විනෝද් සහ ටානියා සිය ශූරතා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නැවත කරළියට

123

ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් පිටියේ ප්‍රමුඛතම තරගාවලිය වන 2018 ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය තරගාවලිය එළඹෙන ජනවාරි මස 2 සිට 4 දක්වා ‘Royal Colombo Golf Course’ හිදී පැවැත්වීමට නියමිත ය.

අඛණ්ඩව 11 වන වසරටත් මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ‘Prima Ceylon’ සමාගම ඉදිරිපත් වී ඇති අතර ඒ අනුව ඔවුන්ගේ ප්‍රමුඛ සන්නාමයක් වන ‘Prima Sunrise’ හරහා එය බලගැන්වෙනු ඇත.

ශ්‍රී ලංකා ප්‍රවීණයෝ විදෙස් ක්‍රීඩකයින් පරාජය කරමින් රන් 10ක් දිනයි

ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය වූ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් ….

මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩාව බලගැන්වීමට දායකත්වය ලබා දුන් ‘Ceylon Agro Industries’හි සාමාන්‍යාධිකාරී ශුන් ටියැන් ෂිංග් මහතා විසින් තරගාවලියේ අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති විශ්‍රාමලත් එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා වෙත ලබා දෙන ලදි.

කලාපීය වශයෙන් පැවැත්වෙන තරගාවලිවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ජාතික මට්ටමේ දී පරීක්‍ෂාවට ලක් කෙරෙන මෙම තරගාවලියේ ප්‍රතිඵල කනිෂ්ඨ ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් සඳහා ඉවහල් කර ගනු ලැබේ. ඒ අනුව මෙම තරගාවලියේ ශූරතාවය හිමිකරගන්නා ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් ශූරයින් ලෙස තරගාවලිය අවසානයේ අභිසෙස් ගන්වනු ලබති.  

සුපුරුදු පරිදි මෙම වසරේ දී ද තරගාවලිය පවත්වනු ලබන්නේ වයස අවුරුදු 15-18 කාණ්ඩය (රන් කාණ්ඩය), වයස අවුරුදු 12-14 කාණ්ඩය (රිදී කාණ්ඩය), වයස අවුරුදු 10-11 කාණ්ඩය (ලෝකඩ කාණ්ඩය) සහ වයස අවුරුදු 9 කාණ්ඩය (තඹ කාණ්ඩය) යන කාණ්ඩ 4 ඔස්සේ ය. එමෙන්ම තරගාවලිය පැවැත්වෙන්නේ නියමිත ’18-hole’ ක්‍රමය යටතේ ය.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින පසුගිය වසරේ ජාතික කනිෂ්ඨ ශූරතාවය දිනා ගත් විනෝද් වීරසිංහ මෙවර තරගාවලියේ දී ද තම ශූරතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දිවයින බලා පැමිණීමට අපේක්‍ෂිත ය. ඒ අනුව පසුගිය වසර 2 පුරාවටම මෙම ශූරතාවය හිමිකරගත් මේ වන විට කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම පසුවන විනෝද් මෙවර තරගාවලියේ ද ශූරතාවය දිනා ගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියට ඩයලොග් වෙතින් අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සපයන්නා වන ඩයලොග් ආසිආටා ….

කෙසේ නමුත් එස්. දුවර්ෂන්, ආරොන් අස්ලාම්, නිරේක් තේජ්වනි සහ යැනික් කුමාර යන ක්‍රීඩකයින්ගෙන් ඔහුට මෙවර විශාල අභියෝගයක් එල්ල වනු නොඅනුමාන ය.

කාන්තා අංශයේ දී ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම පසුවන ටානියා මිනෙල් බාලසූරිය සහ කයිලා පෙරේරා අතර නැවත වරක් සුපුරුදු පරිදි කරට කර තරගයක් පැවැත්වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

තරගාවලියේ අනෙක් වයස් කාණ්ඩවල දී කේ. දනූෂන්, ශනාල් ඉනුෂ්ක, ලෙවෝන් නියරේපොළ, රෙෂාන් අල්ගම, ෂෙරින් බාලසූරිය, කාවින්ද සමරසේකර, එම්. ලිදුර්ෂන්, එම්. එස්. සංජේ, සී. ධරනියන් යන ක්‍රීඩකයින් දක්‍ෂතා අතරට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඒ අනුව මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීමට අගනා අවස්ථාවක් හිමිවන අතර ඔවුන් එයින් උපරිම ප්‍රයෝජනය ලබාගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. තරගාවලිය අතරතුර සුපුරුදු පරිදි ‘Prima Sunrise’ විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පෝෂණය ලබා දීමට කටයුතු කරනු ඇත.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <