මුල් තරග අභියෝගාත්මකයි – විරාත් කෝලි

254

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි. කණ්ඩායම් 10ක් තරග වදින මෙවර ලෝක කුසලානයේ මූලික වටය තරග 45කින් සමන්විතයි.

කණ්ඩායම් 10ම ලීග් තරගයක් ලෙස මුල් වටයේ දී අනෙක් කණ්ඩායම් 9 සමගම තරග වදිනු ඇත. මූලික වටයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩා කරනු ඇත. ලෝක ක්‍රිකට් කිරුළ සඳහා තරග කරන කණ්ඩායම් සියල්ලම පාහේ මේ වන විට තම අවසන් පුහුණු කටයුතු වල යෙදී සිටී.

ශසාඩ් – නයිබ් අයර්ලන්තයෙන් පළිගනියී

මීට දින දෙකකට පෙර සත්කාරක අයර්ලන්තය හමුවේ ලකුණු 72ක පරාජයකට මුහුණ දුන් ඇෆ්ගනිස්තානු…

ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ ප්‍රබලම කණ්ඩායමක් වනු ඇතැයි බොහෝ දෙනා දැනටමත් මත පලකර ඇති අතර හිටපු නායක කපිල් දේව් පවා ඔවුන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

ඉන්දියාවේ ලෝක කුසලාන සූදානම පිළිබඳව ඉන්දීය නායක විරාත් කෝලි පසුගිය දා අදහස් දක්වා සිටියා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවර ලෝක කුසලානය පැවැත්වෙන තරග රටාව හා තමන්ට තරගාවලියේ මුල් අදියරේ මුහුණ දීමට සිදුවී ඇති කණ්ඩායම වල ප්‍රබලත්වය නිසාවෙන් තමන්ගේ ආරම්භ තරමක් දුෂ්කර වනු ඇති බවයි.

ලීග් තරග රටාව නිසා තරග 9 අවසානයේ වඩාත්ම ස්ථාවර කණ්ඩායම් 4 ඉදිරියට යනු ඇත. ඒ අනුව සියලු කණ්ඩායම් තමන්ගේ මානසික මෙන්ම ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගනිමින් තරගාවලියට මුහුණ දීමට උත්සාහ කරනු ඇත.

“මේක තමයි වඩාත්ම තරගකාරීම හා අභියෝගාත්මකම ලෝක කුසලානය. මේ තරග රටාව එයට හේතුවයි. හැම කණ්ඩායමක්ම ප්‍රබලයි. ඒ හැමෝම හොඳට ක්‍රීඩා කරන කණ්ඩායම්” පසුගිය 21 වැනිදා එංගලන්තය බලා පිටත්වීමට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී කෝලි පවසා සිටියා.

“ඇෆ්ගනිස්තානය වුනත් 2015 ඉඳන් ලොකු දියුණුවක් ලබාගෙන තියනවා. හැම තරගයක දී ම අපේ උපරිමය කරන්න වෙනවා.”

අන්නාසි මාමාගෙන් උගත් ක්‍රිකට්

දිනය පෙබරවාරි මාසයේ එක් දිනයකි. වැඩ නිමවී වෙහෙස නිවාගන්නට සිතා මම ටොරින්ටන් චතුරස්‍රය…

මූලික වටයේ දී මුල්ම තරග 4 දී ඉන්දියාවට දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා පාකිස්තානය මුණගැසීමට නියමිතය. මේ පිළිබඳව කෝලි පවසා සිටියේ ප්‍රතිවාදී කණ්ඩායම් සියල්ලම ප්‍රබල ලෙස ක්‍රීඩා කරන කණ්ඩායම් බවයි.

“මේ තරග රටාවේ හොඳ දෙයක් තමයි තරග දෙකක් අතර තියන දවස් ගණන වැඩි වීම. ක්‍රීඩකයන්ට ලොකු ගැටලුවක් වෙන්නේ නැති වෙයි ආබාධ ඇතිවීම. නැවත වරක් සංවිධානය වෙලා තරග කරන්න කාලය තියනවා. ප්‍රබල තරග 4ක් තමා මුලින් තියෙන්නේ. අපේ ගමන ඒ තරග වලින් තීරණය කරන්න පුළුවන් වේවි. අස්ථාවර වෙන්න කිසිම ඉඩක් නෑ. ඒක තමයි ලෝක කුසලානයේ ස්වභාවය. තරගයට එනකොට හොඳින් සූදානම් වෙලා එන්න වෙනවා. ඒක තමයි අභියෝගය.”

“අපිට හැමවෙලේම නැවත සංවිධානය වෙන්න වෙලාව තියනවා. මීට වසර දෙකකට පෙර එංගලන්තයේ දී Champions Trophy අවසන් තරගයේ දී අපි පාකිස්තානයට පරාජය වුනා. ඒත් ඕවර් 50 ලෝක කුසලාන තරගාවලිවල දී පාකිස්තානයට එරෙහිව අපි අපරාජිත කණ්ඩායමක්.” තම ප්‍රබලතම ප්‍රතිවාදියා වන පාකිස්තානය පිළිබඳව කෝලි එලෙස අදහස් දක්වා සිටියා. ඔහු තවදුරටත් පැවසුවේ පාකිස්තානය සමඟ තරගයට තමන්ගේ සැලසුම්වල වෙනසක් නැති බවයි.

ඉතිහාසයේ වැඩිම මාධ්‍ය ආවරණය ක්‍රිකට් ලෝක කුසලානයට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ විකාශන කටයුතු පිළිබඳව…

“අපි වෙන වෙනම කණ්ඩායම් වලට සැලසුම් සකස් කළොත් අපිට අපේ කණ්ඩායමේ අභ්‍යන්තර සැලසුම් ගැන බලන්න වෙන්නේ නෑ. අපේ සැලසුම් හා සූදානම වෙනස් වෙන්නේ නෑ. අපේ කණ්ඩායමේ දක්ෂතා හා අඩුපාඩු ගැන වැඩි අවදානයක් යොමු කරන්න ඕන. ඒ ඒ ප්‍රතිවාදී කණ්ඩායම එක්ක අපේ කණ්ඩායම කොහොමද සෙල්ලම් කරන්න ඕනෙ කියලා විතරයි අපි සැලසුම් කරන්නේ.”

ඉන්දියාවේ ලෝක කුසලානය හඹා යාම ජුනි 5 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ සවුත්හැම්ප්ටන් හි පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.

ලෝක කුසලානයට සහභාගි වීමට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාව

ලෝක කුසලානයට සහභාගි වන ඉන්දීය කණ්ඩායම

රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, විරාත් කෝලි, ලෝකේශ් රාහුල්, මහේන්ද්‍ර සිං දෝනි, විජේ ශංකර්, දිනේශ් කාර්තික්, හාර්දික් පාන්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, කේදාර් ජාදව්, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, ජාස්ප්‍රිට් බුම්‍රාහ්, බුවනේස්වර් කුමාර්, යුස්වේන්ද්‍ර චාහල්

මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු වන ThePapare.com අප ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ  වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<