2018 විජයබාහු මොටෝක්‍රොස් නවමු වෙනසකින්

452

ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 16 වැනි වරටත් සංවිධානය කරනු ලබන, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශිෂ්ටතම යතුරුපැදි ධාවන තරගාවලියක් වන “විජයබාහු මොටෝක්‍රොස් 2018” තරගාවලිය ජුනි මස 17 වැනිදා කුරුණෑගල විජයබා පාබල රෙජිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

කිරුළු බිඳ වැටෙන තරගකාරී සීගිරිය රැලික්‍රොස් තරගාවලිය

ශ්‍රි ලංකාවේ එකම රැලික්‍රොස් (Rallycross) තරගාවලිය වන සීගිරිය රැලික්‍රොස් තරගාවලිය එළඹෙන මැයි 27 වන දා, සීගිරිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ධාවන පථයේ දී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ යතුරුපැදි ධාවකයන්ගේ හා වයඹ පළාතේ මෙන්ම දිවයින පුරා විසිරී සිටින යතුරුපැදි ධාවකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් 2000 වර්ෂයේ දී පළමු වරට මෙම තරගාවලිය පවත්වා ඇත.

කුරිරු යුද්ධයේ දී ත්‍රස්තවාදීන් හමුවේ අභීතව සටන් වැදී ජාතිය වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත තත්වයට පත්වූ සහ දැනට සේවයේ යෙදී සිටින විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම උදෙසා මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

ඉශාන් දහනායක, ඉවෝන් ගුරුසිංහ, ජැක්ස් ගුණවර්ධන, සමීර ප්‍රේමරත්න, නිහාල් විජේරත්න, ලහිරු ජීවන්ත, බුද්ධික සිල්වා, ගයාන් සඳරුවන් වැනි දේශීය මට්ටමේ දක්ෂයින් හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලියට සහභාගි වීමට සූදානම්ව සිටී.

අශාන් නව වාර්තාවකට රථය ධාවනය කරයි

වලවේ සුපර්ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක දී තත්පර 52.25ක කාලයකින් එක් වටයක් නිමා කරමින් අශාන් සිල්වා නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (25) පැවති අතර විජයබා මොටෝක්‍රොස් 2018 තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන මහතා එහි දී අදහස් දක්වමින් පවසා සිටියේ,

“තරගකරුවන් 100ක් පමණ මේ තරගාවලියට සහභාගි වන අතර විදේශීය තරගකරුවන් කිහිප දෙනෙක් ද මේ යතුරුපැදි ධාවන තරගයට එක්වෙනවා. ලංකාවේ තියෙන ඉතාමත් දැකුම්කළු, අලංකාරවත්, දුෂ්කර ධාවන පථයක් තමයි මේක. ඕනෑම තැනක ඉඳලා මුළු ධාවන පථයම නරඹන්න පුළුවන් ලෙස මේක හදලා තියෙන්නේ.”

මෙවර සකස් කර තිබෙන ධාවන පථය කිලෝමීටර 2.1ක දුරකින් යුක්ත වන අතර වංගු 12ක්, ද්විත්ව පිමි 9ක්, ටේබල් ටොප්ස් 4ක් හා ඒකල පිමි (Bumps) 4ක් අන්තර්ගත කර ඇත.

“යතුරුපැදි ධාවකයින්ට නියම වටිනාකමක් ලබා දෙන තැනක් මේක. අපි මේ යතුරුපැදි ධාවන තරග ඉසව්ව සංවිධානය කිරීමට සංගමයක් ලෙස ශ්‍රී ලංකා විජයබාහු පාබල රෙජිමේන්තුවත් එක්ක එකතු වෙන්නේ ඉතාමත් කැමැත්තෙන්, සතුටෙන්.” යැයි මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ සභාපති උපාලි දසනායක මහතා පැවසීය.

මින් පෙර පැවති විජයබාහු මොටෝක්‍රොස් තරගාවලි හරහා රැස්කරගත් අරමුදල් විජයබා පාබල රෙජිමේන්තු සාමාජිකයන්ගේ පවුල් සඳහා නිවාස තනාදීම, නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා පරිත්‍යාගය කර ඇත.

තරග පෙළගැස්ම

  • ප්‍රදර්ශනාත්මක තරගය – 50cc වයස අවුරුදු 5-10
  • 50cc – 65cc (2T) – වයස අවුරුදු 7-10
  • 65cc – 85cc (2T) – වයස අවුරුදු 9-12
  • 79ccට වඩා වැඩි 85cc (2T) තරගය හා 100cc – 150cc (4T) වයස අවුරුදු 15ට අඩු – පළමු තරගය
  • 79ccට වඩා වැඩි 85cc (2T) තරගය හා 100cc – 150cc (4T) වයස අවුරුදු 15ට අඩු – දෙවන තරගය
  • 125cc ස්ටෑන්ඩර්ඩ්/මොඩිෆයිටඩ් 100cc 125cc (2T) – විවෘත
  • SS 125cc ස්ටෑන්ඩර්ඩ්/මොඩිෆයිටඩ් 100cc 125cc (2T) – යුද හමුදා නිලධාරීන්
  • SS 125cc ස්ටෑන්ඩර්ඩ්/මොඩිෆයිටඩ් ට්‍රේල මෝටර් බයිසිකල් 125cc (2T) – 250cc (4T) – පළමු තරගය
  • SS 125cc ස්ටෑන්ඩර්ඩ්/මොඩිෆයිටඩ් ට්‍රේල මෝටර් බයිසිකල් 125cc (2T) – 250cc (4T) – දෙවන තරගය
  • 100ccට වැඩි 125ccට අඩු (2T)
  • 100ccට වැඩි 125ccට අඩු (2T) හා 175cc -250cc (4T) – පළමු තරගය
  • 100ccට වැඩි 125ccට අඩු (2T) හා 175cc -250cc (4T) – දෙවන තරගය
  • දිගුම පිම්ම (මේ සඳහා වෙනමම තරග ඉසව්වක් නොපවත්වන අතර ඒ ඒ ඉසව්වල දී ලබාගන්නා දිගුම පිම්ම ගණනය කර ජයග්‍රාහකයා තීරණය කරනු ඇත.)

“විජයබාහු මොටෝක්‍රොස් 2018” තරගාවලියේ අනුග්‍රාහක භවතුන් ලෙස TVS ලංකා පුද්ගලික සමාගම, ඒසර් මාර්කටින් සමාගම, ශ්‍රී ලංකා ඉන්ෂූවරන්ස්, MAS හෝල්ඩින්ග්ස් සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් අනුග්‍රාහකත්වය දක්වනු ලබයි.

මෙම අවස්ථාව සඳහා අනුග්‍රාහකත්වය දක්වන ඒ ඒ ආයතනවල මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා පැමිණ සිටිහය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<