බෝම්බ හමුවේ එදා නොසැලී පදක්කම් දිනූ ඇය නැවතත් ලක් මව බබළවයි

5117

2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව පසුගිය දා (17) ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද (19) අවසන් ඉසව්වට සහභාගී වූ විදූෂා ලක්ෂානි තුන් පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 

සුමේදගේ හෙල්ල රන් පදක්කමකින් නවතී

2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව …

වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතයේ සිටින එකම කාන්තා නියෝජනය වන විදූෂා අද තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මීටර 13.03ක දක්ෂතාවයක් දක්වමිනි. 

නිමා වූ 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වූ විදූෂා එහි දී ශ්‍රී ලංකාවට තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ද සමත් විය. අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ දී ඇය විසින් එම පදක්කම දිනා ගත් අතර තරගයට පසුව එදා ඇය පවසා සිටියේ දුකින් පසුවෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇය මෙම පදක්කම ජයග්‍රහණය කළ බවයි. 

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාගෙන් නැවතත් රන් පදක්කමක්

2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව ……

අද ලබා ගත් පදක්කමත් සමඟින් මේ වසර තුල පදක්කම දෙකක් දිනා ගැනීමට ඇය සමත් වී සිටියි.

විදූෂා මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් හි 51 වැනි ස්ථානයේ පසු වන අතර ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ඇයට 32 වැනි ස්ථානය දක්වා පැමිණීමට හෝ මීටර් 14.20ක දුරක් පැනීමට සිදු වනු ඇත. ඇය අද දැක්වූ දක්ෂතාවයත් සමඟ ඇයට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ද පැමිණීමට හැකි වනු ඇත.

අරුණ සහ පාරමි ක්‍රීඩා දිවියේ උච්චතම සම්මානවලින් පිදුම් ලබයි

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවිධානය වන ඉහළතම ක්‍රීඩා ….

ඇය දැක්වූ මෙම දක්ෂතාවයත් සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ සියලුම ක්‍රීඩකයන් පදක්කම් දිනා ගැනීම විශේෂ සිදුවීමකි. මීට පෙර තරග වැදුණු සුමේධ රණසිංහ හා හිමාෂ ඒෂාන් ඔවුන් සහභාගී වූ ඉසව්වන් හී රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.   

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<