාණ්ඩයේ ලකුණු සටහන – කාන්තා

  1. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය – 160
  2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 157
  3. සාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය – 105
  4. විශාඛා විද්‍යාලය – 103
  5. දෙහිවල ගේට්වේ ජාත්‍යන්තර පාසල – 48

කනිෂ්ඨ කාණ්ඩයේ ලකුණු සටහන – පිරිමි

  1. නාලන්දා විද්‍යාලය – 171
  2. සාන්ත ජෝසප් විද්‍යාලය – 127.5
  3. සාන්ත පීතර විද්‍යාලය -117
  4. ආනන්ද විද්‍යාලය – 85
  5. ද මැසනොද් විද්‍යාලය – 66

 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<