ක්‍රිකට්වලින් සමුගෙන කෝලී පාපන්දුවට?

1287

දැනට ලෝකයේ සිටින හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? මේ ප්‍රශ්නයට පිළිතුරු රැසක් තිබිය හැකි වුවත් ඉන් ප්‍රධානම පිළිතුර ලෙස විරාත් කෝලි අවිවාදයෙන් පිළිගත යුතුය. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය මෙන්ම වේගයෙන් ඔහුගේ ජනප්‍රියත්වය ද වැඩි වන බව දක්නට ඇත. 

2019 වසරේ ආරම්භයේම ලොව මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකුට වාර්තා කල නොහැකි වූ දක්ෂතාවයක් දැක්වීමට කෝලි සමත් වූයේ තම ප්‍රබලත්වය ලොවටම පසක් කරමිනි. ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමන ප්‍රධාන සම්මාන තුනම තමන් සතුකර ගැනීමට කෝලි සමත් විය. ඒ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා හා වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන තුනයි. 

මේ වන විට 30 හැවිරිදි වන කෝලි ලෝකය පුරා අත්කරගෙන සිටින ප්‍රසිද්ධිය අතිමහත්ය. මෙම වසරේ ESPN World Fame 100 ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානය ලබා ගැනීමට කෝලි සමත් විය. එම සටහනේ රෆායල් නඩාල් අටවැනි ස්ථානයේ ද, ටයිගර් වුඩ්ස් දසවැනි ස්ථානයේ ද, ලුවිස් හැමිල්ටන් විසි එක්වන ස්ථානයේ ද රැදී සිටී. ලොව ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස සැලකෙන පාපන්දු ක්‍රීඩකයන්ට අභියෝගයක් වීමට කෝලි මේ වන විටත් සමත්ව ඇත. ඔහුගේ Instagram පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 107 ඉක්මවා ගොස් ඇත. 

 

View this post on Instagram

 

Don’t know about football, but Manchester was blue today! ??? Comprehensive team victory. ✌? #CWC19

A post shared by Virat Kohli (@virat.kohli) on

විරාත් කෝලි යනු පාපන්දු ක්‍රීඩාලෝලියෙක් බව ඔහුගේ රසිකයන් සියලු දෙනාම දන්නා කාරණයකි. තරග 205ක් තුල දී එක්දින ලකුණු 10000 සීමාව පසුකරගිය කෝලි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරග සංචාරයට එක්වීමට පෙර තම පාපන්දු රසිකත්වය හා පාපන්දු ලෝක කුසලානයේ මතක අවදිකිරීමට FIFA.com සමඟින් සාකච්ඡාවකට එක්ව තිබේ. 

ඔබ පාපන්දු ක්‍රීඩා කරන්න පටන්ගත්තෙ කොයි වයසේ දී ද? කොතරම් කල් ඔබ ක්‍රීඩා කළා ද? 

මම වයස අවුරුදු හයේ හතේ ඉදන්ම පාපන්දු සෙල්ලම් කළා. පන්දුවට කකුලෙන් පහර දෙමින් එහේ මෙහේ දුවන සරල දෙයක්. ඒත් ඒ්ක මට ගොඩක් ලොකු විනෝදයක් ගෙනාවා. මගේ කැමැත්ත හා උනන්දුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඒත් අපි පුළුවන් හැමවෙලේම පාපන්දු ක්‍රීඩා කළා. දැන් වුනත් අපි තරගයකට පෙර ව්‍යායාම විදිහට පාපන්දු තමයි ක්‍රීඩා කරන්නේ. පාපන්දු ඇත්තටම විනෝදජනක ක්‍රීඩාවක්. 

ඔබට මතක පළමු පාපන්දු ලෝක කුසලානය කුමක්ද? ප්‍රියතම ලෝක කුසලාන මතකය? 

1998 හා 2002 මට මතකයි. ඒ කාලේ බ්‍රසීලය ක්‍රීඩා කරන ආකාරය බලන්න ගොඩක් ආසයි. මම දැක්කා රොනාල්ඩෝ. ඔහු ඇත්තෙන්ම විශිෂ්ටයි. ඔහුගේ දක්ෂතා ඔහු මනා විදිහට පාලනය කරනවා මම දැක්කා. ඇත්තෙන්ම ඔහු අසමසම ක්‍රීඩකයෙක්. 

මේ දක්වා ඔබේ ප්‍රියතම ක්‍රීඩකයන් කවුද?

රොනාල්ඩෝ, රොනාල්ඩීනියෝ, ඔලිවර් කාහ්න්, ලූකා මෝඩ්‍රිජ්, ඉනිඑස්ටා, මෙසී හා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඒ අතරින් ක්‍රිස්ටියානෝ ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඔහුගේ කැපවීම අධිෂ්ඨානයට සම කළ හැකි කෙනෙක් නෑ. ඔහුගේ උනන්දුව හැම තරගයක දී ම පේනවා. 

රෝහිත් – කෝලි ගැටුම ගැන කෝලි කට අරී

ඉන්දීය නායක විරාත් කෝලි හා ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා අතර යම් මතභේදාත්මක තත්වයක් පවතින බව පසුගිය….

ඔබ හිතන විදිහට හොඳම ක්‍රීඩා ජීවිතයක් තියෙන්නේ කාට ද? ලයනල් මෙසී ද නැත්නම් ක්‍රිස්ටියානෝ ‍රොනාල්ඩෝට ද? 

රොනාල්ඩෝ. මගේ මතය අනුව ඔහු ගොඩක් අභියෝග බාරගෙන තියනවා. ඒවා ජයග්‍රහණය කරලා තියනවා. මම හිතන්නේ ඔහු තමා සම්පූර්ණම ක්‍රීඩකයා. ඔහුගේ ක්‍රීඩා රටාවට සමකළ හැකි කිසිවෙක් නෑ. මම පැවසුවා වගේ ඔහුගේ ක්‍රීඩාව විශිෂ්ටයි. ඔහු මිනිසුන්ට ආදර්ශයක්. මම හිතන්නේ නෑ ගොඩක් ක්‍රීඩකයන් එහෙම කරනවා කියලා. ඔහු නායකයෙක්. මම ඒකට ගොඩක් කැමතියි. ඔහුට ලොකු විශ්වාසයක් තියනවා ඔහුගේ ක්‍රීඩාව ගැන. 

රොනාල්ඩෝ හා මෙසී දැන් 34 හා 32 හැවිරිදි ක්‍රීඩකයන්. ඔබ හිතන විදිහට අනාගතයේ දී ඔහුගේ ඒ ස්ථානයට කවුරු ඒවි ද? හැසාඩ්, ම්බප්පේ, නේමාර්, පොග්බා, සලා, හෝ වෙනත් ක්‍රීඩකයෙක් ද?

මම හිතන්නේ ම්බප්පේට ලොකු අවස්ථාවක් තියනවා. 2018 ලෝක කුසලානයේ දී ආජන්ටිනාව සමඟ තරගයේ දී ඔහු ක්‍රීඩා කළ ආකාරය ඇත්තෙන්ම විශිෂ්ටයි. ඒක අමතක කරන්න බෑ. මම හිතන්නේ ඔහුට අවස්ථාව තියනවා හොඳම ක්‍රීඩකයා වෙන්න. 

ඔබ හිතන ආකාරයට ඉන්දීය පාපන්දු කණ්ඩායමක් ෆිෆා ලෝක කුසලානයට පැමිණීමට කොතරම් කාලයක් ගත වේවි ද? විශේෂයෙන් 2026 ලෝක කුසලානය කණ්ඩායම් 48කට දීර්ඝ කර තිබීමත් සමඟ?

ඇත්තෙන්ම ගොඩක් දුර නෑ. අපි අපේ පාපන්දු ක්‍රීඩාව ගොඩක් දියුණු කරගෙන තියනවා පසුගිය වසර හතර තුල. නව ක්‍රීඩකයන් පාපන්දු ක්‍රීඩාවේ ගමන් මග වෙනස් කරමින් ඉන්නවා. අපේ නායකයා සුනිල් ඡෙට්‍රි කණ්ඩායම ඉතාමත් සැලසුම් සහගතව මෙහෙයවමින් ඉන්නවා. මම හිතන්නේ අපිට ඉක්මනින්ම ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න පුළුවන් වේවි. 

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලයා සුනිල් ඡෙට්‍රිට ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණුහොත් එය ගොඩක් ලොකු පාඩුවක් වේවි නේද?

ඒක ගොඩක් කණගාටුදායක කාරණයක්. ඔහු අපේ රට වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියනවා. ඒ අවස්ථාව කාටහරි ලැබිය යුතු නම් ඒකට හොඳම සුදුස්සා ඔහු. කණ්ඩායම ඔහු වෙනුවෙන් ක්‍රීඩා කරලා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත යුතුයි. ඔහු සැබැවින්ම ශූරයෙක්. 

ඉන්දියාව හැරුණුකොට ඔබ කැමති කණ්ඩායම් තියනවා ද? රටවල් හෝ සමාජ? 

මම ගොඩක් කැමති පෘතුගාලය ක්‍රීඩා කරනවා බලන්න. ඔවුන් ඔවුන්ගේ සම්පත් නියමාකාරයෙන් කළමනාකරණය කරනවා ක්‍රිස්ටියානෝ කේන්ද්‍ර කරගෙන. ඔවුන් නියම රිද්මයෙන් හා විස්වාසයෙන් ක්‍රීඩා කරනවා. මම කැමතියි ඔවුන් ක්‍රීඩා කරනවා බලන්න. නැත්නම් දක්ෂතාවය අතින් ප්‍රංශය ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් ගොඩක් ශක්තිමත්. මම දැන් Juventus කණ්ඩායමට තමයි සහය පලකරන්නේ. ඒ ක්‍රිස්ටියානෝ නිසා. මම ඔහු ක්‍රීඩා කරන හැම කණ්ඩායමකටම සහය දෙනවා. 

ලෝක ටෙස්ට් ශූරතාවයේ ඔබ දැනගත යුතු සියලු දේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (29) ලෝක ටෙස්ට් ශූරතාව නිල වශයෙන් ආරම්භ කළේ සාම්ප්‍රදායික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට….

ඔබ මොන වගේ පාපන්දු ක්‍රීඩකයෙක් ද? ඔබට මොන ක්‍රීඩකයන්ගේ ලක්ෂණ ද තියෙන්නේ?

මම හැමතැනම ක්‍රීඩා කරනවා! (සිනාසෙමින්) මම attacking midfielder කෙනෙක් හෝ winger කෙනෙක් විදිහට තමයි වැඩියෙන්ම ක්‍රීඩා කරන්නේ. මොකද මම කැමති පන්දුව අරන් දුවන්න. මම ලකුණු ලබා ගන්නත් උත්සාහ කරනවා. ඒත් මම ගොඩක් පන්දුව නියමාකාරයෙන් ක්‍රීඩකයන්ට යොමු කරලා ක්‍රීඩා කරන්න ආසයි. මම හිතන්නේ මම මොන ක්‍රීඩකයෙක්ටවත් සමාන කරන්න බෑ. මම ඔවුන්ගේ සියයට එකක්වත් නෑ. මම ක්‍රීඩා කරන්නේ විනෝදයට විතරයි. 

ඔබ දැන් කෙතරම් පාපන්දු නරඹනවා ද? 

සමාන්‍යයෙන් මම පාපන්දු බලනවා. පාපන්දු මට කුතුහලයක් ගේනවා. මම ඒකට ආසයි. 

ඔබ දැන් ඉන්දීය සුපර් ලීග් තරගාවලියේ FC Goa කණ්ඩායමේ සම හිමිකරුවෙක්. ඔබ හිතනවා ද ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ පාපන්දු වලට වැඩිපුර සම්බන්ධ වේවි කියලා?

ඔව්. මම හිතනවා මම පාපන්දුවලට සම්බන්ධ වේවි. පාපන්දු ක්‍රීඩාව ඉන්දියාවේ ලොකු ප්‍රසිද්ධියක් ලබා ගනිමින් තියනවා. මම කැමතියි ඒක තවත් වැඩි වෙනවා නම්. ඒක ගොඩක් ලොකු දෙයක් වේවි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<